දඬු මොණරු 25

617 93 15
                                    

අද තමයි මෙච්චර දවස් බලන් හිටපු දවස.උදේ හතට කලින් අද අපි ඉස්කෝලෙට ආවා. පිට්ටනියේ කෙළවරේ හදල තියෙන නිවාස තුන දැක්කම හිතට හරි සතුටුයි. එතනත් තිබුණේ තරඟයක් තමයි, හැබැයි එක නිවාසෙක මොකක් හරි ප්‍රශ්නයක් නම් අනිත් නිවාස වල ළමයි වගේම ඒ අයගේ වැඩිහිටියෝ පවා ඇවිත් ඒවා හරි ගස්සන්න උදව් කරා. ඒ නිසාම හැමෝටම නිවාස තුන දකිද්දී අමුතුම සතුටක් දැනෙන්න ඇති. පිදුරු, හබරල කොළ, කිතුල් රෑන්, කෙසෙල් බඩ, පොල් අතු මේ වගේ ගොඩක් දේවල් වලින් නිවාස ලස්සන කරලා තිබ්බ.

සූර, වීර, ධීර.... නිවාස තුනේ නම ගහල අදාල පාටින් කොඩියක් නිවාස තුනේම උඩින්ම ගහල. එකකට එකක් දෙවෙනි නොවුනත් ධීර නිවාසේ අනිත් දෙකට වඩා කැපිලා පෙනුනා. මොකද ඉතින් කොණ්ඩ කුරුල්ලෙක් පුප ඉරාගෙන නැහුනනෙ ඒ වෙනුවෙන්.....

ආරාධිත අමුත්තෝ ගොඩක් දෙනෙක් අතරේ දන්න අයට හිටියෙ අපේ සීයයි, පොඩි මහත්තයයි. ඒ අස්සේ ගාඩ්ලා වට කරගෙන ඇමති කෙනෙකුත් එද්දී ඇමතිගෙ ළඟින්ම හුරු පුරුදු මූණක් දැක්ක. චිංචි මානවිකාවගෙ අලුත් පෙම්බරා....ජිම් පප්පා.... ජිම් පප්පා කිව්වෙ මහත නිසා නෙවෙයි, ඇග දැක්කම කියන්න පුළුවන් ජිම් එකේ පදිංචි වෙලා ඉන්න එකෙක් කියල.එහෙනම් අර ඇමති තමයි මේකගේ තාත්තා.....

පිට්ටනිය වටේටම මිනිස්සු පිරිලා, ඒ අස්සෙන් යශ් අයියලාත් හිටිය නිවාස ටික ළඟට වෙලා, දමිත් අයියල ඇවිත් හිටියත් එයාලා යශ් අයියල ඉන්න පැත්ත පළාතක වත් ආවේ නෑ.එයාලගේ යාළුකම් නැති උනේ මං නිසාද කියල හිතද්දි හිතට දුකයි. ඒත් කරන්න දෙයක් නෑ, දමිත් අයියා බොරු දේකටනේ දඟලලා යාළුකම් නැති කර ගත්තේ.....

නිවාස තුනෙන්ම පොඩි පොඩි කෑම පාර්සල් ලෑස්ති කරලා තිබ්බ.තව බීම බාල්දි පිටින් හදල ගෙනත් තිබ්බෙ. අපේ හිච්චි රොයිටරේ නිවාස තුනෙන්ම කාලා, බීම බීලා ඉස්මුරුත්තාව හැදිලා මැරෙන්න හදනවා. ඒකා මාවයි හසාවයි ඇදගෙන පිට්ටනියට ලඟම තිබ්බ හෝල් එකේ පන්ති කාමරයක් අස්සට ගිහින් ඩෙස්ක් දෙකක් උඩට වැටිලා නිදා ගත්තා. අපි දෙන්නත් පැත්තක තිබ්බ පුටු දෙකක ඉඳ ගත්ත.ඇගට හරි අමාරුයි මහන්සියි.

දඬු මොණරු Où les histoires vivent. Découvrez maintenant