3

530 72 3
                                    

ජිමින් college ගිහින් ඇවිත් කියන විස්තර තේහ්‍යුන්ග් අහන් ඉන්නේ සුරගනා කතාවක් අහනවා වගේ. ජිමින් ඉස්කෝලේ දී ඩාන්සින් කරන හැටි, යාලුවෝ එක්ක කෑම ගන්න හැටි, ගුරුවරුන්ගේන් හම්බවෙන පනිශ්මන්ට්, හොදමදේ තම ජිමින්ට වඩා අවුරුද්දක් සීනියර් ක්ලාස් එකේ ඉන්න ජිමින්ගේ පුසෙක් වගේ Bf යුංගි ගැන තේහ්‍යුන්ග් අහන් ඉන්නේ කටත් ඇරගෙන. තේහ්‍යුන්ග් නොදකින්න college එක ජිමින් කියන දේවල් වලින් තේහ්‍යුන්ග් මවා ගත්තා. තේහ්‍යුන්ග් හින මැව්වා කොහෙම හරි college යන්න. තේහ්‍යුන්ග් එයාගේ අප්පාට අවුරුද්දක් තිස්සේම කියවලා කියවලා අවසාන අවුරුද්ද විතරක් college යන්න කැමති කරව ගත්තා. එකත් ජිමින් හා ඩ්‍රයිවර් කෙනෙක් එක්ක.

තේහ්‍යුන්ග් හිතන තරම් තේහ්‍යුන්ග් ට මුල් කාලයේ college එක සුන්දර උනේ නෑ. මොකද තේහ්‍යුන්ග් මේ පරිසරයට හුරු නෑ. තේහ්‍යුන්ග් කුඩුවක දාපු කෙනෙක් වගේ ජිවත් වෙලා එකපාර මිනිස්සු ගොඩක් එක්ක ගැවසෙන්න උන එක තේහ්‍යුන්ග්ව කලබල කෙරෙව්වා. තේහ්‍යුන්ග් අතින් බඩු වැටෙනවා, පොඩි සද්දෙකට උනත් බය වෙනවා, කවුරු හරි යාලුකමට පොඩි තට්ටුවක් දැම්මාත් තේහ්‍යුන්ග් හැසිරුනේ මහසෝනා ගහලා වගේ. ටික දවසක් යනකොට මේ ගතිය ටිකක් අඩු උනත් සම්පූර්ණයෙන් නැති උනේ නෑ. තේහ්‍යුන්ග් අදටත් පොඩි සද්දෙකට උනත් ගොඩක් බය වෙනවා.

College එකේදී තමා තේහ්‍යුන්ග් එයාගේ ජිවිතේ පලවෙනි වැරැද්ද කර ගත්තේ. ඒ බේගම් කියලා තරුනයෙක් සමඟ ආදරේන් බැඳුන එක. තේහ්‍යුන්ග් ආදරේ ලබන්න ගොඩක් ආසයි. එයා ආදරේට ගොඩක් ලෝබයි. මොකද තේහ්‍යුන්ග් ජිවිතේ අඩුවෙන්ම ලැබුනේ ආදරේ නිසා. තේහ්‍යුන්ග් අහිංසක හිත ආදරේ මහ ගොඩක් බලාපොරොත්තු උනා. මිනිස්සු ගැන දැනුමක් නැති ආදරේ හොයන තේහ්‍යුන්ග් හරි ඉක්මනින් බේගම්ට රැවටුනා. බේගම් කලේ රැවටිමක් තේහ්‍යුන්ග් සල්ලි වලටයි බේගම් ආදරේ කලේ කියලා දැන ගත්තාම තේහ්‍යුන්ග් හිත කැලි කැලි වලට කැඩුනා. ඒ පීඩනය දරා ගන්න බැරුව තේහ්‍යුන්ග් සිහි නැතුව දවස් 3ක් හොස්පිටල් හිටියා. තේහ්‍යුන්ග් කායිකව දුර්වල පුද්ගලයෙක් නොවුනත් මානසිකව දුර්වලයි.

I Hate My Husband Waar verhalen tot leven komen. Ontdek het nu