03.පිටුව

81 8 0
                                    

ඒයි......... තමුං .... මෙහාට එනවා....

මං එකපාරට ඉඳගෙන හිටපු බංකුවෙන් නැගිට්ටාම.. සතියායි දෙනෙති නිම්මායි අපේ බැච් එකේ අනිත් උනුයි.. මහීෂ් අයියායි සේරමලා මං දිහා එකපාර හැරිලා බැලුවා..

මං ඉතින් වැඩිය ඔය වගේ දේවල් වලට ඉන්වොල් වෙන්නෙ නෑ... මං මෙතෙන්ට ඇවිල්ල බලන් ඉන්නවා විතරයි.. ඒ කරලා අලුත් ළමයි සම්බන්ධ කරන ගන්නවා අපේ කැම්පේන් වලට..මං කැම්පස් එක ඇතුලේ කරන්නේ පිකටින් පෝස්ටර්කැම්පෙන් ඒ වගේ ශිෂ්‍ය සංගමය වැඩ විතරයි.. මොකද මම තමයි මාධ්‍ය කැඳවුම්කරු වගේම ශිෂ්‍ය උප සභාපති...
විහස් අයියා තමයි ශිෂ්‍ය සභාපති එයාව දැක්කහම තමයි මටත් ආස හිතුනේ කැම්පස් එකේ ශිෂ්‍ය සංගමෙ වැඩ වලට එකතු වේන්න.. අපි ආව මුල් දවස්වලම කැම්පස් එකේ ගහා ගාව බෙන්ච් එකේ ඉඳන් එයා අපිට ලක්චර් එකක් දුන්නා.. එයා කිව්වේ කැමති අය විතරයි මේකට සහභාගී වෙන්න කියලා.. අකමැතිම නම් ඉන්න කියලා බලකරන්නේ නෑ කියලා.. ඒ කාලේ හිටපු අය අලුත් අයව බලෙන් තමයි ඔය වැඩ වලට සම්බන්ධ කරන්න තියෙන්නේ.. විහස් අයියා එහෙම නෑ.. එයා කිව්වෙ කැමතිනම් විතරක් මේ වැඩ වලට සම්බන්ධ වෙන්න කියලා.. එයා ඒ තනතුරට ගොඩක් හොඳට ගැලපෙනවා කෙලින් කතා කරන කෙලින් තීරණ ගන්න කෙනෙක්..මං පළවෙනි දවසෙම තීරණය කරා ඒගොල්ලත් එක්ක වැඩ කරනවා කියලා...ඒක නිසා මං ආපු මුල් කාලේ ඉඳන් ශිෂ්‍ය සංගමයට වැඩ කරා...ඒකෙන් තමයි මට ශිෂ්‍ය සංගමයේ උපසභාපති තනතුර ලැබුණේ..

මම කොහොමත් මේ පවතීන පාලන ක්‍රමයට කැමති නෑ..නිර්ධන පන්තියේ දුප්පත් ජනතාවගේ ධනය හූරා කන ධනපති පන්තියේ මජර දේශපාලඥයින්ට මං කැමතියි නැහැ...මට ඕන මෙ පවතීන ක්‍රමය වෙනස් කරන්න.. මං මෙ කතාකරන භාෂාව කෙරෙනවා ද දන්නැ.. පිටසක්වල ජීවීන් ගෙ භාෂාවක් වගේ හිතෙනවද.. පිකයටින් වල කතා කරලා.. කතා කරලා..දැන් නිකනුත් කතා කරන්නෙ මෙහෙමයි...

කොහොමත් ඉතින් මං වචන සීයක් කතා කරොත් ඒකෙන් අනූනමයක්ම කතා කරන්නේ දේශපාලනය ගැන... මං ඒකයි දෙනෙතිත් එක්ක යාළුවෙන්නැත්තේ එයාට මං කියන ඒවා නිතරම boring වෙනවා මං බයයි මං ආදරේ කරන කෙනාට මාව එපා වෙයි කියලා.. මගේ මේ දේශපාලන වැඩ නිසා..අනිත් එක එයා කොහොමත් කැමති නෑ මං මේවට ඉන්වොල් වෙනවට..මොකද මේ වැඩ වලට ගියාම සෑහෙන ප්‍රශ්න ඇති වෙනවා.. විශේෂයෙන්ම මට සෑහෙන ප්‍රශ්න ඇති වෙලා තියෙනවා..මගේ ප්‍රශ්න තව කෙනෙකුට දෙන්න මං බයයි..මට ආරක්ෂා කරන්න කෙනෙක් නැති උනාම මට ඒ ගැන බය වෙන්නෙ දෙයක් නෑ..මම මැරෙන්න බය නෑ...මොකද මට ඉන්නේ මං විතරයිනෙ...

~DESTINED TO BE ~Where stories live. Discover now