දඬු මොණරු 12

657 109 16
                                    

හවස හය හමාර වගේ වෙද්දි මමයි මල්ලියි ලෑස්ති වෙලා යද්දි හසයි එයාගෙ මල්ලි සෙනාල් මල්ලියි දෙන්නත් පාරට ආවා. චවිය අපි දෙන්නගේ වගේම මල්ලිලාගෙත් යාළුවනෙ, ඌට වයස් භේදයක් නෑ හැම එකාම යාළුවෝ තමයි, ඔය පොඩි පොඩි ඇච්චෝ බැච්චෝ පවා ඌට හෙන ආදරෙයි.අපි හතර දෙනාම ඔහේ කතා කර කර චවියගේ ගෙදරට ගියා, මමයි මල්ලියි මේ එහෙ යන පළවෙනි වතාවනෙ, අපි යද්දි මම බලාපොරොත්තු උන කෙනා නම් හිටියෙ නෑ, චවියයි, දුවී අයියයි එයාලගෙ අම්මයි තාත්තයි තමයි හිටියෙ. මං අද තමයි ඒ නැන්දයි මාමයි දෙන්නව මුලින්ම දැක්කෙත්.

"අනේ මේ ළමයි ඇවිත්නේ. නංගි ගෙදරද පුතේ "

" ඔව් නැන්දේ "

" පොඩි එකීට යද්දි කෑම මොනා හරි අරන් යන්න...... එතකොට මේ අපේ අනෝමා නංගිගෙ ළමයි දෙන්නද , මේ බලන්නකො එයි යස ඉළන්දාරි දෙන්නෙක්නෙ "

" ඒක තමයි මාලනී කොහෙද ඉතින් අපි දැක්කෙත් අදමනේ "

චවියගෙ අම්මයි,තාත්තයි දෙන්නම හරිම හොඳයි. හැබැයි චවියට නම් අම්මගෙන් දිගට හරහට ගුටි ලැබෙනවලු.හොඳ වැඩේ පගයගෙ පණ්ඩිතකම් වලට.

"තඹර අයිය ආවෙ නැද්ද බං. මට එයාටත් එන්න කිව්වනේ. මං හිතුවෙ උඹලත් එක්ක එයි කියලා "

" නෑනෙ බං මුකුත්ම කිව්වෙත් නෑනේ "

" එහෙනම් සමහර විට රෑ වෙලා එයි. ඒකා ටිකක් අමුතුයිනෙ ඉතින්. අයියගෙ යාලුවො එයි කියලා හිතල එන්න අදිමදි කරා "

අපි ගිහින් ටිකක් වෙලා යද්දි සර්ලා දෙන්නත් ආවා. එයාල නම් තෑගි පාර්සල් දෙකක් අරන් ආවේ, ඔව් ඉතින් අර යකා අපිට කිව්ව වගේ සර්ලා දෙන්නට තර්ජනේ කරයියැ තෑගි අරන් ආවොත් කේක් කුඩු ටිකක් වත් දෙන්නේ නෑ කියල.

චවියගෙ ගේ තට්ටු දෙකට හදපු ලොකු ගෙයක්.ඒකගෙ කාමරේ තිබ්බෙත් උඩ තට්ටුවේ නිසා අපි කට්ටිය උඩට වෙලා උඩ තිබ්බ සෝෆා එකේ ඉඳගෙන ඔහේ කතා කර කර හිටියා. චවියගෙ අම්මයි චවියයි දෙන්නත් එක්ක කේක්, බිස්කට්, කෙසෙල් එක්ක බීම ගෙනත් තිබ්බ අපිට.

අපි උඩ ඉද්දී තමයි මට ඇහුනේ බයික් වගයක් ඇවිත් පහළ නතර කරනවා......

දඬු මොණරු Where stories live. Discover now