Chapter 01

3.4K 412 68
                                    

මේ ලස්සන උදේ බැල්කනි එකට වෙලා රසම රස තේ එක බොන ගමන් ඉන්නකොට මන් දැක්කා එයා ඇදෙන් නැගිටලා මන් දිහාවට එනවා.එයා ටික ටික මාව එයාගෙ ලගට ලන් කර ගන්න ගමන් මන් දිහාවට නැමුනා..

පොඩ්ඩක් ඉන්න!!!
මොකක්ද මේ එන කුනු ගඳ??!
කුනු කන්දක් ලග ඉන්නව වගෙ.

මෙන්න එකපාරටම පොලොව හෙල්ලෙන්න ගත්තා..

දෙවෙනි ලෝක යුද්දෙවත්ද?!! නෑ ඓහෙම වෙන්න බෑනෙ..

භූමි කම්පාවක්ද!!??

"නේහා නැගිටිනවා........ නැගිටිනවා නැගිටිනවා"

කොහෙන්දෝ මන්දා ඇහුණු ටකරං වොයිස් එක නිසා මං එකපාරටම ඇහැරුනා.

"අයියෝ.කෑවා කෑවා.මගෙ හීන ලෝකෙම සුනුවිසුනු කලා.පාපමිත්‍රයා"
මගෙ වොයිස් එක ඊට නොදෙවෙනි නෑ ඉතින්.

මං කියපු එකට හසියට හොදටම හිනා.

"ඇයි හිතුවද ඔයාගෙ සිහින කුමරයා රත්‍තරන් දෝලාවකින් කැන්දන් යන්න ඇවිත් කියලා?
නිදාගන්න නෙවේ,ඇහැරෙනවා.තව ටිකකින් අපි land කරනවා."

මං හිරි අරින අතරේ අරහෙ කැඩිච්ච රේඩියෝ එකක් play වුණා.

මට හරිම සතුටක් දැනුනා.මොකද අවුරුදු ගානක් හසියයි මායි කට්ට කාලා ඉගෙනගත්තෙ korea ඇවිත් job එකක් කරන්න.අම්මලාට වෙන රටකට යවන්න ඕනේ වුනත් අපිට ඕන වුනේ korea එන්න.

හසියටනම් තදටම fangirl පිස්සුව ගහල තිබුණේ.මන් ඒ තරම් දරුණුවට නොවුනත්,එයා අහන සින්දු වලට ගොඩක් ආදරේ කලා.ඒ වගේම එයාගෙ bias ගැන කියන විකාර කතා,එයලා කරන දේවලුයි මාත් හිනාවෙවී අහං හිටියා.මටත් කවදහරිම එයාලව බලන්න ආසාව තිබුණා.

හසියගෙ තාත්තයි මගෙ තාත්තයි business partnersලා වුණ නිසා අපි පොඩි කාලෙ ඉදන්ම එකට හිටියේ.

හසියගෙ මේ පිස්සුව නිසා එයාට ජොබ් එකට එන්න ගොඩක් try කලා.මාත් ඉතින් නිකම් හිටියේ නෑ.

Try කරලා try කරලා Big Hit Entertainment එකේම Finance Management එකේ Traineesලා වෙන්න අපිට අවස්තාවක් ලැබුණා.

"හෝව් හෝව් කනුවක්"

හසියගෙ ටින්කිරි voice එක නිසා අතීතෙ ගිලිලා හිටිය මන් ආයෙ වර්තමානෙට ආවා.

JHope's Lily | JHS |✔Where stories live. Discover now