01.පිටුව

172 6 0
                                    


ට්‍රිං ට්‍රිං ට්‍රිං ට්‍රිං ..............................

"ආ.............."

එලාම් එකේ සද්දෙට එක පාර මම නැගිටලා බලද්දි වෙලාව හතයි පනස් පහයි.
එතකොට තමයි මට මතක් වුනේ හොඳටම වෙලා ගිහින් කියලා.....
"lectures පටන් ගන්නේ නමයට දෙයියනේ මං හොඳටම පරක්කුයි නේද ......"
මං ඉක්මනටම ඇදෙන්නේ නැගිටලා ගිහින් කැම්පස් යන්න ලෑස්ති උනා..
මෙ ලොකෙ මං අකමැතිම දෙ තමයි උදෙන්ම නැගිටින එක.. මට සාමාන්‍යයෙන් එකපාර උදෙන්ම නැගිටින්න බෑ.. අටට නැගිටින්න ඔන්නම් හතෙ ඉදන් එලාම් තුනක් වත් අඩුම තරමින් තියන්න ඕන... එකත් මාරයි රැට නින්ද යන්නේ නෑ උදෙට ඇහැරෙන්න බෑ පුදුමාකාර ජිවින් තමයි...

කොහොම හරි මං ලෑස්ති වෙලා ඉක්මනින්ම කැම්පස් යන්න එලියට ආවා..
අනේ දෙයියනේ මගේ සුදු මැණිකගෙ මූණ හොඳටම කළු වෙලා නේද...

අයියෝ ගොඩ දවසකින් මට ඔයාව හෝදන්නත් බැරි උනා කමක් නෑ අද ගිහින් ඇවිත් මම ඔයාව හොඳට හෝදන්නම්..
මගේ ජීවිතේ මම තාත්තට පස්සෙ වැඩිපුර ම ආදරේ කරේ මගේ බයික් එකට...
මොකද මට තාත්තා අරන් දුන්න අන්තිම තෑගි එක නිසා......

මං පැය බාගයකින් කැම්පස් එකට ආවා... බයිකි එකෙ නිසා ඉක්මනින් එන්න පුළුවන් අනික මං ටිකක් වෙගෙන් යනවා.. ටිකක් කිව්වාට ටිකක්මත් නෙමෙයි ඉතින්.. අපෙ ගෙදර ඉදන් කැම්පස් එකට එන්න හරියටම විනාඩි හතලිස් පහක් විතර යනවා බස්වල නම් ඉට වැඩි..

"අඩො............. මොකද්ද බං මෙච්චර වෙලා කරෙ..."

"නින්ද ගියා බං ඊයෙ නිදාගන්න කොට ටිකක් විතර රෑ වුනා.."

"උබ ඊයේ රෑ කොක්කත්  එක රවුම් ගහලා එන්න වෙලා ගියානේ..... ආහ්....."

"පිස්සුද යකෝ කොහෙ ඉන්න කොක්ක ද උබ දන්නවා නෙ මට කොක්කක් නෑ කියලා..."

"උබ ඔහොම හිටියොත් කවදාවත් උබට කොක්කක් දාගන්න වෙන්නේ නෑ..."

"අනේ යකො උබ කවදා වෙනකල් ඕක හිතෙ තියන් ඉනද කල්පනාව.... ඔන්න ඔක එකිට කියපන් ..."

"පිස්සුද ඕයි ඕක අහන්න ගිහින් මෙ තියන යාළුකමත් නැති උනොත්... අන්තිමට යාලුවත් නෑ ආදරෙත් නෑ ඊට වඩා හොඳයි මෙ ඉන්න විදිය..."

"මෙ එක නෙමෙයි දැන් 9.05 lectures පටන් අරන් ඇති යමු නෙද ..."

"අනේ මෙ පිස්සු කෙලින්නෙ නැතුව හිටපන්... ගියපු එකෙක් ගෙන් පස්සෙ නොට් ටික ඉල්ලගමු.. දැන් යම් අර පැත්තට අන්න අලුත් නැවෙන් කට්ටිය ඇවිල්ලා මං දැක්කා ලස්සන කෙල්ලෝ ටිකක් ඇවිල්ලා  මේ නැවෙන්වත් කොක්කක් දාගන්න ඕනේ ..."

"අනෙ බං උඹ ඉතින් එන එන හැම නැවෙන්ම කොක්කක් දාගන්න එකනෙ කරේ....."

කොහොම හරි මායි සතියයි දෙන්නම අලුත් නැවෙන් කට්ටිය ඇවිල්ලා තියෙන පැත්තට යන්න ගියා.... ඒ යනකොට අපි ඉන්න පැත්තට පද්ද පද්ද ආවෙ දෙනෙති...

"ආ...... කැල්ල ..."

"මොකද බං මෙච්චර පරක්කු..."

"ඊයෙ රෑ මූ ක්‍රශ් එක ගැන හිත හිතේ ඉඳලා නින්ද ගිහින් නෑනේ...."

"එයි..............."

"කවුද බං මුගේ ක්‍රශ් එක..."

"උබ තමයි ඉතිං වෙන කවුද...

සතියා ඇහෙන නෑහෙන ගානට කියද්දි මම ඌට රවලා බොකු බඩවැල් කටින් ඉන්න ගානට එකක් උගේ බඩට ගැහුවා. උනේ මොකක්ද කියලා හිතාගන්න බැරුව ඌ එහෙමම හතරට නැවීගෙනම හිටියා ...

"මූට පිස්සු බං අර අපේ පිකටින් එකේ පෝස්ටර් වගයක් බලන්න ගිහින් එන්න රෑ උනා...එකයි. "

"හරි හරි දැන් යමං අර පැත්තට.."

"අඩො ගහනවා කියලා ඔහොමත් ගහනවද බං...  කාපුවත් උගුරට ආවා...."
හිටපං යකෝ මාත් එනකාන්........."

ඊට පස්සේ අපි තුන්දෙනාම අලුත් නැවෙන් ආපු උං ඉන්න පැත්තට ගියා.......

කැම්පස් වල අලුතින් නැවක් එනවා කියන්නේ අලුතෙන් කට්ටිය එනවා කියන එකට ඒ  කියන්නේ ෆස්ට් ඉයර්  ඒකට එන අලුත් බැජ් එකට කැම්පස් භාෂාවෙන් ඒකට කියන්නේ නැව කියලා .


 

















මෙ කතාව කියවලා හිතෙන දේ කියන්න..

~DESTINED TO BE ~Where stories live. Discover now