Chapter 44

942 172 47
                                    

(Wanjanim’s pov)❤

අප Kang අමාත්‍යගේ නිවසට යන විටත් එය සෙබලුන් විසින් වටලා තිබුනා. සෙබලුන් විසින් එහි සැඟවෙමින් හා පලා යාමට තැත් කරමින් සිටි සේවකයන් අල්ලා ගනිමින් ද එසේම Taehee ya ව සොයමින් ද සිටියා. මාද හැකි ඉක්මනින් අසුගෙන් බැස ඔහුගේ නිවස තුලට ගොස් සෙව්වේ මාගේ ජීවිතය බඳු වූ Taehee ya ත් මාගේ නොඉපදුනු දරු සිඟිත්තාවත්.

එහෙත් ඇය එහි සිටියේ නැහැ. මා පිටතට පැමිණෙන විට සෙබලුන් එම නිවසේ සිටි සියලු දෙනාම අල්ලා ගෙන සිටියා.
“සමාවන්න wanjanim... Kang අමාත්‍ය පලා ගොසින්...”

“මොවුන්ගෙන් ප්‍රශ්න කරන්න Taehee කොහෙද කියා... එසේම Kang අමාත්‍ය පලා ගියේ කිනම් ස්ථානයකට ද කියා...”
“එහෙමයි...”
එසේ පවසා සෙබලුන් එහි සිටි සේවකයින්ට පහර දෙමින් අසා සිටියේ ඔවුන් කොහෙද කියායි.

වෙනත් අවස්ථාවක දී නම් මා කිසි විටකත් සේවකයන්ට මෙසේ පහර දීමට අවස්ථාව ලබා දෙන්නේ නැහැ. එනිසාම විය හැකියි මා සමඟ පැමිණි Taehyung-ah මා එසේ පවසන විට පුදුමයෙන් මෙන් මා දෙස බැලුවේ.

එහෙත් මා හට මේ අවස්ථාවේ දී අවශ්‍ය වූයේ Taehee ya ත් මාගේ දරුවාත් බේරා ගැනීම පමණයි. ඒ අවස්ථාවේදී ම වාගේ jeonha ත් Seokjin hyungnim සමඟ පැමිණියා. දිගින් දිගටම සෙබලුන් විසින් ලබා දෙන පහර දීම් ඉවසා ගත නොහැකි තැන අවසානයේ එක් සේවකයෙකු කතා කරනු ලැබුවා.

“එතුමියව නිවස ඇති රහස් මාර්ගයෙන් ටික දුරක් ගිය පසු ඇති මඩුවෙහි සඟවා තිබෙන්නේ...”
ඔහු එසේ පැවසූ විගස මා සිදු කලේ අසු පිට නැඟී ඒ දෙසට යාමයි. Taehyung-ah ත් මා සමඟ පැමිණි නමුත් අපහට එහි පැමිණි විට වැටහී ගියා අප ප්‍රමාද බව. එහි තිබුනේ මියගිය සේවකයෙකුගේ සිරුරක් පමණයි.

එය දුටු මා හට එකවරම ඇතිවූයේ බියක්. ඔවුන් Taehee ya ට කෙසේ සලකනවා ඇත් ද? ඒත් සමඟ මාගේ සිතේ Kang අමාත්‍ය හා ඔහුගේ හිතෛෂීන් පිළිබඳව ඇති කෝපයෙන් තව තවත් දලුලෑමයි.

මාගේ හදවත් වේදනාවෙන් පුපුරු ගසද්දී මා නැවතත් වටපිටාව පරීක්ෂා කලේ ඔවුන් කොයි දෙසට යාමට ඇතිද කියා සිතමින්. ඒ අසලම කුඩා මාර්ගයක් දුටු නිසා මා ඒ දෙසට අසු මෙහෙය වූවා. කුඩා වන රොදකට පසු අප ඇතුළු වූයේ තණ බිමකට.

❤NEVER ENDING LOVE❤ [Completed] [Rewriting]Where stories live. Discover now