Chapter 45

943 182 13
                                    

(Seokjin’s pov)❤

තමන්ගේ සහෝදරයෙක් වන් මිතුරෙකු තමන් ඉදිරියේ ම අවසන් ගමන් යන විට, තම සහෝදරිය දින ගණනක් පුරාවටම සිහිසුන්ව සිටින විට සහෝදරයෙක් ලෙස මා හටත් දරා ගැනීමට ඇති උපරිමයක් තිබෙනවා. එනිසාම මා කා හටවත් නොපෙනන්න හදවතින් හඬා වැටුණු වාර අනන්තයි. එහෙත් සැමගේම වැඩිමහල්ම සහෝදරයා ලෙස මා ඒ සෑම අවස්ථාවකදීම හැකි උපරිමයෙන් සිත ශක්තිමත් කරගෙන අනෙක් අයව ද ශක්තිමත් ව තබා ගැනීමට උපරිම උත්සාහයක යෙදුනා.

Wanjanim අපව හැර ගොස් දෙසතියක් පමණ ගත වුවත් Gunbuin mama ට තවමත් සිහි පැමිණුනේ නැහැ. වෙදදුරන් පැවසූ ආකාරයට එතුමිය මෙලෙස දින ගණනාවක් ම සිහිසුන්ව සිටීම එතුමියටත් දරුවාටත් දෙදෙනාටම බරපතල තත්ත්වයක් ගෙන ඒමට හැකියාවක් තිබුනා. එතුමිය බොහෝ දුර්වලව සිටීම අනෙක් කාරණය වූවා.

ඒ සෑම දෙයක්ම මතකයට නැඟෙන වාරයක් පාසා මා හට Kang අමාත්‍ය හා ඔහුගේ හිතෛෂීන් සමඟ ඇතිවන කෝපය කොතරම් ද කියා මා හටවත් වැටහුනේ නැහැ. එහෙත් ඔවුන් සියලු දෙනාටම ලැබිය යුතු දඬුවම් සියල්ලම ලැබුණා. Kang අමාත්‍ය මෙන්ම Yuna ත් wanjanim අවසන් හුස්ම හෙලූ ඒ තණබිමේහිදිම මියගොස් තිබුනා. එයට සහය දැක්වූ අනෙක් සියලු දෙනාටම jeonha විසින් දඬුවම් නියම කරනු ලැබුවා. ඔවුන්ට කොතරම් දඬුවම් ලැබුණත් අපට නැවත wanjanim ව ලබා ගැනීමට හෝ gunbuin mama ගේ සිත සෑදීමට නොහැකි බවත් මා හොඳින් ම දැන සිටියා.

Gunbuin mama wanjanim ට අසිපත් පහර වැදෙන ආකාරය දුටුව ද කියා හෝ කවුරුන්වත් දැන සිටියේ නැහැ. එහි සිටි Taehyung-ah පවා එය දැක තිබුනේ නැහැ. එය දැන සිටින්නේ එතුමියත් wanjanim ත් පමණයි. එහෙත් එතුමිය එය දුටුවා නම් එයින් ඇතිවූ කම්පන තත්වය නිසාවෙන් එතුමියට සිහි නොපැමිණෙනවා විය හැකි බවයි වෙදදුරන් පැවසුවේ.

මාද දෙසතියක් පුරාම gunbuin mama අසලම සිටියේ එතුමිය කොයි මොහොතක හෝ අවදි වේවි යැයි බලාපොරොත්තුවෙන්. එලෙසම පෙරදීත් මේ ආකාරයට ම එතුමිය සිහිසුන් ව සිටි දින වලදී ඇය අසලින්ම wanjanim සිටි ආකාරය මා හට මාගේ දෑස් ඉදිරිපිට මැවී පෙනුනේ සිත වේදනාවෙන් පෙලද්දී.

එලෙසම වේදනාවෙන් සිටි තවත් දිනක් ගෙවී ගොස් රාත්‍රි වූ නිසාවෙන් මා සිතුවේ නිවසට ගොස් නැවත පැමිණීමටයි. එහෙත් එකවරම මා දුටු දේ නිසාවෙන් මා නැවත gunbuin mama අසලට දිව ගියේ පාලිකා Min ද දිව එන විටමයි.

❤NEVER ENDING LOVE❤ [Completed] [Rewriting]Where stories live. Discover now