16.පිටුව

69 6 5
                                    

"ඔය කළු පටි ටික ගෙන්න... බෝඩ් ඔතන තියන්න.."

"ආ අෂ් උඹ ආවාද..."

මං යනකොට කට්ටිය ලැස්තිවෙලා.. සතියා මාව දැකලා මං ලගට දුවගෙන ආවා..

"කොහොමද දැන් වැඩ ටික.."

"සෙරම හරි.. දැන් උඹ අවුලක් නෑ නේද..විහස් අයියා කිව්වා උඹට සනීප නෑ වගේ නම් ඉන්න කියලා..."

"නැ බං දැන් ශෙප්..."

අපි පෝලිං හැදිලා කළු පටි බැඳගෙන බැනර් පෝස්ටර් මේ සේරම අරගෙන සටන් පාඨ කියන ගමන් පාගමනින් ආවා..

_සෙනවිරත්න ඇමතිවරයාගේ විවෘත්ත කිරීම හෙළා දකිමු_

_විවෘත්ත කිරීමෙ උත්සවය වහා නවතනු_

'කපා කපා කැලි කපා අප වලකනු සිතනු එපා'

'අපෙ අයිතිය අපිට දියව්'

_විවෘත්ත කිරීමෙ උත්සවය නවත්වන්න!_

"අෂ්..විහස් අයියා කතාකරනවා..'

නිම්මා ඇවිත් මට කිව්වාම මගේ අතෙ තිබ්බ බැනර් එක තුහිර අතට දිලා සෙනග අතරින් රිංගලා අයියලා හිටපු තැනට ගියා..
අපි හිටියේ දෙවෙනි කණ්ඩායමේ පළවෙනි පෝලිමේ.. අයියලා හිටියේ පලවෙනි කන්ඩායමෙ ඉස්සරහාම පොලිමෙ අපි පිකටින් වලදි යන්නෙ ෆැකල්ටියේන් ෆැකල්ටිය විහස් අයියලා art එකෙ නිසා එයාලා යන්නෙ එයාලාගෙ ෆැකල්ටියේ නම ගහාගෙන..එයා ශිෂ්‍ය සංගමයේ සභාපති නිසා එයා තමයි ඉස්සරහින් යන්නෙ..මම අපේ ෆැකල්ටියේ බැනර් එක අරගෙන අපෙ කන්ඩාමෙ ඉස්සරහින් යනවා..ෆොත් ඉයර් සෙට් එකයි තර්ඩ් ඉයර් අපි විතරයි ආවෙ..

"ඕ ... කියන්න අයියෙ.."

කට්ටියගෙ සද්දේ එක්ක හරියට ඇහෙන්නෙ නෑ මන් කැගහාලා ඇහුවා..

"මිඩියා වලින් ඇවිල්ලා..උඹ ගිහින් voice cut එකක් දෙන්න.."

"හා අයියේ.."

අපේ කැම්පස් එකේ ශිෂ්‍ය සංගමයේ මාධ්‍ය කැඳවුම්කරු විදියට මං තමයි හැමදාම voice cut දෙන්නෙ...

"ඔබට මොකක්ද කියන්න තියෙන්නේ මේ විරෝධතාවය ගැන..."

"ඔහු ඇත්ත වශයෙන්ම අපේ විශ්වවිද්‍යාලිය ශිෂ්‍ය සංගමය උපසභාපති මෙන්ම මාධ්‍ය කැඳවුම්කරු විදියට අපේ ස්ථාවරය තමයි මේ විවෘත කිරීම කෙසේ හෝ නතර කරන එක..සෙනවිරත්න ඇමතිතුමාට මේ විවෘත කිරීමට සහභාගී වෙන්න කිසිම අයිතියක් නෑ. මොකද මේ ගරා වැටුණු ගොඩනැගිල්ල යළි ස්ථාපිත කරේ විශ්වවිද්‍යාලය වෙනුවෙන් වෙන් කරලා තිබුණු මුදල් වලින් වගේම විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයින් විසින් එකතු කරපු ආධාර මුදල් වලින්.. එතකොට මේක විවෘත කරන්න ඇමති කෙනෙක් හෝ රජයේ නියෝජිතයෙක් අපිට අවශ්‍ය වෙන්නේ නෑ කියන එක තමයි ශිෂ්‍ය සංගමය විදියට අපේ මතය.."

~DESTINED TO BE ~Where stories live. Discover now