❤️💔...I feel you(Chapter 06)...❤️💔

154 33 12
                                    


Jeon Jungkook p.o.v.

             
            මං ක්ලබ් එකෙන් එළියට ඇවිත් කෙලින්ම ගියෙ කාර් පාර්ක් එකට.කඩාගෙන බිදගෙන වේටර්ලව , බොඩිගාඩ්ලව තල්ලු කරගෙන ක්ලබ් එකෙන් එළියට එද්දි එකදිගට මූණට වැදුණු තද ෆ්ලෑෂ් ලයිට් එළි දෙක තුනක් නිසා මං හොදටම තේරුම්ගත්තා මාව අදුරගත්තු කීප දෙනෙකුත් ක්ලබ් එක අස්සෙ හිටියා කියලා. ඔය කිසිම දෙයක් මට දැන් හිතන්න ඕන නැහැ.කාර් එකේ දොර හෙන හයියෙන් වහල දාලා strein wheel එකට තියාගෙන හිටපු අතේ ඇගිලි පොඩිකරන ගමන් මං කල්පනා කළේ සිද්ධවුණු දේවල්.දැනුනු කේන්තිය නිසාම මගේ නහයෙනුත් නොසන්සුන් විදිහට හුස්ම පිටවුනේ පපුව පුදුම වේගෙකින් ගැහෙද්දි.මොහොතකට හරි තප්පර දෙක තුනකට හරි මං වෙන කෙල්ලෙක්ව කිස්කරා කියන හැගීම මාව පුච්චන තරම් වෙද්දි මං තොල් දෙක දත් වලට තද කරගෙන හයියෙන් හැපුවෙ ඇස්දෙකත් තදවෙලා වැහෙද්දි. කොහෙවත් ඉන්න ගෑනියෙක්ගෙ ජරා ඇගක් මං මගේ අත්වලින් ඇල්ලුව බව මතක් වෙද්දි වහගෙන හිටපු ඇස් අගිස්සෙන් කදුළක් බේරිලා කම්මුල දිගේ වැක්කෙරුනා.හපලම ලේ රහ වෙච්චි තොල් දෙක එකට තද කරගෙන මං strein wheel එකේ ඔළුව ගහගෙන ගහගෙන ගියේ ඔය සිද්දිය ඔතනින් එහාට තව පියවරක් හරි වැඩිපුර තිබ්බනම් , හැගීම් කියන දේ සිතුවිලි පාගගෙන ඉස්සර වුනානම් කොයි විදිහට පසුතැවෙන්න වෙයිද කියල හිත හිතයි.අත් දෙකෙන්ම කොණ්ඩෙ ඇදගෙන ෂීට් එකට හේත්තු වෙලා ඇස් වලට ඉඩ දුන්නෙ දුක නැතිවෙනකන් අඩල ඉවරයක් වෙන්න.

                 බොදවෙලා ගියපු කදුළු පාරවල් වලින් පුපුරු ගහන කම්මුල් රිදුම් දෙන්න ඇරලා මං වාහනේ අරගෙන පුළුවන් තරම් වේගෙන් ඔහේ ඩ්‍රයිව් කළා.කේන්තිය නැතිවෙන්න මං කොහොමත් මෙහෙම වැඩ කරනව නිතරම.ඉස්සර බාප්පගෙන් වුනු වද ඉවසන්නම බැරුව ගියහම මං බාත්රූම් එකට වෙලා බ්ලේඩ් එකකින් අත තැනින් තැන කපාගත්තා මතකයි.කකුල් වෙව්ලන ගානට පණ නැතිවෙනකන් ඔහේ ලේ ගලාගෙන යන්න දීලා මං බලාගෙන හිටියා.සමහර දවස් වලට සිහි නැතිවීගෙන යද්දි මං හිතුවෙ මං මැරෙනව කියලා......කළු පාට තිත් තිත් පෙනිලා සැරින් සැරේට එළියයි අදුරයි අස්සෙන් ඇස් පියවෙද්දි මං සතුටු වුනා.මොකද තවත් දුකක් නෑනෙ කියලා හිතලා.ඒත් ඒ පොඩි වෙලාවකට විතරයි කියලා සිහිය ආවම තේරෙද්දි මට ආපහු දැනුනෙ කලකිරීමක්.

❤️💔....𝙒𝙞𝙩𝙝 𝙮𝙤𝙪 𝙒𝙞𝙩𝙝𝙤𝙪𝙩 𝙮𝙤𝙪....❤️💔  (𝗼𝗻 𝗵𝗼𝗹𝗱)Where stories live. Discover now