Chapter 40

1.1K 180 1
                                    

(Jungkook’s pov)❤

එදා Jimin hyung නිසා මම මං මුලින්ම Shenu ව දැකපු වේලේම මගේ හිතට මටත් හිතා ගන්න බැරි විදිහේ අමුතු හැඟීමක් දැනුනේ. මට එදා දැනුනේ හරිම හුරුපුරුදු හැඟීමක්.

අපේ අලුත් fashion designer විදිහට Shenu ව දකිද්දී ඇත්තටම මං ගොඩාක් පුදුම වුණා කිව්වොත් හරි. ඇත්තටම එයා මට වඩා බාල වෙලත් මං එදා නොදැන Shenu ට noona කියලා කතා කරද්දී එයාගෙ මූණ තිබුන විදිහ මතක් වෙද්දී නම් මට තාමත් හිනා යනවා.

Shenu අපිට කොච්චර ලෙන්ගතු වුණාද කිව්වොත් මගේ hyung ලා ටික එයාට සැලකුවේ එයාලගෙම නංගි කෙනෙක්ට වගේ. Shenu හැමෝමත් එක්කම හරිම friendly විදිහට ඉඳපු නිසා වෙන්න ඇති staff එක පවා Shenu ත් එක්ක මාරම ලෙන්ගතුව වැඩ කලා.

ඒ නිසාම මාත් Shenu Jimin hyung නුයි V hyung නුයි එක්ක ගොඩක් වෙලාවට එකට හිටියත් ඒක එච්චර ගණන් ගත්තේ නෑ. අනික Jimin hyung කොහොමත් ඕන කෙනෙක් එක්ක අපිට වඩා friendly විදිහට ඉන්න එක සාමාන්‍ය දෙයක් නිසා මං කොහොමත් එහෙම දෙයක් හිතුවේ නෑ.

ඇත්තටම මට කොච්චර Shenu ගැන කැමැත්තක් තිබුණත් මට එයාට ඒ ගැන කියන්න තරම් ශක්තියක් තිබුණේ නෑ. මටම හිතා ගන්න බෑ ඒ මොකද කියලා. සමහරවිට ඒ මං කොහොමත් girls ලත් එක්ක ඉද්දී ලජ්ජාශීලී විදිහට ඉන්න නිසා වෙන්නැති. ඒත් මං Shenu එක්ක ඉද්දී මට ඒ විදිහට දැනුනෙ නෑ. ඒ නිසා ඒ මට දෛවය විසින් තීරණය කරලා තියෙන විදිහ වෙන්න ඇති කියලා මං කොහොම හරි හිත හදාගත්තා.

Shenu ට Jimin hyung ආදරේ කරනවා කියලා V hyung කියපු වෙලාවේ මගේ මූණ කොහොම වෙනස් වුණා ද කියලා මං දන්නෙ නෑ. ඒත් මං සාමාන්‍ය විදිහට ඉන්න උපරිම උත්සහයක් ගත්තා.  ඒනිසා hyung ලට ඒ වෙලාවේ මගේ වෙනස ගැන නොතේරෙන්න ඇති කියලා මං හිතනවා.

ඒත් Shenu hospital එකේ ඉන්නේ කියලා V hyung කිව්වම මගේ හදවතට කියා ගන්න බැරි විදිහේ අමුතු රිදීමක් ආවා මගේ ජීවිතේ පලවෙනි වතාවට. මං පොඩි කාලේම මගේ දෙමව්පියන්ගෙන් වෙන් වෙලා ඇවිත් මේ තත්ත්වෙට එන ගමනේදී මට ගොඩක් හිත් වේදනාවක් ආවා.  ඒ වෙලාවල් වලදීත් හිත රිදුනත්, Shenu අසනීපයෙන් කියලා ඇහුනු වෙලාවේ හිතට ආව වේදනාව අමුතුම වේදනාවක්.

❤NEVER ENDING LOVE❤ [Completed] [Rewriting]Where stories live. Discover now