දඬු මොණරු 22

620 94 8
                                    

යශ් අයියල මඟ නතර වෙද්දි අපි දිගටම එන්න ආවා.මං හිතන්නේ පිවිතුරු අයියගෙ හිත රිදුන.ඇයි ඉතින් සර් මූණටම වදයක් කිව්වනේ, යශ් අයියා කිව්ව විදියට එයා හිනාවෙලා හිටියට එයාටත් ප්‍රශ්නලු. හිනාවෙන් කදුළු හංග ගන්න මිනිස්සු...මට නම් හිතෙන්නෙ අපේ සර්ගෙ හිතෙත් පොඩි කැමැත්තක් නැත්තේම නෑ.ඒත් ඉතින් ලොකුකම නිසා ඒක පෙන්නන්නෙත් නෑ,නුවර ගොයියෙක්ලුනේ. සමහර විට එයා කිව්ව වගේ ආයෙත් ආදරේ කරන්න බය ඇති.අනික වැල්ලේ ඉන්නකොට වගේ නෙවෙයිනේ එයා ඉන්නෙත් ගම ඇතුලේ, ගමේ ඉස්කෝලේ උගන්නන්නේ. ඒ නිසා බයක් ඇති......

ගේ පිටි පස්සෙ මල්ලි වගා කරන ටිකේ තව පොඩි පොඩි වැඩ වගයක් විතරයි තිබුණේ. බුලත් මැහි ගහන්න ඉස්කෝලෙ නිවාඩු දවසක උදේ වරුව දා ගත්ත. උදව්වට නම් කට්ටිය ඉන්නවනේ.බුලත් පැල නම් හිටවලා තිබ්බේ. පොඩි කණු එක ගානේ ඒ ළගින් හිටවලා තිබ්බ. දැන් ඉතින් මඤ්ඤොක්කා දඬු හොයා ගන්න තමයි තියෙන්නේ. ධනුක මල්ලි ටිකක් ගෙනත් දෙන්නම් කිව්වලු, හසාත් පොරොන්දු උනානෙ ගෙනත් දෙන්නම් කියලා.

වගා කරන ඉඩේ පොඩ්ඩක් ඇවිදලා මං වැඩට යන්න හසාගෙ ගේ ළඟට ආවා. හසාගෙ අම්ම මනෝරි නැන්දා මිදුලෙ මොනවද මන්දා වේලනව, මගේ හිතේ තිබ්බ ප්‍රශ්නෙකට උත්තර එයාගෙන් වත් දැන ගන්න හිතන් මං හසා එනකම් නොඉඳ කඩුල්ල පැනලා ඇතුළට ගියා.

"නැන්දේ"

"ආ..... මං මේ ඒත් බැලුවා කව්ද කියලා, මේ ළමයනෙ, වැඩට යන්නද පුතේ"

"ඔව් නැන්දේ"

"අනේ උබට ඕවයේ වැඩ කරන්න පුළුවන්ද පුතේ"

"පුළුවන් නැන්දේ, එහෙම අමාරු වැඩ නෑනෙ"

"අනේ මන්දා පුතේ මට දුකයි උබල ගැන, අර අපේ එකත් නහිනවා අපි වෙනුවෙන්. මටත් දැන් නිතරම ලෙඩ පුතේ. කරුමෙට හරි මගෙත් ඇස් පියවෙලා ගියොත් මේ පැටව් අනාථ වෙනවා"

"අනේ එහෙම කියන්න එපා නැන්දේ"

"උබ කාලද පුතේ ආවේ"

"ඔව් නැන්දේ, මං ආවේ නැන්දගෙන් දෙයක් දැන ගන්න"

"ඒ මොකක්ද පුතේ"

"නැන්දේ පොඩි මහත්තයා අපේ තාත්තව දැකල තියෙනවද"

"ඇයි පුතේ හදිසියේම එහෙම අහන්නේ"

දඬු මොණරු Where stories live. Discover now