දඬු මොණරු 35

523 79 15
                                    

"ඔය සංගීත ප්‍රස්තාර අදිනවා වගේ නෙවෙයි සුදු අයියෙ පොළවේ කෝටු හිටවන එක. මේ බලන්නකෝ මේක අර පැත්තට ඇද වෙලා, මේක මේ පැත්තට ඇද වෙලා, එතකොට අරක රුවිතෙට ගිහින්, එතකොට මේ....... නෑ නෑ තුහින අය්යේ කිසී..... ම වැරැද්දක් නෑ ඔයා දිගටම කරගෙන යන්න"

හිනා මල බිම් මලගෙ වැඩ නිරීක්ෂණය කර කර ඔහේ කියවන්න ගත්ත. හැබැයි ඒකා දැක්කෙ නෑ බිම් මල ඉනට අත් දෙක තියන් රවාගෙන ඉන්න හැටි. පස්සෙ ඉතින් මොකක් හරි වාසනාවකට ඒකා බිම් මල දිහා බලද්දි දැක්කෙ ඉන්න විදිය. එයා ඉතින් එයාගේ මනුස්ප පරානේ ගැන අපිටත් වඩා දන්න නිසා වෙන්න ඇති ශේප් එකේ එතනින් මාරු වෙලා දුවී අයියාගේ අස්සට රිංග ගත්තේ. නැත්නම් ඉතින් තව ටිකෙන් ගගනගාමියා ටිකට් නැතුවම ගුවන් ගත වෙනවා.

"මේ මොන්ටසෝරි බබාල එක්ක ඇවිත් අපිට වත් වැඩක් කර ගන්න නෑ. අනුන්ට උපදෙස් දිදී එහෙට්ට මෙහෙට්ට යනවා මිසක් මෙළෝ වැඩක් කරේ නෑනෙ"

බිම් මල පුපුර පුපුර කියවන ගමන් ලී දණ්ඩක් අරන් බිමට ඇනගෙන ඇනගෙන ගියා. යන්තම් අනූප සර් ඇවිත් ලී දණ්ඩ හිටවන්න පොඩි වලක් කපලා දුන්න. අනූප සර් බය නැතුව ළඟට ආවට අපි නම් ඔය වෙලාවට තුහින සර් ඉන්න පැත්තක වත් ඉන්නෙ නෑ. එයාට තරහ ගියාම වටේ පිටේ ඉන්න ඔක්කොම පළි ඉතින්.....

මොනව උනත් මගේ හිතේ තිබ්බෙම තුහින සර් පිවිතුරු අයියගෙ ඉවුම් පිහුම් හැකියාව කොහොමද දන්නෙ කියන ප්‍රශ්නෙ. අපේ මනුස්සයාගෙන් ඇහුවට නම් දැන ගන්න වෙන්නේ නෑ. වටපිට බලද්දී මගේ නීල නේත්‍ර යුගලෙට අහු උනේ හසා එක්ක මොනවද කියෝ කියෝ මැස්සක් බඳින අපේ රොයිටර් දෙයියා. මේ වගේ එකෙක් ලඟ තියාගෙනනෙ දෙයියනේ මං මේ පුප ඉරාගෙන කල්පනා කරේ.BBC එකේ වත් නැති news මේකා ලඟ තියෙද්දී මං මොකටෙයි වටේ යන්නෙ.

උන් දෙන්නා ඉන්නෙ අනිත් අයට චුට්ටක් එහායින් නිසා මමත් හෙමින් හෙමින් එතනට කිට්ටු කරේ සය කන් මන්ත්‍රණේකට. ඕපයක් උනත් බෙදා හදා ගද්දී රස වැඩියි කියලා ඔය පුරාණ පඬිවරයෙකුත් කියල තිබ්බලුනේ......

"මේ චවියෝ"

"මොකෝ උබ ඇඹරෙන්නෙ"

"ඇඹුල් කන්න හිතුනා ඒකයි"

දඬු මොණරු Όπου ζουν οι ιστορίες. Ανακάλυψε τώρα