09.පිටුව

73 6 2
                                    

"කවුද උඹේ අත හුරන් කාපු එකා..??"

"අරූ අයියේ..."

අපි සේරම හිටියේ ශිෂ්‍ය සංගමෙ වැඩ කාමරේ..

"මොකක්ද බං උඹලට වෙලා තියෙන්නේ.. ඉස්කෝලෙ යන පොඩි උන් වගේ හැසිරෙන්නේ..."

"මෙන්න මූ අයියේ..මං කිව්වා මූට.."

"ඉතිං මහිෂ් අයියනේ කිව්වේ.. උගේ විදිහටම ඌට රිටන් එකක් දෙමු කියලා.."

"මං තොට කිව්වාද හු#තො උගේ බයික් එක පැඳලා ආතල් ගන්න කියලා.."

"මොළයක් තියෙන එකෙක් මූ කියන දේවල් කරනවද.."

"අනේ බං මේ... මං මූට එහෙම එකක් කිව්වේ නෑ.. "

මහිෂ් අයියා අපි සෙරම බැන බැන කැන්ටින් එකට ගියා.. අපේ පිකටින් එක ළඟ ළඟම නිසා අපිට දැන් හොඳටම වැඩ.. ඒ අස්සේ විහස් අයියා කියවන්න ගත්තා අපි කරේ මහ ගොන් වැඩක් කියලා..මම මූට කිව්වා මේක හරියන්නෑ කියලා..

"අයියෝ..දෙයියනේ...සුදු අයියේ මොකක්ද දෙයියෝ ඔයාට මේ උනේ..."

ඒ එක්කම වගේ එතනට දුවගෙන ආවේ ටයිනි මං දෙනෙතිට හැමදාම කියනවා මේ කුණ්ඩවාලේ අපි ඉන්න තැනට උස්සන් එන්න එපා කියලා.. ඒකි මගේ ෂර්ට් එකේ අතේ තිබ්බ ලේ දැකලා ලතෝනි තියන්න ගත්තා.. මෙකි කෑගහපු කෑගැහිල්ලට එතන හිටපු සේරටම හිනා ගියා..අපේ එවුන්ටත් ඉතින් මට හිනාවෙන්න තියෙනවනම් ඊට වැඩිය දෙයක් නෑ.. මේ හෝන්තුවගේ පස්සෙන් දෙනෙතිත් අපි ඉන්න පැත්තට ආවා මම ඒකට රවලා බැලුවහම එකිත් හිනාවෙනවා..මුං ඔක්කොම එකයි..

"මට මුකුත් නෑ..ඔයාට lectures නැද්ද.. මෙහෙට බඩ ගාන්නේ??..."

"කවුද සුදු අයියේ බඩගෑවේ..ඇවිදගෙන ආවෙ.. අනික මම හිතුවා අද ඉඳන් ඔයාලට උදව් කරන්න මෙහෙ එන්න..."

සතියාට බිබී හිටපු වතුර එකක් ඉස්මොලේ ගියා..ඒක අහලා..අපෝ උඹ එනවා නම් මං හෙට ඉඳන් ගෙදර නවතිනවා.. මොකද ඉතින් මේකි ආවොත් ඊට පස්සේ මං යන යන හැම තැනම සුදු ඇයියේ සුදු ඇයියෙ ගාගෙන එනවනේ...

"ඔයාට මේවා තේරෙන්නේ නෑ..ඔයා ඔයාගේ වැඩක් බලාගන්න.."

"ඇයි සුදු අයියේ එහෙම කියන්නේ??.."

~DESTINED TO BE ~Where stories live. Discover now