4

531 70 10
                                    

10 වෙනි දවස උදා උනා. අද තමා ජන්කුක්ගේ හා තේහ්‍යුන්ගේ වෙඩින් එක දවස. තේහ්‍යුන්ග් තාම මනමාලයා දැකලා නෑ. මේ විවාහය සිද්ද වුනේ සාමාන්‍ය ක්‍රමයට නෙමෙයිනේ. ජන්කුක් නම් තේහ්‍යුන්ග්ව photo වලින් දැක්කා. කොච්චර උනත් තමුන් බදින්නේ සුපිරි කෑල්ලක් කියන අදහස ජන්කුක් ඔලුවේ තිබ්බා.

At Tae room

Jm - අනේ අද මගේ තේහ්‍යුන්ගේ ලස්සන බලන්නකෝ. දෙයියනේ මගේ චුටි පැටියාට ඇස්වහ වදින්න නම් එපා.

තේහ්‍යුන්ග් කොච්චර දුකින් හිටියත් ජිමින්ගේ මේ ඔවර් ඇක්ටින් රඟපෑමට නම් එයාගේ ලස්සන හිනාව එලියට ආවා.

Jm - ඔන්න ඔය වගේ හිනා වෙලා ඉන්න ටේටේ. මම ප්‍රාර්ථනා කරනවා ඔයාට ලස්සන ජිවිතයක් ලැබෙන්න කියලා.

Tae - එහෙම වෙයිද චිම්???

තේහ්‍යුන්ග් තද කරලා ජිමින්ව බදා ගත්තා. තේහ්‍යුන්ග් දන්නවා තේහ්‍යුන්ගේ දෛවය තේහ්‍යුන්ග්ට සතුට කියන දේ දෙන්නේ ගොඩක් අඩුවෙන් කියලා. එන්න එන්නම තෙත් වෙන කමිස උරහිස නිසා ජිමින්ට තේරුනා තේහ්‍යුන්ග් අඬනවා කියලා. ජිමින් තේහ්‍යුන්ග් ඇගෙන් අයින් කලා.

Jm - ඔයි මෝඩයෝ අඬන්න එපා makeup එක කැත වෙනවා. කෝ මේ makeup artist.. මේ මූන පොඩ්ඩක් ආයේ හදන්න.

Makeup artist ඇවිත් ආයේ මොනවද උලලා ගියා.

Tae - එයා කවුරු කොහොම කෙනෙක් උනත් මම එයාට හොද හස්බන් කෙනෙක් වෙනවා ජිමින්. අදින් පස්සේ මාව අයිති එයාට. අපි ආදරේ කලත් නොකලත් මම මැරෙනකල් එයාගේ විතරයි.

තේහ්‍යුන්ග් ආදරේ, විවාහය වගේ දේවල් ගැන ෆුල් සීරියස් හිතනවා කියලා ජිමින් දන්නවා. ජිමින්ට ඕනේ මේ වෙලාවේ තේහ්‍යුන්ග් මූඩ් එක වෙනස් කරන්න.

Jm - අහ්. ටේටේ මට කියන්න බැරි උනා. ඔයාගේ මනමාලයා අර ජන්කුක්කා ඌ මාර හැන්සම් ඈ. හෙන hot and sexy පොරක්. අනික් එක තමා මගේ පුස් bf ගේ හොදම යාලුවෙක් එයා.

Tae - එක හොදයි. චිම් පූස් හියුන්ව බැන්දාට පස්සේ අපේ ගෙදර එන්න මාව බලන්න.

Jm - මූ බලහල්ලකෝ දැන්මම අපේ ගෙදර වෙලා. මේ ඒක නෙමෙයි හනිමුන් වලට ජේජු වලට සති 2ක් යනවලු නේද හ්ම්.. හ්ම්..

ජිමින් ඇහි බැමි උස්සලා වල් කතාවක් කියන්නේ කියලා දන්න නිසා තේහ්‍යුන්ග් ජිමින්ව කාමරෙන් එලියට දැම්මා. කොච්චර උනත් තේහ්‍යුන්ග් හිතට හදිස්සියක් තිබ්බා එයාගේ වෙන්ඩ හස්බන්ව බලා ගන්න.

