❤️/💔...I meet you(Chapter 06)...❤️/💔

248 77 6
                                    


No One's p.o.v.

      ජන්කුක් සිටි දෙසට ඇවිදන් ගිය ටේහියුන්ග් උගුර පාදා කටහඩ අවදි කලේ ,ජන්කුක්ගේ අවධානය ලබා ගැනීමේ අරමුනින් වුවත් එය ගානකටවත් නොගත් ජන්කුක් නැවතත් තම දුරකතනයට ඔලුව ඔබාගත්තේ ටේහියුන්ග් ට සිනහවකින් හෝ සංග්‍රහ නොකරයි.
            
          ජන්කුක්ගේ හැසිරීම පිලිබඳ ටේහියුන්ග් මුලින්ම පුදුමයට පත්වුවත් පසුව ඔහුගේ මතකයට නැගුනේ පෙර දින රාත්‍රියේ සිදුවූ සිදුවීමයි.

📌️ටේහියුන්ග් :: "ආආආහ්හ්හ්හ්.......... කුකියා මාත් එක්ක මේ තරහා වෙලාද ඉන්නේ........??????🙄🙄 ඒකත් සාධාරණ හේතුවකට යැයි ,අර ඊයේ ගියේ කොහෙද කියලා එයාට නොකිව්ව එකටනේ.😒😒අනේ මන්දා නර්සරි ලමෙක්ටත් අන්තයිනේ මෙයා.😂"

    ඊයේ සිදුවීම මතකෙට නැඟීමත් සමගම එහෙම හිතුව ටේහියුන්ග් ,ඒත් එක්කම ජන්කුක් අසල තිබූ පුටුව ඇද එයින් අසුන් ගත්තේ කෙසේ හෝ ජන්කුක්ව නැවත මිතුරු කර ගැනීමට සිතාගෙනයි.ජන්කුක් දෙස එක එල්ලේම මද වේලාවක් බලාගෙන සිටි ටේහියුන්ග් මුහුණෙන් විකාර කරමින් ජන්කුක්ට ඇද කලේ ,ජන්කුක්ව සිනහ ගැස්සවීමේ අරමුනින්.ටේහියුන්ග් ගේ අරමුණ මල්පල ගන්වමින්,කෙටි කාලයකින්ම  ජන්කුක්ගේ මුවින් විසිරුනේ හාවෙකුගේ වැනි ඔහුගේ බනී සිනාවයි.🐰🐰

📌️ජන්කුක් :: "අනී......ටේහියුන්ග්.....ඕක නවත්තන්න අයියෝ.........බලනවකෝ හැටි.....,,,,,තැලිච්ච සත පනහෙ කාසියක් වගේ.😂 ආආආ....නෑ....නෑ ......ඔයා නිකන් කෙහෙල් ලෙල්ලක් ,ඒ වගේ මොකක්හරි වගේ.ෂික්.....විතරක් තියෙන කැත තවත් වැඩි කරගන්නවා.😄😄"

      ජන්කුක් එහෙම කිව්වේ බොහොම අපහසුවෙන් තම සිනහව පාලනය කරගන්න වෙහෙසෙන අතරවාරයේදීයි.

📌️ටේහියුන් :: "ජන්කුකී මාත් එක්ක තරහ නෑ නේද???????????☺️ඇත්තටම මට ඕනි වුනේ නෑ ඔයාට නොකියා යන්න.ඒත් ඒක එහෙම වුනා.ඒ කොහොම වුනත් මාත් එක්ක තියෙන තරහට අර අසරණ yeontan ව තනියෙම දාලා ආපු එකටනම් මට දුකයි හොදේ...........🙄ඔයා දන්නවද ජන්කුකී ,මං ඉන්නෙ ඒ ගැන හද පතුලෙන්ම බුර බුරා නැගෙන වේදනාවකින් කියලා.🤣🤣"

   ටේහියුන්ග් අවසාන වචන ටික කිව්වේ තොල් දෙකම තම දත්වලින් හපාගෙන හිනා නොවී සිටීමට උත්සාහ කරමින්.

❤️💔....𝙒𝙞𝙩𝙝 𝙮𝙤𝙪 𝙒𝙞𝙩𝙝𝙤𝙪𝙩 𝙮𝙤𝙪....❤️💔  (𝗼𝗻 𝗵𝗼𝗹𝗱)Hikayelerin yaşadığı yer. Şimdi keşfedin