12.පිටුව

76 7 2
                                    

අෂ්වික-

සති දෙකක සස්පෙන් එකක් තිබ්බා කියලා ලොකු අවුලක් නෑ, ලෙක්චස් වලට ඉන්න බැරි එක විතරයි.. මං කැම්පස් ආවා කියලත් ඉතින් ලෙක්චස් වලට හිටියේ නෑනේ.. මම ඉවසීමෙන් හිටියට හොඳටම කේන්ති..මම දැක්කා අරු කැම්පස් ඇවිල්ලා ඉන්නවා හැම දෙයක්ම අවුල් කරලා කිසිම දෙයක් නොවන ගානට හරිම සැහැල්ලුවෙන් ඉන්නේ.. ඌට ඉතින් මොකද මටනෙ කකුල් දෙක ළඟට ගිහින් සමාව ගන්න උනේ.. පිකටින් එක ළඟ නිසා හරියට වැඩ.. සමහර පෝස්ටර් ප්‍රින්ට් කරන්න එහෙ මෙහෙ ගිහින් එපා වෙලා..බයික් එකත් නැති නිසා මේ දවස්වල කැම්පස් ආවෙත් බස් වල.. බස් වල එන්න ගියාමත් එපා වෙනවා..මේ දවස් ටිකේම නින්දක් නැහැ..රෑට රෑ වෙලා ගෙදරයනවා..නිදා ගන්න ඇඳට ගිහින් අනික් පැත්ත හැරුන ගමන් එළි වෙලා ආපහු යනවා.. අනික හැමදාම හවසට වැස්ස.. තෙමිලා හෙම්බිරිස්සාව වගේ.. ඇඟටත් හරි නෑ..

"අෂ් බැලුවද බැරියල් තියෙන්නේ කොහෙද කියලා.."

"ඔව්.. ආරංචියේ හැටියට නම් තුම්මුල්ල හරියෙදි  ඉඳන් බැරියල් තුන හතරක්ම දාන්නලු ඉන්නේ.."

"උඹ ඒ ටික බලපන් මොකද අපිට ඕව පාස් කරගන්න යන්න වෙන්නේ.."

"හා අයියේ..."

"බයික් එක තාම හදලා නැද්ද.."

"හදලා තියෙන්නේ.. ගැරැජ් එකෙන් කෝල් කරා.."

"ඉක්මනට ගන්න බයික් එක ගත්තනම් අපිට ලේසියි.."

"හරි අයියේ..."

විහස් අයියා කිව්වට බයික් ගන්න තරම් සල්ලි මගේ අතේ නෑ.. කෑලි වගයක් අලුතෙන්ම දාන්න වුණා..එකවුන්ට් එකේ පොඩි ගානයි තියෙන්නේ එකෙන් ගන්න බෑ..

"ඒක නෙවෙයි.. අෂ් උඹගේ මූණ එච්චර හරි නෑ සනීප නැද්ද කටහඬත් වෙනස් වෙලා.."

"එහෙම නෑ, මේ දවස් ටිකේම මහන්සි වුන නිසා වෙන්න ඇති.."

"හම්.."

මම පෝස්ටර් බෙදුවා..අලවන ඒවා වෙනමයි බැනර් මේ සේරම හරිද කියලා බලලා  අපේ faculty වෙන එකෙක්ට ඒ ටික දුන්නා.. මේකට අපේ කැම්පස් එකේ කට්ටිය විතරයි එන්නේ..කොහොම හරි මම එතන තිබෙන පුටුවෙන් හාන්සිවෙලා හිටියා හරි අමාරුයි..

~DESTINED TO BE ~Where stories live. Discover now