Chapter 30

1.1K 193 5
                                    

---(Jimin's POV)---




“යාහ්... කිම් ටේහ්යුන්ග්..!! ඉක්මනින් එනවද නැත්තන් මං යන්නද..?”

දැන් නම් මට තේරුනේ මගේ ඇඟ වටෙන් තරහටම දුම් දානවා වගෙයි. කාලෙකට පස්සේ හම්බුන නිවාඩුවේදී ඉස්සර වගේ පොඩ්ඩක් හන් ගං ඉව්රේ ඇවිදලා එන්න ටේට පැය ගානක් පුරාවටම මං එන්න කිව්වේ ඊයේ එයා මාත් එක්ක යන්න එන්න පොරොන්දු වුනු නිසාමයි. ඒත් මෙච්චර වෙලාවක් ජන්ග්කුකා එක්ක ගේම් ගගහා ඉදලා දැන් තවත් පැයක තිස්සේ ඉදන් මෙයා ලෑස්ති වෙන්නේ මගේ ඉවසීමේ සීමාවත් ටික ටික නැති වීගෙන යද්දියි. තව විනාඩි පහකින් ඔය කවුරුවත් නැතුව මං යනවා කියලා හිතාගෙනම ඩිජිටල් වොච් තිරයේ සටහන් වෙලා තිබුණු වෙලාවත් බලබලා හිටියේ මෙතන ඉන්න අවසාන විනාඩි ගානත් ගනන් කර කරාමයි.

“15...

14...

13...

12...

11...

10...

09...

08...

07...

06...”

“හරේ ජීමිනා අපි යමෝ... උහූ...”

උඩ පැනලා කැරකිලා හුරේ දදා මං ගාවට ආව ටේ දිහා මං බලාගෙන හිටියේ මේකව බැදලා කනවද නැත්තන් තම්බලා කනවද කියලා හිත හිතාමයි. ඇයි ඉතින් පැය ගානක ඉදන් මෙතන මට බලන් ඉන්න ඇරලා මේකා තව නට නටත් එනවා.

“ඇයි චිමියෝ ඔහොම අමුතු විදිහට බලන් ඉන්නේ... ඔයාට ඔය ලුක් එක හරියන්නේ නැහැ මං නම් කියන්නේ... අර...”

“අනේ ටේහ්යුන්ග්නා... මගෙන් මුකුත් අහගන්නේ නැතුව ඉන්නවා හරිද..? පරක්කු වෙලා ඇවිත් මෙතන නටනවත් එක්ක... මෙන්න මෙහෙ එනවා යන්න...”

ටේවත් ඇදන් යන්න යද්දිම තවත් කෙනෙක් එහා පැත්තෙන් මතු වුනේ නිකන් බිම්මල් මතු වෙනවා වගෙයි.

“හරි හ්යුන්ග් අපි යමු...”

“අහ් හහ්.., ඔයා කොහෙද ඔය යන්න හදන්නේ අහ්..?”

“ඇයි හන්ගං පාර්ක් එකට...”

කුකියා එක පාරටම මගේ ඉස්සරහින් මතු වෙලා හා දත් දෙකත් පෙනෙන විදිහට හිනා වෙලා කිව්වේ එයාගේ කෝට් එකත් දදාමයි.

❤NEVER ENDING LOVE❤ [Completed] [Rewriting]Where stories live. Discover now