Chapter 16

1.1K 220 3
                                    

---(Taehee's POV)---

ජෝසෝන්හි සතුටින් කාලය ගත කරන අතරේදී රජතුමා විසින් අගනුවර වාසය කරන අවිවාහක තරුණ තරුණියන් වෙනුවෙන් ඔවුන්ගේ දක්ෂතා වෙනුවෙන් පරීක්ෂණයක් පැවැත්වීමට තීරණය කරනු ලැබුවේ, දක්ෂතා ඇති අය වෙනුවෙන් ඇගයීමක් සිදු කිරීමටයි. මා හටද ඒ සඳහා ආරාධනා ලැබුණු නිසාවෙන් මාද ඒ සඳහා සූදානම් වූයේ ජෝසෝන්හීදී මෙවැනි දෙයකට සහභාගී වන පළමු අවස්ථාව මෙය නිසයි.

හන්යන්ග්හී වාසය කල රාජකීය, වංශවත්, මධ්‍යම පාන්තික, සාමාන්‍ය වැනි ඕනෑම කුලයක අවිවාහක තරුණ තරුණියන් හට මෙම පරීක්ෂණ සඳහා සහභාගී වීමට අවස්ථාව තිබූ නිසාවෙන් වන්ජන්නිම්, කුමරියන් මෙන්ම ටේහ්යුන්ග් ඔරාබොනිත් ඒ සඳහා සහභාගී වීමට සූදානමින් සිටි නිසාම මා හට බියක් නොමැතිවම පරීක්ෂණ සඳහා සහභාගී වීමටත්, එයට සූදානම් වීම සඳහා ඔවුන්ගේ උපකාර ලබා ගැනීමටත් හැකියාව ලැබුනා. එම පරීක්ෂණ දක්ෂතා උරගා බැලීමට සිදු කරන්නක් නිසාවෙන් ඕනෑම අංශයකින් පිළිතුරු සැපයීමට හැකියාව තිබිය යුතු වූ නිසාවෙන් මා හට බියක් දැනුනත්, වන්ජන්නිම් මෙන්ම ටේහ්යුන්ග් ඔරාබොනි නිතරම මට සහය වූයේ බිය නොවන ලෙස පවසමින්මයි.

දහවල් කාලයේදී වන්ජන්නිම් මෙන්ම ටේහ්යුන්ග් ඔරාබොනිත් අපගේ නිවසට පැමිණ පරීක්ෂණ සඳහා සූදානම් වූ නිසා මාද ඔවුන්ගේත් උපකාර ඇතිව එයට සූදානම් වුවත් රාත්‍රියේදී නම් මා තනිවම කුටියට වී එයට සූදානම් වූයේ, මා හට ඔරාබොනි මේ සිදු කරන සෑම දෙයක් වෙනුවෙන්ම ආපසු ලබා දිය හැක්කේ ගෞරවයක් පමණක් නිසාවෙනුයි. එහෙත් මා වෙහෙස වූ ප්‍රමාණය වැඩි නිසාමදෝ., පරීක්ෂණ දින ලං වන විට මට අසනීප බවක් දැනුනා. එහෙත් මා පරීක්ෂණ දින කිහිපයකින් අවසන් වන බව සිතමින් එය නොසලකා හැරියත්, ටේහ්යුන්ග් ඔරාබොනි මා අවශ්‍ය නැති බව පවසද්දිම ඔහුගේ හ්යුන්ග්නිම් අසලට රැගෙන ගියේ ප්‍රතිකාර ලබා ගත යුතුමයි කියා පවසමින්මයි.

“මෙම ඔසු වට්ටෝරුව මේ දින කිහිපයේ උදෑසන දිවා හා රාත්‍රී කාලයේදී තම්බාගෙන පානය කරන්න... එවිට ඔබේ සිරුරට සහනයක් දැනෙවි... එසේම ඔබේ අසනීප ස්වභාවයත් නැති වී යාවි... එසේම ඔබ මද විවේකයක් ගැනීමත් වැදගත්...”

❤NEVER ENDING LOVE❤ [Completed] [Rewriting]Where stories live. Discover now