8

513 57 3
                                    

මේ විදිහට දින 10ක් ගෙවුනා. තේහ්‍යුන්ග් හා ජන්කුක් දිහා පිටින් බලන ඕන කෙනෙක්ට පෙනුනේ බොහොම සතුටින් ඉන්න ජෝඩුවක් වගේ. ඇත්තට තේහ්‍යුන්ග් හා ජන්කුක් සතුටින් හිටියා. එයාල ශොපින් යනවා, දෙන්න එකතු වෙලා කෑම උයනවා, මල් හිටවනවා, රෑට ගාඩ්ලාට හොරෙන් ගෙදරින් පැනලා ගිහින් පාරවල් වල තියන කෑම කා කා ඇවිදිනවා. ඇත්තට තේහ්‍යුන්ග් හා ජන්කුක් හරිම ලස්සන විනෝද ජීවිතයක් ගෙව්වා. මේ තමා තේහ්‍යුන්ග් ජිවිතේ සතුටින් ම ගෙවන කාලය. තේහ්‍යුන්ග් හිත විශ්වාස කලා ජන්කුක් ජිවිත කාලේම එයාව හොදින් බලා ගනි ආරක්ශා කරයි කියලා.

තේහ්‍යුන්ග් කියන්නේ විශේෂ ආදරයක්, සැලකිල්ලක් නොලබපු කෙනෙක් නිසා ජන්කුක් කරන කියන බෝහොම සුලු දෙයක් උනත් තේහ්‍යුන්ග් මහ ලොකුවට දැනුනා. තේහ්‍යුන්ග් ආදරේට ගොඩක් ලෝබයි. එයා හොයන්නෙත් ආදරේ. ජන්කුක් එයාව හුරතල් කරන විදිහ, එයා දිහා බලන විදිහ නිසා, පුංචි කිස් එකක් දීලා දුවන විදිහ, තේහ්‍යුන්ග් හිත නොදැනිම ජන්කුක් වෙත ඇදි යමින් තිබ්බා. තේහ්‍යුන්ග් ජන්කුක් ආදරේ කරන්න පටන් අරන් තිබ්බා. තේහ්‍යුන්ග් කොහොමත් තීරනය කරලා තිබ්බේ එයා marry කරන කෙනාට හොද හස්බන් කෙනෙක් වෙනවා කියන එක. තේහ්‍යුන්ග් ජන්කුක් හොද හස්බන් කෙනෙක් වෙන ගමන්ම ආදරනීය හස්බන් කෙනෙකුත් වෙමින් හිටියා. ඇත්තට තේහ්‍යුන්ග් ජන්කුක් උගුලට අහුවෙමින් හිටියේ කොටින්ම කිව්වොත් තේහ්‍යුන්ග් ජන්කුක් ට රැවටුනා කිව්වොත් නිවැරදී.

Tae - කුකු... නැගිටින්නකෝ... මම ඔයාගේ banana milkshake එකයි, සැන්විච් එකකුයි ගෙනාවා.

ජන්කුක් ඇහැක් පොඩ්ඩක් ඇරලා ආයේ අනික් පැත්ත හැරිලා නිදා ගත්තා.

Jk - morning kiss එක දෙන්න නැගිටින්න නම්. නැත්නම් මම දොයි ඇහැරවන්න එපා.

Tae - අනේ කුකූ නැගිටින්නකෝ. අපි අද දූපත් බලන්න යනවා කිව්වා මතක නැද්ද ඔයාට?

Jk - බෑ... ටේටේ.... මොනවා කලත් නැගිටින්නේ නෑ. Morning kiss එක දෙනකල්.

Tae - දුන්නෝත් නැගිටිනෝද?

Jk - හ්ම්...

තේහ්‍යුන්ගේ කිස් එක ගන්න ජන්කුක් තොල් දෙක උල් කරන් හිටියාත් තේහ්‍යුන්ග් කිස් එක හම්බඋනේ ජන්කුක් කම්මුලට.

I Hate My Husband Where stories live. Discover now