13.පිටුව

87 7 5
                                    

සෂෙන-

අද ටිකක් රෑ වෙනකම් මම ලයිබ්‍රයට වෙලා හිටියා.. වැස්ස නිසා එළියට ආවේ නෑ කුඩයක් තිබුණේ නැති හින්දා කාර් එකට යන්නත් අමාරුයිනේ..කොහොම හරි මම ඇවිදගෙන එනකොට දැක්ක කවුරුහරි කොරිඩොවෙ බිම ඉඳගෙන ඉන්නවා..මං ටිකක් ඒ හරියට ලං වුනා...ඒ අරයා..
මම කෝකටත් කියලා එයාගේ ළඟට ගියා.. එයා ඔලුව දනිහිසට තියාගෙන අමාරුවෙන් හිටියේ..මං එයාගෙ උරහිසට අත තියලා කොහොමද කියලා ඇහුවා උත්තරයක් දුන්නේ නෑ..එයා අමාරුවෙන් ඔළුව උස්සලා මගේ දිහා බැලුවා..

"එයි..ඔයාට සනීප නැද්ද.."

එයා මං දිහා බලන් හිටියා හැබැයි එයා මාව අඳුරගත්තයි කියලා මම හිතන්නෑ.. එයාව හොඳටම ගැහෙනවා.. මං එයාගෙ අතින් අල්ලුවා..ඒවා ගින්දර වගේ රසයි..

"ඔයාට උන නේද.."

"මට...ප්‍රශ්නයක්..නැහැ..."

"ප්‍රශ්නයක් නෑ කියන්නේ කොහොමද ඔයාට හොඳටම උණ.. කෝ එන්න නැගිටින්න.."

මම එයාව මගේ ඇඟට හේත්තු කරගෙන පාකින් එක පැත්තට ආවා..

"අපි hospital යමු ඔයාට හොඳට උණ නෙ.."

"hospital යන්න බෑ..මට ගෙදර යන්නොන.."

"හරි අපි ගෙදර යමු.."

මං එයාව කාර් එකට නග්ගලා.. මම එහා පැත්තෙන් කාර් එකට නැග්ගා..

"සීට් බෙල්ට් දාගන්න.."

එයා අමාරුවෙන් බෙල්ට් එක ගන්න හදනකොට මං එයාගේ ළඟට ලං වුනා.

"කෝ..ඉන්න මම දාන්නම්.."

එයාගේ රස්නෙ මගේ මූනෙ වදිනවා වගේ.. එයාගේ හුස්මත් හරිම රස්නෙයි.. මං මූණ දිහා බලන් හිටියා ඇස් දෙක භාගෙට පියවිලා තිබුණේ..කවදාවත් නොදැකපු ලස්සනක් මම එයාගේ මුණෙන් දැක්කා.. එයාට තිබුණේ දිග නහායක් අනික එයා යටිතොල ලග ලපයක් තිබුනා..ඒ කෙලින්ම බෙල්ලෙත් ලපයක් තිබුනා..මම ඒ දිහා බලාගෙන හිටියා එයාට කොහොමත් තිබුණේ නිදිමත ඇස් ඒවා තවත් බර වෙලා පියවෙන්න ඕන්න මේන්න වගේ  තිබුණේ.. මගේ හදවත වේගයෙන් ගැහෙනවා...මම හෙමීට එක අතක් පපුවෙන් තියාගත්තා.. මට මෙ මොකක්ද වෙලා තියෙන්නේ.. අනිත් පැත්ත බලා ගෙන ඉක්මනින් එහාට වුණා.. මං කැම්පස් එකෙන් එළියට කාර් එක දැම්මා..

~DESTINED TO BE ~Where stories live. Discover now