11.පිටුව

81 7 0
                                    

මං ටිකට් කපන් පහුවදා ගෙදර ආවා.. ලොකු අවුලක් නැති උනත් doctor මට කිව්වා ගෙදරට වෙලා rest කරන්න කියලා.. මං සතියකට පස්සේ කැම්පස් ආවා.. මට හැම දවසකදීම එයාව හම්බුනා.. සස්පෙන් කරලා තිබුනත් එයා කැම්පස් ආවා..එයා මාව දැක්කත් නොදැක්කා වගේ යන්න ගියා කිසිම කාලෙක මට දැනුන නැති අමුතු දුකක් මගේ හිතේ ඇතිවෙන්න අරන් එයා මං දිහා නොබලා යනකොට මට මහ අමුතු හැඟීමක් දැනුනා..ඒක දුකක්ද කියන්න මම දන්නෑ...

කැම්පස් එකේ සීනියස්ලා පිස්සෝ වගේ එහෙට මෙහෙට දුවනවා.. පිකටින් එක ළඟ නිසා..චෙතුක නම් ඉන්නෙ කෙන්තියෙන් මම හැම දෙයක්ම අමතක කරලා පාඩුවේ ඉන්නවා කියලා..ඒ වගේම එයාගේ යාලුවෝත් මාව දකින දකින තැන මාත් එක්ක රණ්ඩුවට එනවා.. එහෙම වෙලත් ඉස්සර වගේ මට කේන්ති යන්නෙ නෑ..මම හිතන්නේ හැමතිස්සේම මම කරපු වැරදි නිසයි එයාලා මෙහෙම හැසිරෙන්නෙ කියලා..

"තව ටිකකින් ලෙක්චස් පටන් ගන්නවා..
යමු.."

මායි චිතුකයි lecture hall එකට ආවා.. අපි යනකොට මිලාන් හෝල් එකේ ඉඳගෙන එයා ඉඳන් ඉන්න තැනට අපිට කතා කරා.. අපි ගිහින් එතනින් ඉඳගත්තා..

"උඹගේ මූන එච්චර හරි නෑ තාම අසනීපද..?"

"නෑ එහෙම එකක් නෑ.."

මම ඉඳන් හිටිය ලෙක්චර් හෝල් එකේ කෙළවරේ එතනට පහළ හැමදේම පේනවා.. මං පහළ බලාගෙන හිටියා මේ දවස් වල මගේ හිතට කිසිම සතුටක් නෑ.. හැමදේම අවුල් වෙලා වගේ...

"උඹට මොකද බං වෙලා තියෙන මොනවද ඔච්චර කල්පනා කරන්නේ?..."

මිලාන් මගෙන් අහාපවාම මං ඌදිහා බලලා 'නෑ' කියන්න වගේ ඔලුව හොල්ලලා ආයෙම එළිය බලාගත්තා..

"මූ hospital ඒකේන් ආව දවසේ ඉඳන් මෙහෙමයි.. ප්‍රශ්නයක් ඇව්වාම උත්තර දෙන්නේ නෑ. බලා ගත්තු අතේ බලාගෙන ඉන්නවා.. මොකක්ද ඔයි උඹට වෙලා තියෙන්නේ.."

"නිකම් බං.."

"මේ උඹ වෙලාවට බෙහෙත් බොනවා නේද.. උඹට මොකක් හරි අවුලක් වගේ නම් අපි ආයෙ චෙකප් එකක් එකක් කරමු..."

"කිව්වනෙ බං එහෙම අවුලක් නෑ.."

ඊට පස්සේ ලෙක්චස් ඉවර වෙලා වේ හොල් එකෙන් එළියට ආවා මම දැක්කා අරයායි එයාගේ යාළුවයි මොනාදෝ කොළ වගයක් උස්සන් යනවා.. අපි එහෙමම කැන්ටින් එකට ගියා අපි කැන්ටින් එකට යනකොට මං දැක්ක කැන්ටින් එකේ ඉඳන් එළියට එනවා අර අක්කා.. එදා වෙච්ච දෙයින් පස්සේ අද තමයි මං ඒ අක්කාව දැක්කේ.. එයා මාව දැකලා මට ගස්සගෙන අපි ළඟින් එළියට ගියා.. මං එයාගේ පස්සෙන් ගියා..

~DESTINED TO BE ~Where stories live. Discover now