08.පිටුව

85 7 1
                                    

"චුටි පුතා.... චුටි පුතා...."

"ඇයි....."

"අර හෙල්මට් එක කැඩුනේ කොහොමද?... මොකක් හරි ප්‍රරශ්නයක් වුණාද?... හැප්පුනාද ?..කෝ ඔයාට තුවාලයිද?... මොකක්ද උනේ කියන්නකො ළමයෝ..??..."

"මට මුකුත් උනේ නෑ...ඊයේ එකෙක් මගේ හෙල්මට් එක විසි කරලා තිබ්බා ඒකයි...."

"කවුද විසිකරේ...?මොකක්ද හේතුව...?"

"අනේ මට මගේ පාඩුවේ ඉන්න දෙන්න.. ප්‍රශ්න අහනවා අහනවා ඉවරයක් නෑ..මං මගේ දේවල් බලාගන්නම්..ඔයා ඔයාගේ පාඩුවෙ ඉන්න..."

"ඇයි චූටි පුතා ඔයා මට මෙහෙම කරන්නේ?.. මං මොකක් කරාටද??.."

"මට පුතා කියන්න එපා...ඔයා මගේ කවුරුත් නෙවෙයි..ඔයා මගේ දේවල් වලට මැදිහත් වෙන්න එපා...මෙන්න වැන්දා මට මගේ පාඩුවේ ඉන්න දෙන්න.."

"චූටි-ටි අහ්-අහ...."

"දැන් බොරුවට අඬලා ඕවා ඇක්ටින් දාන්න එපා.. මගේ දවස මූසල කරන් නැතුව මෙතනින් යන්න..."

මම දන්නව මං එයාට කතා කරපු විදිය වැරදියි..ඒ වුනාට එයා නිසා තමයි මට මේ ලෝකේ මට වටිනම දේ නැති වුණේ.. තාත්තට මෙහෙම දෙයක් වෙනවා කියලා දැනගෙන් හිටියනන් මම කවමදාවත් ඔය කසාදෙට කැමති වෙන්නේ නෑ..මං මේ මනුස්සයා එකික ඒ කාලේ හොඳට ඉන්න උත්සහ කරා මෙයා වගේම මෙයාගේ ලොකු පුතා එකත්..ඒත් ඒ දෙන්නා නිසා මගේ කියලා මට හිටපු එකම කෙනාවත් නැති වුණා.. තාත්තට මෙයාව හමුවුණේ උසාවියේදී මෙයාට ඉන්නවා මට වැඩිය අවුරුද්දක් විතර වැඩිමහල් පුතෙක්.. එයාගේ කලින් මහත්තයා මේ දෙන්නට වද දෙනවා කියලා තමයි ඩිවෝස් වෙලා තියෙන්නේ.. තාත්තා තමයි ඒ ඩිවෝස් කේස් එකට කතා කරලා තියෙන්නේ උසාවිය ගාව අඬ අඬ හිටපු නිසා තාත්තා සල්ලි ගන්නැතුව තමයි මෙයාට අනුකම්පා කරලා තමයි devos කේස් එක කතා කරලා තියෙන්නේ.. අපේ අම්මට මෙයා ටිකක් සමානයි මටත් මුල් කාලේ හිතුනේ මට අම්මා කෙනෙක් ලැබෙනවා කියලා.. ඒත් මම හිතුවේ නෑ..මේ එන්නේ මගේ ජීවිතේ විනාශ කරන්න එන යක්ෂණියක් කියලා.. මාත් තාත්තා ගැන හිතලා මේකට කැමති වුණා..ඒත් අන්තිමේදී හැමදේම වෙනස් උනා..

"කෑම කාලා යන්න දරුවෝ..."

"මගේ ගිහින් කන්නම්..."

~DESTINED TO BE ~Donde viven las historias. Descúbrelo ahora