Chapter 15

1.2K 235 4
                                    

[මාලිගයේ දී]

මා මාලිගයට ගොස් මගේ කුටියට දෙසට ගමන් කරමින් සිටින විටදී දුටුවේ සේජා මාගේ කුටිය අසල සිට පිටත් වීමට සැරසෙන ආකාරයයි.

“සේජා...”

මා මදක් දුරින් සිට එසේ අමතද්දී පිටතට වීමට සූදානම්ව සිටි සේජා මා දෙසට හැරුනේ සිනාවක්ද සමඟයි.

“ඔබ කුමක් ද මෙවැනි වේලාවක මෙහි සිදු කරනුයේ සේජා..?”

මා ඔහු අසලට ගමන් කරමින් එසේ ඇසුවා.

“හ්යුන්ග්නිම්.., මා ඔබව හමුවීමටයි පැමිණියේ... ඔබ කුටියෙහි නොමැති නිසාවෙන් පිටත් වීමටයි මා සැරසුනේ...”

“එසේද..? පැමිණෙන්න එසේනම්...”

මා කුටිය යමින් එසේ පැවසුවා.

________________________________________

---(Seja Jeoha’s POV)---

මා හ්යුන්ග්නිම්  හමුවීමට සිතා, ඔහු සිටින කුටියට පැමිණියත් ඔහු එහි සිටියේ නැහැ. මා හ්යුන්ග්නිම්ගේ ආරක්ෂකයන්ගෙන් හා පාලකයින්ගෙන් ඇසුවද ඔවුන්ද දැන සිටියේත් නැහැ. මෙතරම් රාත්‍රී වී තිබියදීත් ඔහු කොහෙ ගොස් ද කියා සිතමින් මද වේලාවක් සිට මා සූදානම් වූයේ නැවතත් මාගේ කුටියට පිටත් වීමටයි. කෙසේ වෙතත් මා පිටත් වීමට සැරසෙන විටම වාගේ මට හ්යුන්ග්නිම් පැමිණියා.

“ඔබ කුමක් ද මෙවැනි වේලාවක මෙහි සිදු කරනුයේ සේජා..?”

හ්යුන්ග්නිම් එසේ අසද්දි නම් මගේ සිතට වේදනාවක් දැනුනේ අද උද්‍යානයේදී සිදු වූ දෙයට හ්යුන්ග්නිම් තවමත් මා සමඟ කෝපයෙන් ද කියා සිතනු නිසාවෙනුයි.

“හ්යුන්ග්නිම්.., මා ඔබව හමුවීමටයි පැමිණියේ... ඔබ කුටියෙහි නොමැති නිසාවෙන් පිටත් වීමටයි මා සැරසුනේ...”

“එසේද..? පැමිණෙන්න එසේනම්...”

හ්යුන්ග්නිම් එසේ පවසද්දි මාද හ්යුන්ග්නිම් සමඟම ඔහුගේ කුටිය තුලට ගොස් අසුන් ගත්තා.

“පවසන්න සේජා...”

අසුන් ගත් පසුව හ්යුන්ග්නිම් එසේ පැවසුවේ මා දෙස බලමින්මයි.

“හ්යුන්ග්නිම් ඔබ තවමත් මා සමඟ කෝපයෙන් ද..?”

“මා කුමටද ඔබ සමඟ කෝප ගන්නේ..?”

❤NEVER ENDING LOVE❤ [Completed] [Rewriting]Where stories live. Discover now