Chapter 50 (Part 01)

1K 162 22
                                    

(Jimin's pov)❤

අපේ members ලයි Shenu යි Jihee noona යිත් එක්ක මං lunch එක ගන්න අතරතුර දී එකපාරටම මං ගාවට ආව Daejoon-ssi මගෙන් ඇහුවේ lunch එකෙන් පස්සේ එයාව හම්බවෙන්න එන්න පුලුවන් ද කියලයි. Shenu නම් ඒකට එච්චර කැමැත්තක් තිබුනේ නෑ වගෙයි මට තේරුණේ.

ඒත් ඉතින් මට ඕනකමක් තිබුනා මොනාද එයාට මාත් එක්ක කතා කරන්න තියෙන්නේ කියලා දැන ගන්න. ඒ නිසාමයි මං lunch එක ඉවර වුන ගමන් Shenu ව අනිත් අයත් එක්ක තියලා මං ගියා Daejoon-ssi ව හම්බවෙන්න. මම Daejoon-ssi කිව්ව තැනට යද්දීත් එයා එතනට ඇවිත් හිටියා. ඇත්තටම එයාට ඕන වෙලා තිබුනේ මගෙන් සමාව ගන්නයි ඊයේ කියපු ඒවට. Shenu ගෙයි මගෙයි සම්බන්ධය ගැන දැන ගත්තේ පස්සේ නිසා එයා ඒ වෙද්දී ඒ ගැන දැනන් ඉදලා නෑ.

ඊයේ මං මොන විදිහට එයා ගැන හිතුවත් Shenu කිව්ව විදිහට එයා එහෙම නරක කෙනෙක් වුණේ නෑ. කොහොමත් මගේ කෙල්ල කට්ටියව ආශ්‍රය කරන්නේ හොඳට හිතලා බලලානේ. Shenu නම් මං එයා ගාවට එනකන් මග බලන් හිටියේ Daejoon-ssi එක්ක මොනාද වුණේ කියලා දැන ගන්න. එයාට ඊයේ මං හැසිරුණු විදිහත් එක්ක බයක් ඇති වෙන්න ඇති ඉතින්.

>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>

කාලය ගෙවිලා ගියේ අපිටවත් හිතා ගන්න බැරි වේගෙකින්. Shenu ගෙයි මගෙයි ආදරෙත් ගලා ගෙන ගියේ අපිට කාලේ ගැන කිසිම නිනව්වක් නැති අතරේයි.

කාලේ ටික ටික ඉවරවෙලා Shenu ගේ visa ඉවර වෙද්දී එයාට එයාගේ රටට යන්න ආයේ කාලේ ආවත් මට නම් කොහෙත්ම ඕන කමක් තිබුනේ නෑ එයාට යන්න දෙන්න. Shenu මං ගාව නැති වෙලාවට මට දැනුනේ මගේ හදවත මං ගාව නෑ වගේ මට දැනුනේ. මොකද මගේ හදවත තිබුනේ Shenu ගාව නිසා.

Shenu ට නම් මෙහෙ ඉන්න ඕන කමත් තිබුනා. ඒ වගේම එහෙට යන්නත් උවමනාව තිබුනා. ඒ එයාගේ මල්ලිගේ convocation එකට යන්න ඕනි නිසයි. Shenu ගේ මල්ලිගේ convocation එක දවසට සහභාගි වෙන්න හිටිය එකම සාමාජිකයා Shenu නිසා මට ආත්මාර්ථකාමී වෙලා Shenu ට මාත් එක්ක ඉන්න කියන්න ඕන කමක් තිබුනේ නෑ. ඒ නිසා මාත් කිව්වේ මල්ලිගේ convocation එකට යන්න කියලයි.

ඒත් ඒ ඔක්කොමට වඩා මට තිබුන ප්‍රශ්නේ වුනේ මං තාම Shenu ට propose කරලාවත් තිබුනේ නැති එකයි. ඒත් ඒකට අපේ මහ මොලකරු alien ගෙන් මට හොඳ අදහසක් ලැබුනා.

❤NEVER ENDING LOVE❤ [Completed] [Rewriting]Where stories live. Discover now