Chapter 26

1K 203 4
                                    

---(Seokjin’s POV)---

ටේහියා සිහිසුන්ව සතියක පමණ කාලයක් ගත වූ තිබුණද ඇය කෙදිනක සිහි ලබාවිද කියා කිව නොහැකි බවයි වෙදදුරුවරුන් පැවසූවේ. ඇයව සිහිසුන් වූවට පසු දිනම මා ඇයව අපගේ නිවසට රැගෙන ආවේ ප්‍රතිකාර ලබා දීමේ පහසුව මෙන්ම, රාජකීයයන්සමඟ ඇයව තැබීමෙන් ගැටලු ඇති වේවි යයි සිතුනු නිසාවෙනුයි. ඇයව අපගේ නිවසට රැගෙන ආවත් මා හොඳින්ම දන්නවා වන්ජන්නිම් නම් ඇය සිහි ලබනා තුරුම ඇය අසලින් ඉවත් නොවන බව. ඔමොනිම් මෙන්ම මියුන්ග්හී නිතරම ඇය පිලිබඳව සොයා බලන නිසාවෙන් මාගේ සිතට මද සහනයක් ලැබුනත්, ටේහියා තවමත් සිහිසුන්ව සිටීම මහත් කණගාටුවක් සිතට ගෙන දුන්නා. කිසිදු දිනක සහෝදරියක නොසිටිය මා හට ඇයව දැනුනේ මාගේ එක කුස උපන් සහෝදරියකටත් වඩා සමීපවයි. ඉදින් තමන්ගේ සහෝදරිය මෙලෙස වැතිරී සිටිද්දී මා හට මෙලෙස දැනීම අරුමයක් නොවේනේ. වෙදදුරන් පවසන ආකාරයට ඇයගේ ශරීරයේ විෂ නැසී ගොස් තිබුණද, ඇය අවදි නොවන්නේ ඇයිද කියා ඔවුන්ටත් සිතා ගැනීමට අපහසුයිලු. ඒ සමහරවිටක ඇයගේ ශරීරය දුර්වලව ඇති නිසා වන්නට ඇතියි කියා වෙදදුරුවරුන් පැවසුවත් මා නම් එය විශ්වාස කිරීමට මැලි වූයේ, ඇය ශක්තිමත් තරුණියක් බව මා හොඳින්ම දන්නා නිසාවෙනුයි.

ටේහියා මෙන්ම වන්ජන්නිම් පිලිබඳව ද මා සිටියේ කණස්සල්ලෙනුයි. ටේහියා පිලිබඳවම සිත සිතා සිටිමින් එතුමාත් අසනීප වේවිදෝ කියා මගේ සිත සෑම විටම මාගෙන්ම ප්‍රශ්න කරනු ලැබුවා. මා කොතරම් එතුමාට මෙය පැහැදිලි කර දීමට උත්සාහ කලද එතුමාට අවශ්‍ය වූයේ ඇය සිහි ලබනා තෙක්ම ඇය අසලින්ම රැඳීමටයි. ටේහියා හමුවීමට පෙර නම් බොහොම විනෝදකාමී සැහැල්ලු දිවියක් ගත කල වන්ජන්නිම් මෙලෙස සිටිනවා වෙනත් අයෙකු දුටුවා නම්, පුදුමයට පත් වනවා නිසැකයි. ඇත්තෙන්ම සෙනෙහස කොතරම් දේවල් නම් වෙනස් කරනවාද.?

“නාරී..! නාරී..!” (ස්වාමීනි)

“අ..අහ්..!! යේ..!! කියන්න...”

සිතුවිලි වල ගිලිලා සිටි මා පියවි සිහියට පැමිණියේ නිවසේ සිටි සේවකයෙකුගේ හඬිනුයි.

“සේජා ජොහා පැමිණ සිටිනවා මෙහි...”

“අහ්..! එසේද මා පැමිණෙන්නම් පිටතට...”

❤NEVER ENDING LOVE❤ [Completed] [Rewriting]Where stories live. Discover now