Chapter 03

1.9K 326 28
                                    

---(Shenu's POV)---

“මොකක්? Joseon...?? වන්ජන්නිම්...??”

Doctor කෙනෙක් ගාවටද කොහෙද එයාලා මාව උස්සන් යන්න හදද්දිම එයාලව නවත්ලා මං එහෙම ඇහුවේ පුදුමෙන්. Joseon…?? කුමාරයෙක්…?? මොනා ගැනද ඔප්පලා ටික මේ කියන්නේ? අනික ඔප්පලා ඔක්කොමත් මෙතන නෑනේ. ඔප්පාලා ඇයි අමුතු විදිහට කතා කරන්නේ? එයාලා හරියට කතා කරන්නේ historical dramas වල කතා කරන විදිහටනේ.

ඒ වෙලාවෙම මටවත් විශ්වාස කරන්න බැරි, පිස්සු අදහසක් මගෙ හිතට ආවා. ‘මං Joseon කාලෙටවත් ඇවිල්ලද? ඒ කියන්නේ time travel කරලද?’ එහෙම හිතද්දි ම මටම හිනා ගියේ මොන පිස්සු දෙයක් ද මං මේ හිතන්නේ කියලා.

“හරි...!! මං හිතන්නේ මට ඇත්තටම පිස්සු ද කොහෙද..? Drama බලලා වැඩි වෙලාද කොහෙද මේ BTSලත් එක්කම මට මේ දේවල් මැවිලා පේන්නේ... කොහෙත්ම.., කොහෙත්ම එහෙම දෙයක් වෙන්න බෑනේ... Time travel කියලා දෙයක් මේ ලෝකේ නෑනේ...”

මෙච්චර වෙලා කැඩිච්ච කොරියන් වලින් කතා කර කරා හිටිය මට මේ දේවල් නම් කියවුනේ සිංහලෙන්. ඒකත් පිස්සියක් වගේ ඔලුවට ගගහා.

“Aish... එහෙම නෙමේ නේද? එහෙම නෙමේ නේද?”

මං නිකන් පිස්සියෙක් වගේ එහෙම අහද්දී එයාලා කරේ ඇස් ලොකු කරන් බලන් හිටිය එක.

‘ඒත්..! ඒත්.., එහෙම නොවෙන්නේ කොහොමද මේ ඔප්පලා ටික හැසිරෙන විදිහ එක්ක. Ah... අනේ මට පිස්සු වගේ. නෑ... නෑ... මට ඇත්තටම පිස්සු. අනේ මෙහෙම වෙන්නේ කොහොමද? මගේ මොලේ නිකන් විකාර වෙලා වගේ. අච්චාරුවක් වෙලා වගේ.’ මට හිතුනේ එහෙමයි. ඒත් එක්කම මට ඇඬුනේ දුකටයි බයටයි. මං හිතන්නේ  එයාලට තේරුණාද කොහෙද මං බය වෙලා ඉන්නේ කියලා. ඒ නිසා එයාලා මට හරිම කලින්ට වඩා හරිම කාරුණික විදිහට කතා කලා. මගේ හිත හැදෙන විදිහට.

“අගස්ෂී.., අඬන්න එපා... ඔබ බිය වීමට අවශ්‍ය නැහැ. අපට සමාවන්න ඔබව බියට පත් කලා නම්...”

ජීමින් ඔප්පා මට කිව්වේ මාව සනසවන ගමන්.

“යේ... අගස්ෂී.. , ඔබට බිය වීමට කාරණාවක් නැහැ.” ටේ ඔප්පත් කිව්වා.

“වන්ජන්නිම්.., මා සිතන්නේ ඇය Joseon පුරවැසියෙකු නොවේ... ඇය දෙස හොඳින් බලන්න... ඇය හැඳ සිටින ඇඳුම්, අප ඇය සමඟ පළමුව කතා කිරීමයි සුදුසු...”

❤NEVER ENDING LOVE❤ [Completed] [Rewriting]Where stories live. Discover now