18

557 65 1
                                    

Jisoo - ඕකව අල්ලන්නවත් එපා. ඕකට ඔහොම ඉන්න දෙන්න.

Jk - පිස්සු කියවන්න එපා ජීසෝ.

ජන්කුක් බිම ඉදගෙන තේහ්‍යුන්ග්ව ඉස්සලා උකුලට ගත්තා. තේහ්‍යුන්ග් පරික්ෂා කලත් තුවාලයක් පෙන්න තිබ්බ නැති නිසා ජන්කුක් සැනසුම් සුසුම් හෙලුවා.

Jisoo - අත අරින්න කිව්වා නේද ඕකාව. ඉන්නවකෝ මම හොද වැඩක් කරන්න.

ජීසෝ ලඟ තියෙන පිහියක් අරගෙන එයාගෙම අත කපා ගත්තා. ජීසෝගේ අත දිගේ එයාගේ උනු ලේ වැක්කෙරෙනව.

Jisoo - දැන් මූවද මාවද ඕනේ කියලා තෝර ගන්න.

ජීසෝගේ අතින් ලේ ගලනවා තේහ්‍යුන්ග් නම් තුවාල නෑ. සිහි නැතිවෙලා විතරයි. ජීසේ වේදනාවටත් වැඩිය රඟපාන නිසා ජන්කුක් රැවටුනා. ජීසෝව වාහනේට දාගෙන hospital අරන් ගිය ජන්කුක් ජිමින්ට යන ගමන් කෝල් කලා.

Jk - ජිමින් පොඩ්ඩක් තේහ්‍යුන්ග්ව ඉක්මනින් mansion එකට ගිහින් බලන්න. මම ලොකු වැඩක ඉන්නේ මම පුළුවන් ඉක්මනින් එනවා.

ජන්කුක් කියන්න ඕන ටික කියලා phone එක cut කලා. ජිමින් තව විස්තර ඇහුවොත් ජන්කුක් දෙන්න උත්තර නැති නිසා.

ජිසෝව hospital එකේ ඩොක්ටර්ස්ලා බාර ගත්ත ගමන් ඒ විනාඩියේම ජන්කුක් ආපහු හැරිලා mansion එකට ආවාත් ඇස් ලොකු කරන් ඉන්න ජිමින් ඇරෙන්න තේහ්‍යුන්ග්ව දැක්කේ නෑ. ජන්කුක් ජිමින් ලඟට දුවගෙන ඇවිත් ජිමින්ගේ උරහිස් දෙකෙන් අල්ලලා හෙලෙව්වා.

Jk - කෝ තේහ්‍යුන්ග් ජිමින්? කොහෙද එයා?

Jm - මම එනකොට තේහ්‍යුන්ග් හිටියේ නෑ. මම දැක්කෙත් බිම තියන ලේ පැල්ලම විතරයි. තමුසේ හැබැයි තේහ්‍යුන්ග් මොනවා හරි කරලා තිබ්බොත් මම තමුසේව ඉතුරු කරන්නේ නෑ.

ජිමින් ජන්කුක්ට නොදෙවෙනි වෙන්න කෑ ගැහුවා. ජිමින්ව අත ඇරිය ජන්කුක් තේහ්‍යුන්ගේ නම කතා කර කර mansion එක පුරාම දිව්වත් තේහ්‍යුන්ග් හොයා ගන්න බැරි උනා. ගාඩ් කෙනෙක්ට කතා කල ජන්කුක්ට දැන ගන්න ලැබුනේ තේහ්‍යුන්ග් පයින්ම ගේට් එකෙන් එලියට ගියා කියලා.

Jm - ජන්කුක් අපි තේහ්‍යුන්ග්ව හොයන්න ඕනේ. මෙහෙම ඉදලා හරි යන්නේ නෑ.

I Hate My Husband Where stories live. Discover now