Chapter 37

1K 199 6
                                    

(Shenu’s pov)❤

Awards show එක ඉවර වෙලා සති දෙකක් ගියා. අපිත් සුපුරුදු පරිදි අපේ වැඩ ටික කරගෙන ගියා. BTS ලත් එයාලගේ practice දිගටම කරගෙන ගියා. Awards show එකට පස්සේ free වෙලාවල් ලැබුන නිසා මං ඒ වෙලාවට oppa ලත් එක්ක කතා කර කර හිටියා.

එදා dressing room එකට ඇවිත් මගේ අම්මාගේ ඉතුරු වෙලා තිබුන මතකය වුණ සැරසිල්ල විනාශ කරලා තිබුනේ Bighit එකේම වැඩ කරලා තිබුන Yuna සහ Haerin කියලා girls ලා දෙන්නෙක්. එදා dressing room එකේ සමහර බඩු වලටත් හානි වෙලා තිබුන නිසා ඒ girls ලා දෙන්නව PDnim අස් කරලා තිබුණා. මට ඇත්තටම ඒ නම් දෙක ඇහුනම අමුතු බයක් හිතට ආවේ ඇයි කියලා මට හිතා ගන්න බෑ..

“Shenu මොනවද මෙතනට වෙලා තනියම කල්පනා කර කර ඉන්නේ?”
කල්පනා ලෝකේ හිටිය මං oppa ආව නිසා කල්පනා ලෝකෙන් මිදුනා.
“මොනවත් විශේෂ දෙයක් නෑ... oppa ලට practice නැද්ද?”
“Practice ඉවර වෙලා wash එකකුත් දාගෙන ආවේ මේ... ඔයා ගාවට එද්දී ලස්සනට එන්න එපැයි...”

“Ah.. (සිනාසෙමින්) ඒ මොකෝ අනේ මං ගාවට එද්දී විශේෂයක්... Oppa කොහොම ආවත් මට කමක් නෑ... දැන් ඉතින් oppa ට ටිකක් rest කරන්න තියෙන්නේ...”
“Rest කරන්න නම් ඕනේ... එන්නකෝ එහෙනම්... මෙතනින් ඉඳ ගන්නකෝ දැන්...”
Oppa මාව එතන තිබුන sofa එකට ඇදගෙන ගිහින් ඉන්දෙව්වා. ඉන්දවලා මගේ ඔඩොක්කුවෙන් ඔළුව තියා ගත්තා.

“මෙහෙම හිටියම තමයි මට හොඳට rest කරන්න පුලුවන්...”
එහෙම කියලා ඇස් දෙකත් පියාගෙන පොඩි ළමයෙක් වගේ නිදා ගත්තා. Tae oppa ඇරෙන්න Bighit එකේ කවුරුත් අපි ගැන දන්නේ නැති නිසා කවුරු හරි දකියි කියලා පොඩි බයක් හිතට දැනුනත් oppa ට එහෙම සතුටුයි නම් මට ඒ ඇති.

“Oppa... oppa...”
Oppa ට මේ විනාඩියට නින්ද ගිහින් ද කියලා හිතද්දී මට දුක හිතුනේ එයාලට practice කරද්දී කොච්චර මහන්සි ඇති ද කියලා හිතිලා. ඔය කොච්චර හිනා වෙලා හිටියත් කොච්චර අමාරුකම් ඇද්ද කියලා හිතිලා. මං හිමින් oppa ගේ සිනිදු කෙස් අතරින් ඇතැඟිලි යැව්වේ oppa ට ඒක නිදා ගන්න උදව්වක් වෙයි කියලා හිතලා.

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

(Jimin’s pov)❤

මං ටිකක් වෙලා නිදියලා ඇහැරෙන කොටත් Shenu එහෙමම ඉඳගෙන මං දිහා හිනා වෙලා බලාගෙන ඉන්නවා. ඒ වෙලාවේ මට හිතුනේ මං හැමදාම නැඟිටන කොට Shenu ව මෙහෙම දකින්න තිබ්බ නම් කියලා. Shenu ගේ හිනාවට තිබුණා මාව පිස්සු වට්ටන්න පුලුවන්කමක්. නැඟිටට පස්සේ මං එහෙමම ඉඳගෙන හිනාවෙලා Shenu ත් එක්ක කතා කලා.

❤NEVER ENDING LOVE❤ [Completed] [Rewriting]Where stories live. Discover now