Chapter 05

1.5K 304 13
                                    

---(Shenu's POV)---

“ඇයි ද ඔබට පිලිතුරු දිය නොහැකි..? ඔබ චර සේවයට පැමිණි අයෙක්වත් නිසාද..?”

එකපාරටම යුංගි ඔප්පා කියපු දේ නිසා හැමෝගෙම දැඩි අවධානයක් මට යොමු වෙද්දී මට බයක් දැනුනත්, මං අපහසුවෙන් හරි කතා කරන්න උත්සාහ කලා.

“ඔ..ඔයාලත් එයාලා ව..වගේමයි...”

“කවුරුන් ද..?”

“B...T...S...ලා..”

මං ඇහෙන නොඇසෙන හඬකින් උත්තර දුන්නා. මේ වෙනකන් නොතිබුණු විදිහක බයක් මගේ හිතට දැනෙන්න ගත්තා. මං කොහොමද මෙයාලට තේරුම් කරලා දෙන්නේ මේ හැම දෙයක්ම., ඒකත් මමවත් මොනවද වුණේ කියලවත් නොදැන.

“BT…. BT…. කුමක් ද?” ටේහ්යුන්ග් ඔප්පා  අමාරුවෙන් කියන්න උත්සාහ කරත් බැරි වුණ නිසා මං දිහා බැලුවේ ඒ ගැන ආයේ කියන්න කියනවා වගෙයි.

“B…T…S..."

මං ආයෙමත් වතාවක් එහෙම කියද්දී නම් කට්ටිම ඒ නම මුමුණන්න ගත්තේ ඒ වගේ නමක් ඇහුන පලවෙනි වතාව නිසා වෙන්න ඇති. ඔව් අපේ කාලේ ඉන්න ඒ කුමාරවරු හත් දෙනා ගැන අපි දැනගෙන හිටියත්, එයාලා වගේම වුණත්, වෙනම කාලෙක ඉන්න මේ අයට පුදුම දෙයක් වෙන්න ඕනේ අනිවාර්යයෙන්ම. එහෙත් ටික වෙලාවකින් කට්ටියම ආයෙමත් මගේ පැත්තට අවධානය යොමු කරේ බැරෑරුම් පෙනුමක් මවාගෙනයි. මට හොඳටම තේරෙනවා මෙයාලා අහන්න යන දේ ගැනත්, මට ඒ කිසිම දෙයකට හරි විදිහේ උත්තර නැති බවත්.

“අගස්ෂී.., ඔබ හැසිරෙන ආකාරය මෙන්ම ඔබ කතා කරන විලාශයද බොහොම වෙනස්... ඒ ඔබ වෙනත් දේශයක අයෙකු නිසා විය හැකියි... ඒත් ඇත්තෙන්ම ඔබ කවුරුන්ද..? ඔබ කුමන දේශයක සිටද පැමිණියෙ..? එසේම කුමක් නිසාද ජෝසෝන් වෙත පැමිණියේ..?”

නම්ජූන් ඔප්පා ඒ හැමදේම ඇහුවේ සන්සුන් විදිහට වුනත්, ඒ හැම ප්‍රශ්නයකම විමසිලිමත් බවකුයි ගැබ්වෙලා තිබුනේ. එයාලා මගෙන් උත්තරයක් බලාපොරොත්තුවෙන් බලන් හිටියත්, මට කියන්න ඕනේ මොනවද කියලා අදහසක්වත් තිබුනේ නෑ. ඒ කොහොමින් හරි මං එයාලට මේ හැම දේ ගැනම කිව්වොත් එයාලා මං කියන එක විශ්වාස කරයිද? අනිවාර්යයෙන්ම මාව අවිශ්වාස කරාවි. විශ්වාස කරන නොකරන එක එයාලට අයිති දෙයක් නිසා මං ඇත්තම කියන්න තීරණය කලා.

කෙටි නිහඬතාවයකින් පස්සේ මං එයාලට කතා කලා.

“මං දන්නේ නෑ ඔයාලා මං කියන එක විශ්වාස කරයිද කියලා..? ඒත් මේ හැමදේම ඇත්ත... මං මෙහෙ කෙනෙක්වත්, මේ කාලේ කෙනෙක්වත් නෙමෙයි... ඇත්තටම මංවත් දන්නේ නෑ මං කොහොම මෙහෙට ආවද කියලා... මට මොනා වුනාද කියලාවත්... ඔයාලට හිතෙයි මට පිස්සු කියලත්.., ඒත් මගෙන් ආයෙම ඇහුවත් මට කියන්න තියෙන්නේ ඒ කිව්ව දේවල්ම තමයි...”

ඒ හැමදේම කියලා ඉවර වෙද්දී මගේ ඇස් වලින් කදුළු වැටුනේ මටත් නොදැනීමයි... මේ වෙලාවේ ඇදන් හිටිය ඇඳුම් ගැනවත් මට අදහසක් තිබුනේ නෑ... මොකද මං හිතාගන්න බැරිව හිටියේ දැන් මං මොකක්ද කරන්න ඕන කියලා. මං දන්නේවත් නැති පැත්තක, දන්නේවත් නැති කාලෙක මං මොනවා කියලා කරන්නද? ඒ හැමදේටම වඩා මං ආයේ යන්නේ කොහොමද? මේ හැම දෙයක්ම මගේ හිතේ වද දෙද්දී මගේ කඳුළු ආයෙමත් අලුත් වුණා.

මං මේ හැමදේම ගැන කියද්දී ඔප්පලා කලේ පුදුමයෙන් මං දිහා බලාගෙන අහන් හිටිය එක. සමහරවිට එයාලට මං කියන දේවල් විශවාස කරන්න වගේම තේරුම් ගන්නත් අපහසු ඇති.  ටික වෙලාවක් නිශ්ශබ්දව හිටිය හැමෝගෙම නිශ්ශබ්දතාවය බිඳිගෙන ටික වෙලාවකට පස්සේ නම්ජූන් ඔප්පා කතා කලා.

“සත්‍ය වශයෙන්ම මට සිතා ගත නොහැකියි ඔබ කුමක් පවසනවද කියා? එසේම ඔබ පැවසූ සමහර දේ මා හට වැටහුනේ ද නැහැ... ඒත් මට දැනුනේ ඔබ පවසන්නේ මුසාවක් නොවන බවයි.”

“මා හටත් දැනුනා ඇය පවසන්නේ මුසාවක් නොවන බව... එහෙත් ඔබ අපගේ විශ්වාසයෙන් අයුතු ප්‍රයෝජන නොගනීවි කියා මා සිතනවා...”

යුන්ගි ඔප්පා එහෙම කිව්වේ අනිත් අය දිහාද බලන අතරේමයි. අනෙක් අයත් යුන්ගි ඔප්පා කියපු දේට එකඟ වුණ නිසාදෝ මගේ හිතට ලොකු සහනයක් දැනුනා. ඒ වගේම මට දැනුනා මං තනි වෙලා නැති බවක්. ඒත් මට හිතුනේ නෑ මේ අහඹු අසාමාන්‍ය හමුවීම මගේ අතීතයත්, අනාගතයත් තීරණය කරාවි කියලා.

🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
…………………………………………………......

ඔන්න යාළුවනේ පස්වෙනි කොටස.. boring වගේ ද කතාව?
See you....😍😍😘

               THANK YOU.....

❤NEVER ENDING LOVE❤ [Completed] [Rewriting]Where stories live. Discover now