දඬු මොණරු 14

737 111 61
                                    

හා හා පුරා කියලා දැන් මටම ෆෝන් එකක් තියෙද්දී මුලින්ම ෆේස්බුක්, වට්සැප් හදා ගත්ත. නාන්න යන අතරමඟදි ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකට කට්ටිය එකතු කර ගත්ත.

අයාල් හසරින්ද
චවික හීෂාන් මුදන්නායක
අනූප රවිශාන් පෙරේරා
තඹර පින්සර දිසානායක
තුහින මන්දාර වාසලමුදලිගේ

මං ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ ඉන්න අයගේ නම් කියවන් ගියා, සමහර අයගේ සම්පූර්ණ නම් දැන ගත්තෙත් දැනුයි.ඒත් තව එක නමක් මෙතනට අඩුයි.එයාගෙ සම්පූර්ණ නම දන්නෙ නෑනෙ. සමහර විට චවියගේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ ඇති. මං ඉතින් යමින් ගමන් යශ් කියල සර්ච් කරාම චවියගේ ලිස්ට් එකේ ඉන්න දෙතුන් දෙනෙක්ගෙම එකව්න්ට් ආවා. ඒ අස්සෙන් ඉතින් මූණ වැහෙන්නම කොණ්ඩෙ දාගෙන හිටපු කෙනෙක්ගෙ ප්රොෆයිල් පික්චර් එකක් ලඟ මගේ ඇස් නැවතුනා, මූණ වැහෙන්න කොණ්ඩෙ දාගෙන හිටියත් මං ඉස්සෙල්ලම දැක්ක ඒ විදිය ඒ රූපෙ අදුර ගන්න බැරි කමක් නෑනෙ....' යශ්විද වීනාද්' එහෙනම් ඒකයි එයාගෙ නම.....

"වරෙන් බං නැලවි නැලවි ඉන්නෙ නැතුව"

චවියා මාව අතින් ඇදන් යද්දි තමයි මං ඔළුව උස්සලා බැලුවේ, අනිත් අය ඔක්කොම මට ඉස්සර වෙලා යනවා, චවිය හැමදාම වගේ මගේ අතින් ඇදන් ගියේ හරියට ගෑණි මිනිහව ඇදන් යනවා වගේ. තඹර අයියත් මේ ඩිංගට සර්ලා දෙන්නත් එක්ක ෆිට් වෙලා, තුන් දෙනා ලොකු කතාවක්. මං දන්න තරමට අයියට මේ ගමේ යාලුවෙක්ට ඉන්නෙ දුවී අයියා විතරයි. ඒ නිසා සර්ලා දෙන්නත් එක්ක එයා ෆිට් උන එකට මට සතුටුයි.

යශ් අයියගෙ ප්‍රොෆයිල් එක බැලුවට රික්වෙස්ට් එකක් දාන්න නම් හිතක් නෑ, මොකටද එයාගෙ පස්සෙන් යන්නෙ, ඩේට ඕෆ් කරලා ෆෝන් එකත් සාක්කුවට දාගෙන අනිත් අයත් එක්ක ගුරු පාරක ඇවිදන් ආපු අපි ඊලඟට තේ වත්තක් මැදින් තිබ්බ පොඩි අඩි පාරක් දිගේ ආවා, වතුර පාරක් ගලා බහින සද්දයක් ඇහෙන්න ගත්තා. ඒ එක්කම අපි ඇවිත් නැවතුනේ ලොකු දොළ පාරක් ලඟ. අපේ වත්ත මායිමේ තියෙන දොළ පාර වගේම ගස් වැල් වලින් වට වෙච්ච ලස්සන ලොකු දොළ පාරක්.....

"ෂා මේක මරුනෙ අයියෙ, බලනවකෝ හැමදාම එන්න හිතෙනව"

මල්ලි දොළ පාර දැකලා පිස්සුවෙන් වගෙ කියවන්න ගත්තේ මගේ අතේ එල්ලිලා, පව් පොඩි එකා. මං මේකව අපේ ගේ ළඟ දොළ පාරට වත් එක්ක ගිහින් නෑනෙ, ආයේ දවසක එක්ක යන්න ඕන. ඒත් මූ ඕක ගැන දැන ගත්තොත් මං නැති වෙලාවක තනියම යයිද කියලත් බයයි.

දඬු මොණරු Unde poveștirile trăiesc. Descoperă acum