තේහ්‍යුන්ග් හිටිය කාමරේටම පහලින් තිබ්බ කාමරේ තමා ජන්කුක් ලැස්ති වෙන්න පාවිච්චි කලේ.

At Jk room

නම්ජුන්, යුංගි හා ජන්කුක් ඇඳුම් අඳින ගමන් ඉන්නේ. නම්ජුන් හා යුංගි තමයි ජන්කුක්ගේ දෙවෙනි මනමාලයෝ දෙන්නා.

Yn - මට පුදුමේ තියෙන්නේ රෑ අපිත් එක්ක බීලා මේ කොල්ලාව කවදාවත් බදින්නේ නෑ කියපු උබ උදේ මඟුලට කැමති උනේ කොහොමද කියලා?

Jn - ඔව්. මටත් හිතා ගන්න බෑ. මූ සීරියස් ජීසෝට love කලානේ. අනික උබ කොන්ඩේ කැපුවේ ඇයි? උබ ඒක වැව්වේ ආසාවෙන්නේ?

Jk - මම මේ හු@#$# කැමති උනේ හේතු දෙකක් නිසා. කොන්ඩේ කපන්නත් හේතුව ඌ.

ජන්කුක් කන්නාඩියෙන් එයාගේ රෑපේ දිහා බල බල කෝට් එක අදින ගමන්ම උත්තර දුන්නා.

Jn - මොකද හේතු දෙක? ඇයි කොන්ඩේ කැපුවේ?

Jk - පලවෙනි එක මට අප්පාගෙන් බේරෙන්න බැරි නිසා. දෙවෙනි එක මගේ ජීසෝ බබා කියපු නිසා. අනික අරු කැමති වැදගත් ටයිප් එකේ උන්ට නිසා.

Yn - අහ්.. එකයි උබ මේ tatoo වහගෙන ඉන්නේ. එතකොට ජීසෝ අද උබ බදිනවා කියලා දන්නවාද? එතකොට උබලාගේ ලව් එක?

Jk - එක නැවත්තුවේ නෑ යුංගියා. එක කාටවත් නතර කරන්නත් බෑ. මම ජීසෝ බබාට පන වගේ ආදරේයි.

Yn - මොනවද උබ මේ කියවනේ උබට සයිකෝද? ජන්කුක් මට කෙලින් කියපන් උබේ ඔලුවේ වැඩ කරන ප්ලෑන් එක මොකක්ද කියලා? මගේ හිත කියනවා උබ මොකක් හරි නරුම වැඩකට මේ ලෑස්ති වෙන්නේ කියලා. ජන්කුක් මෝඩ වැඩ නම් කරන්න එපා. මොකද ඒ කොල්ලා ගොඩක් අහිංසක කොල්ලේක්ලූ. ඌ හොයන්නේ ඌට ආදරේ කරන කෙනෙක්. පොඩි කාලේ ඉදන් ඌට ආදරයක් හරියට ලැබුනේ නැති නිසා. පව් වැඩ නම් කරන්න එපා යකෝ.

Jk - උබ කොහොමද එච්චර විස්තරයක් දන්නේ?

Yn - ජිමින් කිව්වේ. ඇයි උබට මතක නැද්ද මම උබට කිව්වේ ජිමින් ඌගේ හොදම යාලුවා කියලා.

ජන්කුක් කට කොනින් සමච්චල් හිනාවක් දැම්මා මුකුත් නොකියා. ජන්කුක් දැන් හොදටම දන්නවා තේහ්‍යුන්ග් රිද්දන්න පුළුවන් හොදම ක්‍රමය. "ඌ මගේ ආදරේ මගෙන් ඈත් කලා ටික දවසකට හරි. තමුන්ට මම පෙන්නන්නම් ආදරේ නැති උනාම දැනේන වේදනාව" ජන්කුක් හිතින් හිතුවා.

I Hate My Husband Место, где живут истории. Откройте их для себя