19

504 58 1
                                    

මාස 4ට පසූ..

තේහ්‍යුන්ග් අතුරුදන් වෙලා අදට මාස 5ක් වෙනවා. ජන්කුක් තාම ජීවත් උනත් ජන්කුක්ගේ ඇගේ ජීවයක් නොතිබුන තරම්. අහුවෙන දෙයක් කනවා, දවස් දෙක තුන නොකා ඉන්නවා. රෑ එලිවෙනකල් ශරිරයට දරා ගන්න බැරි තරම් මත්පැන් බොනවා. කොහො හරි පාරක වැටිලා නිදියනවා. ජන්කුක් ගෙව්වේ අපායක් වගේ ජිවිතයක්. කිසිම අරමුණක් තිබ්බේ නෑ. මුලින් මුලින් නම් ජන්කුක් තේහ්‍යුන්ග් එයි කියන බලාපොරොත්තුන් හිටියත් කල් යන්න යන්න ජන්කුක්ගේ බලාපොරොත්තු බිඳිලා ගියා. එත් ජන්කුක් තාම බලන් ඉන්නවා. ජන්කුක් තාම හුස්ම ගන්නේ ඒ බලාපොරොත්තුව නිසා.

ජන්කුක් ඉන්න පොඩි බෝඩින් කාමරයට ලියුමක් ඇවිත් තිබුනා. ජන්කුක්ට ඒක විවෘත කරන්න හිතක් තිබ්බේ නෑ. එක ඇඳට විසික් කරලා එයාගේ සුපුරුදු තැනට ආවා. හන් ගඟ අයිනට වෙනදා වගේම තේහ්‍යුන්ග් එනකල් බලා ඉන්න.

Jk - තේහ්‍යුන්ග් මගේ රත්තරන් එකම එක පාරක් විතරක් එන්න. මගේ හිතේ තියන දුක මට ඔයාට කියන්න ඕනේ. මම ඔයාට කොච්චර ආදරේද කියලා මට කියන්න ඕනේ. එකම එකපාරක් කුකූ ලඟට එන්න.

ජන්කුක් හිතේ තියන පීඩනය අඩු කර ගන්න අත් දෙකෙන්ම කොන්ඩේ ඇද ගත්තා. ජන්කුක් ඉස්සර ලස්සනට පිලිවෙලට ඇඳුම් ඇන්දා. කොන්ඩේ ලස්සනට හැදුවා. දැන් ජන්කුක් ඇදන් ඉන්නේ කාලෙකින් හෝදලා නැති කිලිටි, ඉරුනු ඇඳුම්. කොන්ඩේ පවා කාලෙකින් පීරලා නැතිබව දැක්කාම පේනවා. සම්පූර්ණ නැතත් රැවුල තැනින් තැනින් වැවිලා.

Jk - තමුන්ට තමුන් පව් කියලා දැනේන තැනට ඔයාව පත් කලේ මම ටේටේ. ඔයාට ජීවිතේ එපා කලේ මම. ඔයා එකට මට දුන්නු දඬුවම ලොකු වැඩි ටේටේ. මම ජීවත් වෙලා ඉන්නකොට ඔයා මගෙන් වෙන් උන එක මට දරා ගන්න බැරි දඬුවමක් ටේටේ. අහිමි වීමේ වේදනාව දන්නේ අහිමි වෙච්ච මිනිස්සු කියනවා. මම ඔයාට දීපු වේදනාවම මටත් දැන් දැනේනවා. ප්ලීස්.. ඉන්න තැනකින් එකම එක වතාවක් මට කුකූ කියලා කතා කරන්න. මම තනිවෙන්න බයයි ටේටේ. මම මේ තනිකමට බයයි.

ජන්කුක් ඇඬුවා. පැය ගානක් කියව කියව ඇඬුවා. තව කෙනෙක් පිටිපස්සට වෙලා ජන්කුක් කියන දේවල් අහන් හිටියා කියන්න ජන්කුක් දැනන් හිටියේ නෑ.

