02.පිටුව

103 5 0
                                    


"ඔන්න බලාගෙන..............."

"උඹට තුවාලයක් නෑ නේද..."

අපි තුන්දෙනාටම හිතා ගන්න බැරව තුන්දෙනා එක්කෙනාගේ එක්කෙනාගේ ඇඟ උඩ වැටුණා.... ඌ ආපු වේගෙට අපි තුන්දෙනා ගිහින් එතන තියෙන කානුව ලඟයි ඇදගෙන වැටුනේ ..

"කවුද බං......ඒ......"

"අඩෝ දෙනෙති උඹට තුවාලයක් නෑ නේද??.."

"නෑ නෑ මට අවුලක් නෑ...."

අපි තුන්දෙනාම යන්න ලෑස්ති වෙලා හිටියේ අලුත් නැවේන් ආව කට්ටිය පැත්තට.. පාකින් එකේ ඉඳන්..ඒ එක්කම වගේ අපේ පැත්තට කඩාගෙන ආවේ කළු පාට 488 pista car එකක් ..

"කවුද බං එක drive කරේ... කොහේ යනවා කියලා හිතාගෙනද දන්නෑ ආවේ.."

"ඒ දෙනෙති උඹට අවුලක් නෑනේ.."

"නෑ නෑ බං.. ඉස්සෙල්ලාම හොයාගනින් කවුද ඕක එලවපු එකා කියලා.. ඌ හිතාගෙන ඉන්නේ හයිවේ එකේ යනවා කියලා..."

"කාගේද බං ඔය කාර් ප්‍රොෆෙක්ගෙ වත් ද .."

"වෙන්න බෑ.. අපි දන්නේ කිසිම ප්‍රොෆෙක්ට ඔය වගේ කාර් එකක් තිබ්බේ නෑනේ ...."

"අනිත් එක උඹට පේන්නේ නැද්ද ඒක වී වී අයිපී එකක්..."

"හැබැයි බං සුපිරි කාර් එක දැක්කා මත් ආස හිතෙනවා... "

"අනේ ඕයි හමුසෙලා දෙන්නා ඔය කාර් එක ගැන වර්ණනා කර කර ඉන්නැතුව ගිහිල්ලා ඕක එලව්වේ කවුද කියලා හොයාගනින්.. මේක ඇතුලේ ඔච්චර වේගෙන් යන්න..."

"දැන් නං ඒක අල්ලන්න වෙන්නේ නෑ.. ගියපු පැත්තක්වත් හොයාගන්න නෑ..."

"සමහර විට පාකින් එකෙ ඇති.."

"යමු එහෙනම් පාකින් එක පැත්තට.."

අපි තුන්දෙනාම යන්න ආපු පැත්තට නොගිහින් පාකින් එක පැත්තට ආපවු යන්න ගියා...

කාර් එක නම් තියෙනවා බැබලි බැබලි.. හැබැයි ඉතින් එක එලවපු එකා නම් පෙන්න හිටියේ නෑ....

"කෝ බං මේක drive කරපු එකා.."

"ඒකනෙ බං කවුරුත් නෑනේ.."

"හිටියානම් මං ඕකාට කියලා දෙනවා වාහන එලවන්නේ කොහොමද කියලා...."

~DESTINED TO BE ~Where stories live. Discover now