දඬු මොණරු 15

681 97 41
                                    

"රිද්දන්න හිතුවෙ නෑ බං"

තුවාල වෙලා තියෙන මගේ තොල් වලට හෙමින් පිබල ඉවර වෙලා මාව පපුවට තුරුල් කරන් එයා කිව්වෙ රිද්දන්න හිතුවෙ නෑ කියල, ඒත් මට නොසෑහෙන්න රිදුනා. හිතට, ගතට දෙකටම. එයා ඈතින් හිටියත්, ළඟට ආවත් මට රිදුන එක විතරයි උනේ.......

"අනේ අඬන්න එපා බං,දැන් ඇති.කෝ ඔය මූණ පිහිද ගනින්.උබත් හරි මුරණ්ඩුයි බං. මගෙ කේන්ති අවුස්සගන්නේ නැතුව හිටිය නම් ඉවරයිනෙ"

මං දිගටම ඉකි ගහද්දි එයා මාව තුරුල් කරන් කියෝනව. මනුස්සයෙක්ට තමන් ගැනම අනුකම්පාවක් දැනුනම ඒක දරා ගන්න හරිම අමාරුයි. මමත් දැන් ඉන්නෙ මං ගැනම ලොකු දුකක් හිතේ තියාගෙන. ඒ නිසයි මේ ඉකි ගැහි ගැහී ඇඩෙන එක වත් මට නවත්ත ගන්න බැරි......

"නේත්‍ර..... ඇඩුව ඇති නැද්ද බං"

ආයෙත් විනාඩි ගානකට පස්සෙ එයා අහද්දි මං ඒ පපුවෙන් ඈත් උනා. අත් දෙකෙන්ම කදුළු පිහදාගෙන මං නැගිට ගත්තේ ගෙදරට යන්න ඕන නිසා.

"දැන් ආයෙත් ගෙදරට ගිහින් අඬන්නේ නැතුව හැම දෙයක්ම අමතක කරල නිදා ගන්න. මං සමාව නම් ඉල්ලන්නේ නැහැ පුතෝ. මොකද උබම තමයි මාව යකා කර ගත්තේ.අනිත් දවසෙ වත් මුරණ්ඩු කම් නොකර ඉදින්"

යකාම තමයි ඉතින්, කොයි වෙලේ හරි උඹේ පෙදේ ගලෝලා තමයි අයියෙ මං පස්ස බලන්නේ. දැනුත් මේ මගේ අත පය රිදෙන නිසයි පාඩුවේ හිටියෙ. ආයේ දවසක අපි බලගමුකෝ.

"යමු මං ගේ ළඟට එන්නම්"

මං ඉස්සර වෙලා යද්දි එයා පස්සෙන් ආවේ මගේ අතක් අල්ලගෙනමයි. ගේ ලං වෙද්දී මං ඉස්සරහට ගියත් එයා මඟ නැවතිලා මගේ අතින් මාව පිටි පස්සට ඇද්දා. ඒ ගමන මං ගිහින් නැවතුනේ ඒ පපුවේ වැදිලා. එයා අත් දෙකම මගේ ඇග වටේ යවලා මගේ පිට එයාගෙ පපුවට තද කර ගත්තා. ඊට පස්සේ කණ ළඟට නැමිලා මුමුණන්න ගත්ත....

"මගේ ඇටිකිච්ව, උබ මගේ විතරයි බං, ඒ නිසයි මට මෙච්චර කේන්ති යන්නෙ. ඒ නිසා ආයෙත් වෙන උන් එක්ක මුකුළු කරන්න කලින් මතක් කර ගනින් උබට අයිතිකාරයෙක් ඉන්නවා කියල. නිකන් නෙවෙයි යකෙක් වගේ එකෙක්. උබ එදා කිව්ව වගේ උබව පාට කරන්න පුළුවන් එකම සිත්තරා මං විතරයි.වෙන එකෙක්ගේ පින්සල් තුඩක් තියා ඇස් බැල්මක් වත් උබට වැදෙනවට මං කැමති නෑ...... දැන් මගෙ මැණික ගෙට යන්න, ගිහින් අඬන්නේ නැතුව නිදා ගන්න "

දඬු මොණරු Where stories live. Discover now