Chapter 06

1.5K 280 5
                                    

---(Seokjin's POV)---

ඇය පවසන්නේ සත්‍යක් බව මට වැටහුනා. මේ මොහොතේ ඇය පත්ව සිටින අසරණ බව පිළිබඳවත් මා හට හොඳින් වැටහුනා. ඒ නිසාම මට ඇයට උපකාර කිරීමට අවශ්‍ය වුණා. එහෙත් මාගේ තනි මතයට පමණක් ක්‍රියා කළ නොහැකි නිසා මා අනෙක් අයගෙන් අසා සිටියේ අප ඇයට උපකාර කළ යුතුද යන්නයි. කෙසේ වෙතත් ඔවුන් සමඟ සාකච්ඡා කරන විටදී මට වැටහී ගියා, ඔවුන්ටද ඈ හට උපකාර කිරීමට අවශ්‍යව තිබූ බව. ඇත්තෙන්ම මේ වගේ අවස්ථාවන් විශවාස නොකරන යුන්ගිට පවා ඇයට උපකාර කිරීමට අවැසිව තිබුණා.

ඇයට උපකාර කිරීමට අවශ්‍ය අදහස රැගෙන ආවේ ටේහ්යුන්ග්නායි. ඔහු පැවසුවේ ඇය අප කාගේ ඥාතියෙකු බව පවසා රඳවා ගනිමුයි කියා වුවත් එය පිලි ගැනීමට අපහසු වූයේ, හැඩරුවෙන් ඇය අපට වඩා මදක් වෙනස් වූ නිසයි. එහෙත් අප මද වේලාවකට පසු එම අදහසට එකඟ වූයේ, ඇයට උපකාර කිරීමට වෙනත් මඟක් නොවූ නිසයි. මා ඉදිරිපත් වූවා ඇය මාගේ ඥාතියෙකු ලෙස පැවසීමට. එසොම අපට ඇයව ආරක්ෂිතව රඳවා ගැනීමට වෙනුවෙන් මහත් වෙහෙසක් දැරීමට සිදුවන බවද මා හොඳින්ම දැන සිටියා.

“අපට ඇයව මෙලෙස ගෙන යා නොහැකියි... එනිසා ටේහ්යුන්ග්නා ඔබ තව කවුරුන්හෝ සමඟ ගොස් ඇයට හැඳීමට සුදුසු වස්ත්‍රයක් හා අවශ්‍ය අනෙක් කලමනාත් රැගෙන එන්න...”

“මා යන්නම් ඔහු සමඟ...”

එකවරම වන්ජන්නිම් එසේ ඉදිරිපත් වුවත් මා ඔහුට යාමට ඉඩ නොදුන්නේ ආරක්ෂකයන් පිටත රැඳී සිටීමට ඉඩ ඇති නිසාත්, ඔහුගේ ආරක්ෂාව වඩාත් වටින නිසාය. වන්ජන්නිම් මා හට රවාගෙන ම අනෙක් අය අසලට ගිය නිසා මාද ඔවුන් වෙතට පැමිණියේ අගස්ෂී හට කළ යුතු දේ පැවසිය යුතු නිසාය.

________________________________________

---(Shenu's POV)---

ටේහ්යුන්ග් ඔප්පාවත් යුන්ගි ඔප්පාවත් සොක්ජින් ඔප්පා කොහේ හරි යැව්වට පස්සේ, ජීමින් ඔප්පා අහ් නෑ.., කුමාරයා මූණ දෙක කරගෙන අනිත් කට්ටිය හිටිය පැත්තට එනවා දැකලා නම් මට හිනා යන්නත් ආවා. ඒත් මං හිනාව තද කරගෙන හිටියේ එහෙ වගේ නෙමෙයිනේ මෙහෙ කියලා හිතලයි.

❤NEVER ENDING LOVE❤ [Completed] [Rewriting]Where stories live. Discover now