Chapter 19

1.1K 216 2
                                    

---(Wanjanim's POV)---

ඇත්තෙන්ම මා පුදුමයට මෙන්ම වේදනාවටත් පත් වූවා වෙදදුරුතුමා ටේහීයාට විෂක් ශරීර ගත වී තිබෙන බව පවසද්දී. අප සමඟම සිටි ඇයට එසේ වූයේ කෙසේද කියා මා හට පමණක් නොවේ, ටේහ්යුන්ග්නා හටද හිතා ගැනීමට නොහැකිව සිටි බව ඔහුගේ මුහුණින් පෙනෙන්නට තිබුණා. එහෙත් මා හට ඇයට බැලීමට අවැසි වූ නිසා ටේහ්යුන්ග්නා පිටත සිටිද්දී මා කුටිය තුලට පැමිණ ටේහීයා අසලින් අසුන්ගෙන සිටියේ ඇය අවදි වන තුරුයි. එසේම මද වේලාවකින් සොක්ජින් හ්යුන්ග්නිම් ද කලබලයෙන් මෙන් කුටිය තුලට පැමිණියේ ඔහුගේ පිටුපසින් ටේහ්යුන්ග්නා මෙන්ම නම්ජූන් හ්යුන්ග්නිම් ද පැමිණෙද්දීමයි.

“වන්ජන්නිම්.., කුමක් ද ඇයට සිදු වූයේ..? ඇය හොඳින් සිටියානේ පෙර දිනයේදී... එකවරම මෙසේ සිදු වීමට හේතුව...”

සොක්ජින් හ්යුන්ග්නිම් කලබලෙන් එලෙස ඇසුවේ ඇය අසලින් අසුන් ගනිමින්මයි.

“ඇයට කුමක් හෝ විෂ වීමක් සිදු වෙලා... එහෙත් ඇයගේ තත්වය එතරම් භයානක නොවන බවයි හ්යුන්ග්නිම් පවසා සිටියේ... මද වේලාවකින් ඇය අවදි වේවී...”

මටත් පලමුවෙන් ටේහ්යුන්ග්නා සොක්ජින් හ්යුන්ග්නිම්ට පිළිතුරු දුන්නා.

“හ්යුන්ග්නිම්.., පෙර දින ඇය කුමක් හෝ නුපුරුදු යමක් ආහාරයට ගත් බව ඔබ දන්නවාද..?”

මා එසේ ඇසුවේ හ්යුන්ග්නිම් කුමක් පිලිබඳව හෝ දන්නවැදැයි දැන ගැනීමටයි.

“මා දන්නා තරමින් එවැනි කිසිවක් ඇය ආහාරයට ගත්තේ නැහැ... ඇය ලබා ගත්තේ ආහාරත් ඖෂධත් පමණයි...”

සොක්ජින් හ්යුන්ග්නිම් කල්පනා කරමින් එසේ පැවසුවේ අවිනිශ්චිත හඬකිනුයි.

“එසේද එසේනම් කුමක් ද ඇය විෂ වී ඇත්තේ..?”

ටේහ්යුන්ග්නා එසේ පැවසූවේ බලාපොරොත්තු කඩ වූ ස්වරූපයක් මවා ගනිමිනුයි.

“එසේනම් අපට ඇයගෙන්මයි එය දැන ගත හැක්කේ... එනිසා ඇය අවදි වන තුරු ඉවසා සිටිමු...”

පසෙකින් සිටි නම්ජූන් හ්යුන්ග්නිම් එසේ පැවසුවේ සන්සුන් හඬිනුයි. මද වේලාවක් ගත වුවත් සියලු දෙනාම බලා සිටියේ ටේහියාට සිහි පැමිණෙන තුරුයි. සොක්ජින් හ්යුන්ග්නිම් හා නම්ජූන් හ්යුන්ග්නිම් මෙහි පැමිණ තිබුනේ, රාජකාරියක් සිදු කරමින් සිටින අතරතුරදී නිසාවෙන්, නම්ජූන් හ්යුන්ග්නිම් එම රාජකාරියට පිටව ගියේ., සොක්ජින් හ්යුන්ග්නිම්ට ඇය අසලින් රැඳී සිටින අවස්ථාව ලබා දෙමිනුයි.

❤NEVER ENDING LOVE❤ [Completed] [Rewriting]Where stories live. Discover now