දඬු මොණරු 10

760 110 31
                                    

"ඊයේ මං කිව්ව දේ ඔයා තේරුම් ගත්තේ වැරදියට නේත්‍ර.... මං කිව්වේ ඔයාලව කරදරයක් කියල නෙවෙයි, ඔයාට කරදරයක් වෙයි කියල හිතලයි ඔයාගෙ හොඳට එහෙම කිව්වෙ. ඒ නිසා මං නොකිව්ව දෙයක් ගැන හිතන්න එපා"

තඹර අයියා එහෙම කියාගෙන ගේ ඇතුලට දුවන් ගියේ මමත් හෙමින් හෙමින් ගේ පැත්තට එද්දී. ඇත්ත තමයි ඉතින් එයා එහෙම කිව්වේ මගේ හොදට නේ, එයා ඒක සැරෙන් කිව්වත් එයා අදහස් කරේ මට හිතුන දේ නෙවෙයිනේ. මං එයාගෙ සහෝදරයෙක් නිසා එයා මගේ ආරක්ෂාව ගැන හිතනවා ඇති, ඒ එක්කම මට මතක් උනේ කොණ්ඩ කුරුල්ලත් මට එහෙම කිව්ව නේද කියල...

එයා ඇයි මගේ ආරක්ෂාව ගැන හිතන්නේ, ඒක නම් පොඩ්ඩක් කල්පනා කරල බලන්න ඕන දෙයක්, අද අර පිවිතුරු අයියා අපේ සර්ගෙ කුඩේ ඇතුළටම රිංගුවේ එයා සර් ට කැමති නිසා වෙන්න ඇති. ඒත් ඇයි යශ් අයියා මගේ කුඩේට ආවේ, ඒ කියන්නේ එයා මට කැමතිද, නෑ එහෙම දෙයක් වෙන්න බෑ....

"අය්යේ කන්නෙ නැද්ද"

කාමරේට ආව ගමන් එහෙමම ඇදේ ඉඳගෙන කල්පනා කර කර හිටපු මං ගැස්සිලා වගේ ගියේ මල්ලි කතා කරද්දි. ඉක්මනට ඇදුම් මාරු කරන් ෂෝට් එකක් විතරක් ඇදගෙන ගිහින් මමත් මල්ලි එක්කම සාලෙට වෙලා කන්න ගත්ත.

"සපත්තු තෙතයි නේද අය්යේ, පරණ රෙදි කෑලි ටිකක් දාලා තියමු වේලෙන්න"

මල්ලි කාලා ඉවර වෙලා පරණ රෙදි වගයක් දෙන්නගෙම සපත්තු ඇතුළට දාලා තිබ්බ. අව්වක් වත් නෑනෙ වේලගන්න.

"මල්ලි"

"ම්ම්ම්"

"අපේ හසා මේ ළග වැඩකට යනවා. හවසට පැය තුන හතරක් වැඩ කරන්නේ, මමත් යන්න කියල බැලුවේ. ඔයාට තේරෙනවනේ අපිට මෙහෙම ජීවත් වෙන්න බෑ කියලා"

"මමත් එන්නද"

මල්ලි ඇහුවෙ ටිකක් වෙලා කල්පනා කර කර ඉදල.

"එපා එපා ඔයා ගෙදරට වෙලා ඉන්න"

"අම්මයි තාත්තයි හිටිය නම් අපිට මෙහෙම වෙන්නෙ නෑ නේද අයියෙ"

"දැන් ඒ ගැන හිතලා වැඩක් නෑනේ, අපි දෙන්නා කොහොම හරි ජීවත් වෙමු, උබට මං ඉන්නවනේ"

"අපිට අපේ වියදම් ගැන බලා ගන්න පුළුවන් නම් පාඩුවේ ඉන්න තිබ්බ නේද අයියෙ"

දඬු මොණරු Where stories live. Discover now