දඬු මොණරු 11

695 111 12
                                    

නිලට නිලේ..නිල් කැටේට කඩා හැලෙන
ජල කඳකට සීත සදන උල්පත ඔබය
ඒ නිල් ජල කඳ මතුපිට
අත්ල තබා හෙමි හෙමිහිට
තාල නගන රළ පෙල ඔබය
නොසිඳෙන දිය උල්පත ඔබය
බිඳෙනා පෙම් රළ පෙල ඔබය

රතට රතේ පිපී වැනෙන
නෙලා ගන්න කියා කියන
පුදුම හිතෙන හිත්මල ඔබය
ඒ හිත් මල සිඹ සැනසෙන
නටුමත කටු ඇතිබව දැන
සුවඳ විඳින බඹරිඳු ඔබය
පුදුම හිතෙන හිත්මල ඔබය
සුවඳ විඳින බඹරිඳු ඔබය

ගිරා නිලට පැසී දිලෙන
නෙලා ගන්න කියා කියන
නුරා ගොයම් යායම ඔබය
ඒ නව ගොයමේ කිමිදෙන
ලය නියරේ නිති ඇවිදින
සරා සුවඳ මද නල ඔබය
නුරා ගොයම් යායම ඔබය
සරා සුවඳ මද නල ඔබය

(කසුන් කල්හාර, උරේෂා රවිහාරි)

දොළ පාරට කකුල් දෙකත් දාගෙන ශර්ට් එකේ බොත්තම් ඔක්කොම ඇරගෙන සිගරට් එකක් කටේ ගහගෙන ඇස් දෙක පියාගෙන ඉදගෙන හිටපු රූපෙ දැක්ක ගමන් මාව හිටි තැනම ගල් ගැහුනා. ඇයි දෙයියනේ මේ පිරිමි රූපෙ ඉස්සරහ මාව මේ තරම් අසරණ වෙන්නේ, දවසින් දවස මං එයාට බැඳෙන එක වැඩි වෙනවා, ඒක හොඳ දෙයක්ද නැද්ද කියලා වත් මට තේරුමක් නෑ......

ඉදගෙන හිටපු විදියටම බෙල්ල ඇල කරලා මං දිහා බලපු එයා කට කොනින් හිනා වෙලා ආයෙත් අහක බලා ගද්දී මමත් හෙමින් ගිහින් එයා ළඟින් ඉඳ ගත්ත.

"තමුසෙ ආවා නේද එහෙනම්"

කකුල් දෙකෙන් වතුර කලතන ගමන් එයා කතා කරද්දි මමත් බාටා දෙක ගලවලා සීතල වතුරට කකුල් දෙක ඔබා ගත්තා.

"වැඩේ ඉවරද"

"ම්ම්ම්"

"කෑවද"

"ම්ම්ම්"

එයා සිගරට් එක බිබී දුම් රොටු ලතාවකට උඩට පිඹිනවා, යන්තම් තද දුඹුරු පාට වේගෙන එන තොල් දෙක දැක්කම කියන්න පුළුවන් සිගරට් වලට ඇබ්බැහි වෙලා ඉන්න තරම.

"තමුසෙලාගෙ සංගීත ගුරා තමුසෙලා එක්ක මාර එකතුයි නේද,විශේෂයෙන්ම තමුසෙත් එක්ක"

සිගරට් කොටේ ලඟ තිබ්බ ගලක අතුල්ලල ගින්දර ටික නිවල ඒක පැත්තකට දාලා මගේ පැත්ත හැරිලා එහෙම ඇහුවත් අර අන්තිම ටික ඇහුවෙ මං දිහාට පාත් වෙලා ඇස් දෙකට එබිලා...

දඬු මොණරු Where stories live. Discover now