දඬු මොණරු 18

625 95 62
                                    

"මොකද උනේ ඊයේ අරක කතා කරාද"

"නෑ බං හම්බවෙන්න වෙලාවක් තිබ්බෙ නෑ, අදත් බැරි වෙයි, යශ් අයියා යාළුවෙක්ගෙ වෙඩින් එකකට යනවා කිව්ව, එහෙම උනොත් හෙට තමයි කතා කරන්න වෙන්නේ"

පහුවෙනිදා ඉස්කෝලෙදි අරුන් දෙන්න මුලින්ම ඇහුවෙ ප්‍රශ්නෙ විසඳ ගත්තද කියල. කොහේ විසඳ ගන්නද ඉතින්.

"මොනව උනත් කමක් නෑ ඉක්මනින් ඕක විසඳ ගනින්. මොකක්ද අර දමිත් අයියා උබල දෙන්නව හප්පන්න හැදුව කිව්වෙ"

"උබ ඕක යශ් අයියට ආරංචි වෙන්න නම් කියන්න එපා, මං හින්දා යාළුවෝ අතර ප්‍රශ්න ඇති වෙයි"

"හරි හරි බං මම කියන්නෙ නෑ, ඒ උනාට ඔය ගෑණියි මිනිහයි රඟනවා වැඩි"

"ඒක නම් ඇත්ත චවියෝ, කොයි වෙලේ හරි ඕකුන් දෙන්න පස්ස බිම ඇන ගන්නවා. මමත් මේ නේත්‍රයට කිව්වෙ පොඩ්ඩක් ඉවසලා පරිස්සමින් ඉමු කියල"

"අඩෝ අර බලපන් අනූප සර් උදේම වැඩ අල්ලලා"

චවියා එක පාරටම කෑ ගහද්දි අපිත් බැලුවේ ඒ පැත්ත. අනූප සර් නැටුම් මිස් එක්ක ලොකු කතාවක්. අපි අහල පහල ඉන්න එක වත් එයාට සිහියක් නෑ. මේ වෙලාවේ බිම් මල කොහෙද දන්නෙ නෑ පිපිලා ඉන්නෙ. අපි තුන් දෙනා ඉතින් එයාලට කරදර නොකර පිට්ටනිය පැත්තට ආවා.

"අරකි අදත් ඇගේ එල්ලෙන්න ආවොත් තල්ලු කරලා දාපන් හොඳේ"

හිච්චි රොයිටරේ එහෙම කියාගෙන හසා එක්ක උන්ගේ නිවාසේ කට්ටිය ඉන්න පැත්තට ගියා. මූ මෙහෙම හිටියට හෙන දරුණුයි.



"මේ ඒක නෙවෙයි යශ් අය්යලා පෝයට සමන් දේවාලේ යනවා කිව්ව, උබල දෙන්නටත් එන්න කිව්වේ"

"අපේ අයියත් කිව්ව ඕක නම්"

"මේ මටත් එන්න කිව්වද බං, ඒක නම් විශ්වාස කරන්න අමාරුයි"

"ඇයි උබ එහෙම කියන්නේ"

"නෑ ඉතින් එයාලා මං එක්ක තරහයිනෙ"

"එහෙම තරහක් නෑ බං කතා නොකලට, යමන් යමන් අපිත් යනවනෙ"

"ම්ම්ම් බලමුකො,එදාට වැඩත් නෑ හැබැයි"

අපි ඉන්ටවල් එකේදි කාලා අත හෝදන්න යද්දි තමයි මට මතක් උනේ සිකුරාදා ගමන ගැන. චවියා අපි තුන් දෙනාටම ලොකු බත් ගෙඩියක් උස්සන් එනවනේ හැමදාම.

දඬු මොණරු Where stories live. Discover now