Chapter 42

970 163 5
                                    

(Wanjanim’s pov)❤

“එහෙත් මා හට බියක් දැනෙනවා hyungnim... මා නිසා රාජ්‍ය අනතුරේ වැටේවිද කියා...”
Jeonha එසේ පැවසුවේ මහත් කණගාටුව පිරුණු හඬන්. ඔහු මෙලෙස නොසන්සුන් වී සිටින්නේ අද උදෑසන අප දෙදෙනා පිටත ඇවිදිමින් සිටි අවස්ථාවේ අප අසලට හීයක දවටා පැමිණි ලියමන නිසයි..

ඇත්තෙන්ම මගේ සිතටත් බියක් පැමිණියත් මා මගේ සිත දැඩි කර ගනු ලැබුවේ මේ අවස්ථාවේ දී අප දුර්වල වීම නොව ශක්තිමත්ව සිටීම යුතු නිසයි. අප දුර්වල වීම සතුරන්ට මහත් උපකාරයක් විය හැකියි.

“එසේ නොපවසන්න... ඔබට උපකාර කිරීමට බොහෝ දෙනා සිටිනවා jeonha... hyungnim ලා සහ මා ද ඇතුළුව... එනිසා සන්සුන්ව කටයුතු කරන්න... අප නොසන්සුන්ව කටයුතු කරන තරමට අප දුර්වල වනවා... එලෙස දුර්වල වීම සතුරන්ට මහත් උපකාරයක්... එනිසා අප කල යුත්තේ අප ශක්තිමත් බව ඔවුන්ට පෙන්වීමයි... එසේම ඔබතුමා ආරක්ෂාකාරීව කටයුතු කිරීමත් බොහෝ වටිනවා... ඔබතුමාගේ ජීවිතය රාජ්‍යයයේ ආරක්ෂාව හා සමානයි... එනිසා ඔබතුමා ශක්තිමත්ව කටයුතු කරන්න...”
මා මදක් අවධාරණයෙන් යුතුව පැවසුවා.

“එහෙමයි hyungnim... ඔබ පැවසූ දෙය සත්‍යයක්... ඔබට මා සත්‍ය වශයෙන්ම කෘතඥ වනවා මා සමඟ සෑම විටම සිටීම පිළිබඳව...”
Jeonha එසේ පැවසුවේ මුහුණේ සිනහවක් රඳවා ගනිමින්.
“මා පෙරදීත් පැවසා තිබෙනවානේ... එය මාගේ වගකීමක් බව... එහෙත් jeonha මා දැන් gunbuin ගේ කුටියට යා යුතුයි... ඇය දැටමත් මේ පිළිබඳව දැනගෙන කලබල වී ඇති...”
මා එසේ පැවසුවේ අසුනින් නැඟී සිටිමින්. Jeonha ට ආචාර කිරීමෙන් පසු මා Taehee ya සිටින කුටියටයි. මා සිතූ ආකාරයෙන්ම ඇය අද සිදු වූ සියල්ලම දැනගෙන කලබල වී සිටියා.

“Wanjanim කුමක් ද සිදුවූයේ..?”
Taehee ඇය අසුන් ගෙන සිටි අසුනින් නැඟිට මා අසලට එමින් ඇසුවා.
“ඔබ කලබල වූවා ද එය ඇසීමෙන්... සමාවන්න ඔබව කලබලයට පත් කලා නම්... පලමුව ඔබ අසුන් ගන්නකෝ...”
මා ඇයව නැවත අසුන් ගන්වමින් පැවසුවා.

“කුමක් ද සිදුවූයේ wanjanim පවසන්නකෝ..? ඔබතුමාව බැලීමටවත් පාලිකා Min මා හට කුටියෙන් පිටවීමටවත් ඉඩ ලබා දුන්නේ නැහැ...”
Taehee ya කොතරම් කලබල වී ඇත්දයි කියා ඇය හැසිරෙන ආකාරයෙන් මා හට හොඳින්ම වැටහුණා.
“ඔබ මෙසේ කලබල සුදුසු නොවේ නේද..? මා හොඳින්... එනිසා කලබල විය යුතු නොවේ...”
මා ඇයට එසේ පැවසුවේ ඇයව සන්සුන් කරන අදහසින්.

❤NEVER ENDING LOVE❤ [Completed] [Rewriting]Where stories live. Discover now