15

526 63 0
                                    

jimin & yoongi side...

Jm - ටේටේ ඉන්නේ සතුටින් නෙමෙයි පූස්. මට තේරෙනවා එයා ඉන්නේ ප්‍රශ්නේක කියා.

ජිමින්ගේ ඇස් තිබ්බේ ඈත ගල්පරයක වාඩි වෙලා කල්පනාවක ඉන්න තේහ්‍යුන්ග් ලඟ.

Jm - ජන්කුක් කියන්නේ මොනවාගේ කෙනෙක් ද යුංගි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Jm - ජන්කුක් කියන්නේ මොනවාගේ කෙනෙක් ද යුංගි. ජන්කුක්ට වෙන සම්බන්දයක් එහෙම තියෙනවා ද?

Yn - ජන්කුක් කියන්නේ හොද කෙනෙක් එයාට වෙන සම්බන්දකම් මුකුත් නෑ. ඇයි එහෙම ඇහුවේ.

Jm - පෙරේදා මම දැක්කා ජන්කුක් වෙන කෙල්ලෙක්ගේ අතින් අල්ලන් shopping mall එකේ ඇවිදිනවා ඒකයි. ඔය ජන්කුක් නිසා තේහ්‍යුන්ග් මොනවා හරි උනොත් එදාට මම ඔයාවත් අත අරිනවා ඒක මතක තිය ගන්න.

ජිමින් එයගේ චූටි ඇඟිලි වලින් ඇන ඇන යුංගිට සැර දැම්මා. ජිමින්ගේ ඇස් ආයේ නැවතුනේ තේහ්‍යුන්ග් ලඟ. ඒත් එක්කම ජිමින් දැක්කා ජන්කුක් තේහ්‍යුන්ග් ව මුහුදට තල්ලු කරනවා වගේම තේහ්‍යුන්ග් විසික් වෙලා මුහුදට වැටෙනවා. ජිමින් කෑ ගහගෙන නැගිටලා තේහ්‍යුන්ග් හිටපු පැත්තට දුවන කොට යුංගි, ජින්, නම්ජුන් තුන්දෙනාත් ඒ පස්සෙන් දිව්වා.

Jm - ටේටේ ට පීනන්න බෑ. ප්ලීස් එයාව කවුරු හරි බේර ගන්න.

ජිමින් පුළුවන් තරම් හයියෙන් බෙරිහන් දුන්නා. මේ වෙනකොට තේහ්‍යුන්ග් හිටියේ වතුර පෙවිලා වතුරේ ගිලේමින්.

ජිමින් කියන එක ඇහුන ගමන් ජන්කුක් වගේම යුංගි ක්ශනයෙන් වතුරට පැන්නා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ජිමින් කියන එක ඇහුන ගමන් ජන්කුක් වගේම යුංගි ක්ශනයෙන් වතුරට පැන්නා. ජන්කුක් කොහොම හරි පීනලා තේහ්‍යුන්ග් ගොඩට අරන් ආවට තේහ්‍යුන්ග්ට සිහිය තිබ්බේ නෑ. අතපය මැරිලා වගේ පන නෑ, තේහ්‍යුන්ග් හුස්ම අල්ලන එක මේ වෙනකොට නතර වෙලා තිබ්බේ. ජන්කුක් ට හිතා ගන්න බැරි උනා කරන්න දෙයක්. ජන්කුක් වැල්ලෙත් තේහ්‍යුන්ග් දිගා කෙරෙව්වාම යුංගි ඉක්මනින් බඩ තද කරලා තේහ්‍යුන්ග් පෙවිලා තිබ්බ වතුර අයින් කරන්න උත්සාහ කලා අවසානේදී යුංගි තේහ්‍යුන්ග් කටට කට තියලා දෙතුන් පාරක් කෘතීම ස්වසනය දීලා පපුව හා බඩ තද කරනකොට තේහ්‍යුන්ග් පෙවුනු වතුර එලියට ආවා.

එතනින් එහා වෛද්‍ය කටයුතු ජින් කලා. ජන්කුක් තාම ගල් වෙලා. තේහ්‍යුන්ග් සිහිය එනකල්ම ජන්කුක් හිටියේ මේ ලෝකේ නෙමෙයි. තේහ්‍යුන්ග්ට අහිමි වීමේ වේදනාව දැනෙන්න සලස්වනවා කිව්වාට දැන් එක දැනෙන්නේ ජන්කුක්ට. තේහ්‍යුන්ග් නැති වෙයි කියන බය එයාට කොච්චර තදට දැනුනාද, එයා කොච්චර ඒ හැඟිමට බය උනාද කියලා දන්නේ ජන්කුක් විතරයි. ජන්කුක් පපුව පැලෙන්න වගේ වේදනායි. ජන්කුක්ට හිතුනා සමහර විට එයාගේ පපුව පැලිලාත් ඇති කියලා ජන්කුක් තේහ්‍යුන්ග් අහිමි උන ඒ විනාඩි ගානට එච්චර දුකක් වින්දා.

සිහිය ආ හැටියේ ජන්කුක් තේහ්‍යුන්ග් තදින් බදා ගත්තා. ආයේ තේහ්‍යුන්ග් නැතිවෙයි කියන බයට වගේ.

Jk - මට.. මට සමාවෙන්න රත්තරන්. මට සමාවෙන්න. මම ඒක හිතලා කලේ නෑ. මම ඒක විහිලුවට කලේ. මම දන්නේ නෑ ඔයාට පීනන්න බෑ කියලා.

ජන්කුක් ඇඬුවා. ජන්කුක් ඇත්තට ඇඩුවා. ජන්කුක් තේහ්‍යුන්ග් තල්ලු කලේ විහිලුවට මිසක් ඇත්තට නෙමෙයි. ජන්කුක් ඒක අඬ අඬා කිව්වත් තේහ්‍යුන්ග් ඇරෙන්න එක කවුරුත් විශ්වාස කලේ නෑ.

ජින් නම් කන පුරවලා ජන්කුක් ට පැය ගානක් බැන්නා.

එදායින් පස්සේ ජන්කුක් හැම වෙලේම කල්පනා කලේ තේහ්‍යුන්ග් නැති වෙනවා කියන එක එයාට එච්චර දුකක් උනේ කොහොමද කියලා. තාමත් ජන්කුක්‍ට තේහ්‍යුන්ගේන් පලිගන්න ඕනේද කියන එක. එත් තේහ්‍යුන්ග් ඉන්නකල් ජන්කුක්ට ජීසෝව ලංකර ගන්න බෑ. ජන්කුක් ජීසෝට ඇත්තට ආදරේ කලා. කල්පනා කරලා කල්පනා කරලා ජන්කුක් තීරනය කලා තේහ්‍යුන්ග් දික්කසාද වෙලා ජීසෝ එක්ක ඉන්නවා කියලා. ජන්කුක්ට ජීසෝට අසාධාරණයක් කරන්න හිත දුන්නෙත් නෑ වගේම තේහ්‍යුන්ග් එක්කත් මොකක්දෝ නමක් නැති බැඳීමකින් ජන්කුක් බැඳිලා හිටියා. ජන්කුක් ඒ බැඳිමට ආදරේ කියන නම දෙන්න කැමති උනේ නෑ.

I Hate My Husband Where stories live. Discover now