තවත් අහන් ඉන්න බැරි නිසා ඒ කෙනා එතනින් ඉවතට ආවා.

රෑ හොදටම මත් වෙලා බෝඩිමට ආපු ජන්කුක් එහෙම්මම වැටිලා නිදා ගත්තා. උදේ 10 විතර නැගිටලා පොදු කරාමේන් එහෙන් මෙහෙන් මූන සෝදගෙන ආපු ජන්කුක් ආයේ යන්න ලෑස්ති උනේ සුපුරුදු තැනට. ඒත් ඊයේ ආපු ලියුම ඇඳ උඩ තියෙනවා දැකලා ජන්කුක් ඒක විවෘත කලා. ඒකේ තිබුනේ තේහ්‍යුන්ග් හා ජන්කුක්ගේ දික්කසාද ලියවිලි. එක තේහ්‍යුන්ග් අත්සන් කරලා තිබ්බා.

Jk - දෙයියනේ මේක තේහ්‍යුන්ගේ අත්සන. ඒ කියන්නේ එයා ජීවත් වෙනවා. නැත්නම් මොකටද දික්කසාද ලියවිල්ලක්. දෙයියනේ මගේ මැනික ජීවත් වෙනවා. ඒත්.. ඒත්.. ඇයි මාස ගානකට පස්සේ එයා දික්කසාදේ ඉල්ලන්නේ? ආයේ කසාද බදින්නද? මට මගේ මැනිකව බලන්න ඕනේ. මට.. මට එයාගෙන් සමාව ඉල්ලන්න තියෙනවා.

ජන්කුක් දැන් හැසිරෙන්නේ පිස්සෙක් වගේ. ඔලුවේ කෙස් අතින් පස්සට කර කර පොඩි කාමරේ වටේම ජන්කුක් කල්පනා කර කර ඇවිද්දා තේහ්‍යුන්ග් හොයා ගන්නේ කොහොමද කියලා.

At kim house

Jm - අපිට ජන්කුක්ට තව අවස්තාවක් දෙන්න බැරිද හියුන්? එයා ඉන්නේත් ගොඩක් දුකින්. මම ඔයාට එවපු වීඩියෝ එක දැක්කාද ඔයා?

Jin - එක මම දැක්කා ජිමින්. ඒත් අපි කොහොමද ජන්කුක් විශ්වාස කරන්නේ. තේහ්‍යුන්ග් බාත් රූම් එකේ ඉච්චිලා වැටිලා හිටියා. තේහ්‍යුන්ග් ලිස්සුවා කියලා එදා කිව්වේ බොරු. එදත් බීච් එකේදී ජන්කුක් තේහ්‍යුන්ග්ව තල්ලු කරනවා අපි හොදටම දැක්කා. එක විහිලුවක් කිව්වා. තේහ්‍යුන්ග් පඩිපෙලින් වැටුනේ එයාම පස්සට ගිහින් කිව්වා. ඇත්තට ජන්කුක් අරකීත් එක්ක එකතු වෙලා තල්ලු කලාද කියන්න අපි දන්නේ නෑනේ.

Jm - ජන්කුක් හැසිරෙන විදිහෙන් නම් මට එහෙම හිතෙන්නේ නෑ.

Jin - මටත් ජන්කුක් එහෙම කලා කියලා හිතන්න අමාරුයි. ජන්කුක් කියන්නේ මුරන්ඩු උනාට ඔච්චර නපුරු හදවතක් තියෙන කෙනෙක් නෙමෙයි. එත් මම බයයි චිම්. අපි බලමු. මම ලබන මාසේ අන්තිම වෙන්න කලින් තේහ්‍යුන්ග්ව marry කරනවා. Kim අප්පාත් ඒකට කැමති.

I Hate My Husband Where stories live. Discover now