Chapter 17

1.1K 229 3
                                    

---(Taehee's POV)---

පරීක්ෂණය හෙට දිනයේදී පැවැත්වීමට නියමිතව තිබූ නිසාවෙන් අද දිනයේදී වන්ජන්නිම්, ටේහ්යුන්ග් ඔරාබොනිට හා මට මාලිගයට පැමිණෙන්න යැයි පැවසුවේ, මේ දින කිහිපයේදීම අපගේ නිවසේම කාලය ගත කල නිසාවෙනුයි. මේ වන විට මා සුවය ලබා තිබූ නිසාවෙන්, ඔරාබොනිත් මා හට පිටතට යාමට අවසර ලබා දුන් නිසාවෙන් මා ද කැමැත්තෙන්ම එහි පැමිණියේ, නිවසටම වී සිටීම බොහොම අපහසු වූ නිසයි. මාලිගයේ කුමරියන් ද සිටින නිසාවෙන් අලසකමක් නොමැතිවම කාලය ගත කිරීමට හැකියාව ලැබුනා. එහෙත් රාත්‍රී වෙමින් පැවති නිසා මා ටේහ්යුන්ග් ඔරාබොනිත් සමඟ නිවසට පැමිණීමට පිටත් වුවත්, අතරමගදී සේවකයෙකු පැමිණ ඔරාබොනිව හදිසියේම ඔහුගේ නිවසට රැගෙන ගිය නිසාවෙන් මා තනිවම පැමිණෙන්නම් කියා පිටත් වූයේ, තවමත් එතරම් අඳුරු වැටී නොතිබුණු නිසාවෙනුයි.

“ටේහී-ෂී...”

එකවරම මාගේ නම අමතා කවුරුන් හෝ කතා කරනවා මෙන් ඇසුනු නිසාවෙන් මා වටපිට බැලුවේ ඒ කවුරුන් ද කියා දැන ගැනීමටයි.

“අපයි කතා කරනු ලැබුවේ...”

තරුණියන් දෙදෙනෙකු මා අසලට පැමිණෙමින් එසේ පවසද්දී මා සිත සිතා සිටියේ ඔවුන් කවුරුන් ද කියායි. එතරම් මතකයක් නොවුනත් හුරුපුරුදු බවක් දැනුනු නිසාවෙන් මා ඔවුන්ට සිනාවක් සමඟම ආචාර කරනු ලැබුවේ, ඔවුන් හැඳ සිටි වස්ත්‍ර වලින් ඔවුන් වංශාධිපති තරුණියන් ලෙස පෙනුනු නිසාවෙනුයි.

“ඔබලා..??”

මා ඔවුන් පිලිබඳව දැන ගැනීමට මෙන් එසේ අසද්දී ඔවුන් ඔවුන්ව හඳුන්වා දුන්නා.

“මා යුද කටයුතු අමාත්‍යගේ දියණිය කන්ග් යූනා (Kang Yuna)... මේ මාගේ මිතුරිය ෂින් (Shin) අමාත්‍යගේ දියණිය ෂින් හේරින් (Shin Haerin)...”

“ආ..!! ඔබලව මා හට මතකයි... මාලිගයේ දී දිනක් අප මුන ගැසුණා නේද..?”

මා ඔවුන්ගෙන් එසේ ඇසුවේ සිනහවක්ද සමඟින්.

“එහෙමයි ටේහී-ෂී... මා පියාණන් සමඟ ජොන්හා හමුවීමට පැමිණි අවස්ථාවේදීයි ඒ අප හමු වූයේ... ඔබ මේ අවස්ථාවේ කොහේ හෝ ගමන් කරමින් ද සිටියේ..?”

❤NEVER ENDING LOVE❤ [Completed] [Rewriting]Where stories live. Discover now