❤️/💔...I want you(chapter 05)...❤️/💔

228 71 10
                                    


No one's p.o.v.

📌️ටේහියුන්ග් :: "ආසයිනම් එන්න ඉතින් .කෝ එන්න ........ඉක්මනට ........"

          ඉන්හගේ අතින් එකපාරටම අල්ල ගත්තු ටේහියුන්ග් ඉන්හවත් ඇදගෙනම ගියේ hyatt hotel එක පිටිපස්සෙන් හැන් ගඟට මුහුණලා ,මේපල් ගස්වලින් හැඩවෙලා තිබ්බ ඒ ලස්සන පාර පැත්තට.

          ඉන්හගේ අතින් එකපාරටම අල්ල ගත්තු ටේහියුන්ග් ඉන්හවත් ඇදගෙනම ගියේ hyatt hotel එක පිටිපස්සෙන් හැන් ගඟට මුහුණලා ,මේපල් ගස්වලින් හැඩවෙලා තිබ්බ ඒ ලස්සන පාර පැත්තට

Ops! Esta imagem não segue as nossas directrizes de conteúdo. Para continuares a publicar, por favor, remova-a ou carrega uma imagem diferente.

Choi Inha p.o.v.

                 මගේ ජීවිතේ ,ඒක හරිම වෙනස් එකක්.දුක සතුට කියන එක මාරුවෙන් මාරුවට දැනෙන එක සාමාන්‍ය විදිහනේ.ඉතින් මටත් එහෙම තමා.ඒත් ටිකක් වෙනස්.මගෙ ජීවිතේට සතුටයි දුකයි එන්නෙ යන්නෙ හරියට කටුස්සෙක් පාට මාරු කරනවා වගෙයි.මගේ හදවත කෑලි කෑලිවලට කැඩිලා, තුවාල වෙලා, පෑරිලා ඉන්න වෙලාවක කොහෙන්දෝ එන පොඩි හැඟීමක් ,ඒක මගේ මුලු ජීවිතේම වෙලා,මගෙ ආත්මයම සුවපත් කරනවා.මට දුකක් දැනුනු වෙලාවට හැමදාම වගේ එහෙම වෙනවා.දුකක් දැනුනු වෙලාවක සියුම් හරි සතුටක් ලැබේවි කියන එක මන් දැන් විශ්වාස කරන්න පටන් අරන්.මන්  ඒකට ඇබ්බැහි වෙලා.මන් දුකක් දැනෙන හැම මොහොතකම ඒ දේ බලාපොරොත්තුවෙන් ඉන්න පටන් අරන්.වේදනාත්මක රිදුම් රාශියක් නැති කරලා දාන්න ලොකු සතුටක් ඕනි නෑ.ආදරේ කරන කෙනාගෙන් ලැබෙන එක හිත සතුටු කරවන වචනයක් ,උනුසුම් වැලදගැනීමක් ,ආදරය පිරුණු හාදුවක්  හොදටම ඇති.
              මේ මොහොතේ,මේ තත්පරේ,මේ නිමේශයේ මට ඒ දේ හොදටම දැනෙනවා.මගෙ ජීවිතේට අහම්බෙන් ආපු එයා,මගෙ මුලු හදවතම හොරකම් කරපු එයා ,කවදාවත් මට අයිති නැති බව දැනගෙනත් සදහටම මන් ආදරේ කරන  ,ඒ ඇස් වලින්ම විතරක් මාව ආකර්ෂණය කරගත්තු කෙනා ,ඔව්.....එයා දැන් මගෙ ළඟ.එයාගෙ සීතල ඇගිලි වලට මගෙ අත මැදිවෙලා.මට දැනෙන්නේ මේ මොහොත මන් වැඩියෙන්ම බලාපොරොත්තු වුනු,ආසවුනු මොහොතක් කියලයි.මේ හැඟීමෙන් මට මිදෙන්න ඕනි නෑ.කාලය නතරවෙනවට කවදාවත්ම ආස නොවුණු මගේ  අද දවසේ එකම ප්‍රාර්ථනාව ,මේ මොහොත මේ විදිහටම සදහටම නතරවෙනවනම් කියන එකයි.මේ ආදරනීය ස්පර්ශය මගෙන් ගිලිහෙනවට ,ඈත්වෙනවට මන් කැමති නෑ.මට ඕනි මේ මොහොතෙ නතරවෙලා ඉන්න මුලු ජීවිත කාලෙ පුරාවටම.
             ටේහියුන්ග් මගේ අතත් අල්ලගෙනම හිමින් හිමින් ඇවිදන් ගියේ හැන් ගඟ පැත්තට .මට හිතාගන්නවත් කාලයක් නොතිබුණත් මන් එයාට අවනත වෙලා එයා පස්සෙන් ඇදීගෙනම ගියේ ඒ  දෑතේ තිබුණු සියුම් ස්පර්ශය මගේ හදගැස්ම වැඩිකරද්දියි.එයාගෙ දිග ලස්සන ඇගිලි මගේ අතේ ඇගිලි අතරින් එතිලා තිබුනේ කිසිම මොහොතක ඈත්වෙන්න අකමැති ලෙසකටයි.මටත් එයාගෙ අතින් පෙරලා අල්ලාගන්නට හිතුනත් මා එයින් වැලකුනේ,මේ මොහොතේ දැනෙන සතුට ඊළඟ නිමේෂයේ නැතිවී යනවිට මා හට එය දරාගතනොහැකි වේයැයි හදවතට දැනුනු බිය නිසාමයි.ජීවිත කාලේ පුරාවටම මට ඔයාගෙ අත් මේ විදිහට අල්ලගෙන ලගින්ම ඉන්න ලැබෙනවනම්,ඒක තමා මට මේ ලෝකේ වැඩිපුරම දැනෙන සතුට.

❤️💔....𝙒𝙞𝙩𝙝 𝙮𝙤𝙪 𝙒𝙞𝙩𝙝𝙤𝙪𝙩 𝙮𝙤𝙪....❤️💔  (𝗼𝗻 𝗵𝗼𝗹𝗱)Onde as histórias ganham vida. Descobre agora