07.පිටුව

78 4 0
                                    

අෂ්වික-

"බලපන්කො බං ඌගේ තියෙන ලොකුකම
ඌ තාත්තගෙ හයිය අරන් තමයි නටන්නේ..."

'දැන් ඌ කියන විදියට බං අපි වැඩ කරන්න ඕනේ..."

"ඕයි..ඕයි..අෂ් මොකද බං කතා කරන්නැත්තේ...උඹ ගල් ගිල්ලා ද?.."

"අයියේ..අපි මේකට මොකද කරන්නේ ඔයාවත් කියන්නකො..මූ කතා කරන්නෙත් නෑනේ.."

අපි හිටියේ ශිෂ්‍ය සංගමය රැස්වීම් කැඳවන තැන ඒක ලොකු කාමරයක් වගේ අපි සේරම හිටියේ එතන..මට මේ වෙන කිසිම දෙයක් හිතාගන්න බැ ඔය ඇමතියාට මං කොහොමත් කැමති නෑ හේතුව ඔය මිනිහා අපි තාත්තත් එක්ක ඒ කාලේ ප්‍රශ්නයක් දාගත්තා.. ඕකා නිසා අපේ තාත්තට ගොඩක් ප්‍රශ්න ඇතිවුණා.. මගේ තාත්තා ලෝයර් කෙනෙක් තාත්තා නැතිවෙන්න අවුරුදු දෙකකට  තුනකට විතර කලින්.. එතකොට මම නමය වසරේ වගේ..උගේ ලොකු පුතා ඒ කියන්නේ මෙ ඇවිල්ලා ඉන්න එකාගේ අයියා කියන එකා බීලා යනකොට මනුස්සයෙක්ව හප්පලා ඒ මනුස්සයා මැරුණා.. කොහොම හරි ඒ මැරුණ මනුස්සයාගේ පවුලේ අය නඩුවක් දැම්මා.. ඒගොල්ලන්ගේ ලෝයර් විදිහට වැඩ කරේ අපේ තාත්තා.. ඊට පස්සේ වැරැද්ද උනේ අරූගෙ අතින් නෙවෙයි driver අතින් කියලා ඒ කේස් එක යට ගැහුවා..
ඒත් තාත්තා ඒ මනුස්සයාගේ පවුලේ අයට සාධාරණයක් කරන්න හිතාගෙන දිගටම කතා කරා.. ඒත් වැඩක් උනේ නෑ උන්ගේ දේශපාලන බලයයි සල්ලි වලින් ඒ නඩුව  වහාලා දැම්මා..අන්තිමට ඩ්‍රයිවර් ඇප මත නිදහස් වුණා..ඔය කාලයේ අපේ තාත්තාට මරණ තර්ජනත් ආවා නඩුවෙන් අයින් වෙන්න කියලා.. ඔය පවුලේ හැම එකාම එක වගේ..උන් ඔක්කොම එකයි.. දැන් ඒ පාර මූ ඇවිල්ලා මාව කන්න..

මම ඔළුවේ අත තියාගෙන කල්පනා කරගෙන ඉන්නකොට විහස් අයියා ඇවිල්ලා එකපාර මගේ කරට අත දාගෙන මගේ ළඟින් ඉඳ ගත්තා.. මං ගැස්සිලා එයා දිහා බැලුවා..

"මොකද බං වෙලා තියෙන්නෙ..කල්පනා කරන්නේ??.."

"නෑ අයියේ මූන්ගෙ පවුල්වල සේරම එකයි.. මං කල්පනා කරේ මේකට දැන් මොකක්ද කරන්නේ කියලා.."

"රැග් එක අපි ෂේප් එකේ කරගෙන යමු.. වෙන මොකක් හරි කේස් එකක් දාන්න ආවොත් ඒ වෙලේට ඒක බලමු.."

~DESTINED TO BE ~Where stories live. Discover now