10. පිටුව

76 7 0
                                    

සෂෙන-

"ඉක්මනට ambulance එකට කතා කරන්න.. බලන්න මේ ළමයාට හොඳටම bleed වෙනවා..."

"කවුද මෙතන මුලින්ම මේ රණ්ඩුව පටන් ගත්තේ.."

"මෙන්න මේගොල්ලො සර්... අපි මෙතනට වෙලා ඉන්නකොට මේගොල්ලෝ තමයි ඇවිල්ලා අපිට ගැහුවේ..."

"උඹ බොරු කියන්න ලෑස්ති වෙන්න එපා.."

"හා හා කට වහ ගන්නවා.. තමුල සේරම යනව ඩින්ගේ ඔෆිස් එකට.. ඔයා ද මෙයාගේ යාළුවා...ඔයා එන්න අපිත් එක්ක.."

මට ලාවට ඇහුණා. ඒගොල්ලෝ කතා කරනවා.. වෙන හැමදේම බොඳ වෙලා වගේ තමයි මට පේනුනෙ.. චෙතුක මට සැරින් සැරේ කතා කරනවා ඇහුනත් ඒකට උත්තර දෙන්නම් තරම් සිහියක් තිබුණේ නෑ...
මම ලාවට ඇස් ඇරලා බලනකොට මම දැක්කා චතුකටත් හොඳටම තුවාල වෙලා තියෙනවා..

"ෂෙන් මාව ඇහෙනවද..."

ඒ තමයි මට ඇහුන අන්තිම  වචන ටික.. ඒ එක්කම වටේ තියෙන හැම දෙයක්ම බොද  වෙලා ගියා..

"Doctor කොහොමද දැන් එයාට..?"

"දැන් ලොකු ගැටලුවක් නෑ mr එෂාන..ඔලුව වැදිච්ච පාරට ඇතිවුන කම්පනය නිසා තමයි faint තියෙන්නෙ.. අපි treatment කරලා තියෙන්නේ ඉක්මනින් සිහිය එයි..."

"thank you doctor..."

"Okay.."

මට ඇහුණා..කවුරු හරි එළියේ කතා කරනවා වගේ.. dad ඇවිල්ලද.. මම ඇස් ඇරලා බලනකොට මම හිටියේ hospital එකෙ මගේ එහා පැත්තේ විෂ්වයි ඩෙවාන්නුයි ඉන්නවා මං දැක්කා..මගෙ ඔලුව පැලෙන වගේ..මං නැගිටලා ඉඳගන්න හදනකොට-..

"ෂෙන්... ඔයාට සිහියාවද..ඔහොම ඉන්න... බලාගෙන.. පරිස්සමෙන්..."

විෂව මාව නැගිටලා.. headboard එකට හේත්තු කරා...

"ඉන්න..මම නස්ට කතා කරන්නම්.."

"ඕන නෑ..dad ඇවිල්ලද.?"

"නෑ ඔයාලගේ අයියා ඇවිල්ලා.."

"ඌ මොකටද ආවේ.."

"උඹට සිහිය නෑ කියලා ගෙදරට call කරහම අයියේ answer කරලා තියෙන්නේ.. ඊට පස්සේ අර උඹලගේ කැම්පස් එක කවුද අර.. අර උඹට ගොඩක් සපෝට් කරන කොල්ලා එයා තමයි අපිට කෝල් කරෙ..."

"කවුද මිලාන්ද..."

"ආ..ඔව්.."

"දැන් කෝ.."

~DESTINED TO BE ~Where stories live. Discover now