04. පිටුව

87 7 0
                                    

"ප්ලේන්ටියක් දාන්න අයියේ.. ආ...මේ වඩේ දෙකකුත් දෙන්න.."

මං කැන්ටින් එකට ගිහිල්ලා මුකුත් නොවන ගානට එතනින් ඉඳගෙන කන්න ගත්තා..

"ඒ බං මේ....."

සතියා ඇවිල්ලා මං ගාවින් ඉඳගත්තා..

"ඒ බං මේ බලපංකෝ..."

"ඒ අපිට ප්‍රශ්නයක් වේද බං...උඹ දන්නවනේ..දැන් ඉස්සර වගේ නෙවෙයිනෙ.. අනිත් එක දැන් චන්දෙත් ලඟයි අලුත් එවුන්ගේ ඡන්දෙ උඹට ලැබුනේ නැත්නම් උඹට සභාපති වෙන්න බැරි වෙයි බං..."

"ඒ.. මෙ බලපංකෝ.. මං උඹට කතා කරන්නේ...."

"මට සභාපති වෙන්න ඕනේ නෑ..මම වැඩ කරන්නේ මගේ කැමැත්තට..මට එක එපාවුනොත් මං හෙට ඉදන් වැඩ කරන්නේ නෑ..
මං තනතුරු බලාපොරොත්තුවෙන් නෙවෙයි මේවා කරන්නේ..."

නිම්මායි තුහිරයි දෙනෙති අපි ඉන්න පැත්තට ආවා..

"බලපං කෝ මූ මුකුත් නෝනගේ ඉන්න හැටි..."

"ඇයි අෂ් උඹට බැරි ප්‍රශ්න දාගන්නේ නැතුව ඉන්න..මං උඹට කොච්චර කියනවද..මං කියන දේවල් උඹ කනකටවත් ගන්නෑ..උඹ අර අම්මටත් දුක් දෙනවා.."

"මොන අම්මා ද..මට අම්මා කෙනෙක් නෑ උඹලා දන්නවනේ..

දෙනෙති මන් දිහා බලාගෙන කේන්තියෙන් දුකින් අම්මා ගැන කියද්දි..අම්මා ගැන කියපු නිසා මට කේන්ති ගියා..

"ඒ මනුස්සයට ඔහොම කරන්න එපා.. තාත්තගෙ-ග..තාත්තාට වෙච්ච දේට ඒ මනුස්සය මොනව කරන්නද.."

"එයා මගේ අම්මා නෙවෙයි.. එයා මගේ කවුරුත් නෙවෙයි..ඔය කතාව නවත්තන්න මගේ ඔලුව තවත් අවුල් කරන්නේ නැතුව.."

"හරි දැන් ඕක නවත්තන්න..අරූ තාම අතන ඉන්නවද?.."

"ඔව්....මං නම් හිතන්නේ අනිවාර්යෙන් ඔකා ඕක ගැන කම්ප්ලේන් කරයි..."

"ඉතින් කරපු දෙන්...අනිත් එක රුග් කරන එක වැරද්දක් නෙවෙයි නෙ.. උබට පුලුවන්නම් අලුත් ළමයිව රුග් කරන්න මං කරාම මොකද වෙන්නේ.."

"යකෝ උඹට සති දෙකට සස්පෙන්  එකක්වත් වැටුණොත් ..මේ තියෙන වැඩ අස්සෙ.."

"කමක් නෑ...ඌ කරපු වැරැද්ද මං ඔප්පු කරනවා..."

"අනේ බං..ඔප්පු කරන්නේ ප#න් ද?.."

~DESTINED TO BE ~Where stories live. Discover now