Choi Inha p.o.v.නිදහස තියෙන මිනිස්සු හොයන්නෙ බැදීම්......බැදීම් තියෙන මිනිස්සු හොයන්නෙ නිදහස.....සතුට නැති මිනිස්සු හොයන්නෙ ආදරේ.....ආදරේ තියෙන මිනිස්සු හොයන්නෙ සතුට.....ජීවිත කාලෙම අපි එක එක ඒවා හොයනවා ලබාගන්නවා.....ඒවා අපෙන් ගිලිහෙනවා , අපි දරාගන්නවා....සමහරු මූනෙන් හිනාවෙනවා ආත්මෙන් විදවනවා.......තවත් අය ආත්මෙන් සැනසෙනවා ඒත් මූනෙන් හංගගන්නවා......ඒත් තවත් අය ආත්මීයව විදවනවා.......ඒ වගේම බාහිරවත් විදවනවා......විදවීම් වලින් පිරුනු මිනිස්සු ළඟ කවදාවත් කුරිරු හැගීම් නැහැ.මොකද එයාල දන්නවා, එයාලට දැනෙනවා වේදනාව කියන්නෙ මොකක්ද කියලා.....ජීවිතෙන් පැරදුනු මිනිස්සුන්ට කවුරු කොහොම අර්තකතන දුන්නත් මගෙ හෘදසාක්ෂිය එයාලව හැමදාම දකින්නෙ එහෙමයි.වේදනාත්මක හැගීම්,මතක,අත්දැකීම්,මේවයින් පිරුනු අය හැමදාම කලේ අනිත් අයගෙ ජීවිත ලස්සනට පාට කරපු එක,හැමෝගෙම ජීවිතවලට ලස්සන පාට එකතු කරපු එක.....ඒකයි එයාලගෙ ජීවිත වර්ණයක් නැතුව හේදිලා ගියේ.....වර්ණයක් නැතුව අවලස්සන වුනේ......හැම රිදීමක් පිටිපස්සෙම තියෙන්න හැන්ගුනු ලස්සන කතාවක්.වෙනසකට තියෙන්න මුවගට සිනාවක් නැතුව ඇස් අග කදුළු රැදෙන එක විතරයි.
තැනින් තැනින් හීරිලා ගියපු තුවාල එක්ක ඇදේ වැතිරිලා හිටපු ටේහියුන්ගෙ ලස්සන මූන මට මතක් වෙනවා.හැමදාම කොටු හිනාවකින් පිරිලම තියන ලස්සන දගකාර මූන වේදනාවෙන් මිරිකිලා.ඇග හැමතැනින්ම ගහපු කටු , පොඩ්ඩක් කොනිත්තුවත් කෑගහන එයා කොහොම දරාගනීද.තාමත් මූනෙ ඇදුනු කදුළු පාරවල්....මට එක පොඩ්ඩක් ළගට ගිහින් බලන්න බැරිවුනා මගෙ ජීවිතේ වුනු ඒ කෙනාගෙ මූන.මට පුලුවන් වුනානම් මට ඉඩක් දෙනවනම් එක පාරක් සිපගන්න ආපහු, මං මගේ කියන හැමදේම අතෑරලා දානවා.ඔයාගෙ ඇස් දිහා බලාගෙන,ඔයාගෙ කතාකරන ඇස් දිහා බලාගෙන එක මොහොතක් ඉන්න ඇත්නම් මං මගෙ ආත්මෙම අතාරිනවා.මට ඔයාගෙ ළඟ එක මොහොතක් රැදෙන්න ඉඩදෙනවනම්......ඒකයි මේ මොහොතේ මට ඕනි එකම එකම එකම දේ.ඔයා වෙනුවෙන් ගොඩක් අය බලාගෙන ඉන්න බව දන්නවා.ඒත් මගෙ හිත......ඔයාගෙම විතරක් වුනු......ඔයාගෙ නමට සදහටම ලියවුනු මගෙ හිත......ඒ හිත ඔයා එනකන් බලාගෙන ඉන්න තරම්ම ශක්තිමත් නෑ.මට මැරෙන්න තරම් හිතුනු වාර අනන්තයි.එළියෙ ඉදන් වීදුරුවක් අස්සෙන් ඇස් යවාගෙන මං බලාගෙන හිටියෙ ඊයෙ මගෙ ඇස් පිහාටු ගැවෙන තරම්ම ළන්වෙලා හිටපු මගේ ආදරේ දිහා නේද....මං කවදාවත් හිතුවෙ නෑ මට බලන්න වෙයි කියලා ඔයා දිහා මෙච්චර දුර ඉදන්.මං ඊයෙ ඈත්කරේ රැව්වෙ එරෙව්වේ ඔයාට නේද කියලා මතක්වෙද්දි මට දැනෙන හැගීම, ඒ හැගීම මාව පුච්චලම දානවා.මං ඇස් වහගෙන ආයෙම ටේහියුන්ගෙ මූන මතක්කළා.හිනාවන් අතරින් පේන් එයාගෙ කදුළු....ලේ වැගිරෙන තුවාල.....මගෙ ජීවිතේ එළිය කරපු තරුව මැකෙන්න දෙන්නෙ කොහොමද මම.....හැමදාම ඇයි මම මෙහෙම අසරණ වෙන්නෙ.....කිසිම දෙයක් කරගන්න බැරුව මම අසරණ වෙන්නෙ ඇයි.මගෙ පන ආපහු මගෙ ළගට ආවෙ නැතොත් මං මොකටද ජීවත් වෙන්නෙ.හිමිවීම් අහිමිවීම් සාමාන්‍යයි......ඒ වගේම හිමිකරගැනීම් අහිමිකරගැනීම් , ඒවත් සාමාන්‍යයි.........__ඒත් හිමිවුනු දෙයක් අහිමිකරගත්තම__..........ටේහියුන්ගෙ ආදරේ......ඒ ආදරේ රැකවරණය සෙනෙහස මට හම්බුනු ලොකුම වටිනම දේ මගෙ මුළු ජීවිත කාලෙටම.....ඒ ලැබීම මං විසින්ම නැතිකරගත්තා වගෙයි දැනෙන්නේ මට.මේ සිද්දවුනු දේ කාගෙ වරදින් වුනත් මං දන්නවා ඒ කවුරුත් මං තරම් පසුතැවෙන් නැතුව ඇති.පිටට පේන්න කිසිම වරදක් මගෙ ළඟ නැති වුනත් මට දැනෙන්නෙ මමයි වැරදි කියලා හැමදේකටම.ජීවිතේට ගොඩක් වටින දෙයක් ලැබුනම අපි ඒදේට ඇබ්බැහි වෙනවා,ඒදේට ලෝබ වෙනවා......මං ඒ ආදරේට ලෝබයි......ඔව් මං ටේහියුන්ගෙ ආදරේට ගොඩක් ලෝබයි......මගෙ ළගම තියාගන්න ඕනි මට සදහටම.....හදවතින්ම මං එයාට බැදිලා......ඒකයි මට මෙහෙම දැනෙන්නෙ....ඇස්වල කදුළු ඉවරවෙනකන් මන් ඇඬුවත් මං දන්නවා ඒකෙන් වැඩක් නෑ කියලා.කදුළකට බැහැ ජීවිතයක් බේරගන්න.ඒකයි මං තවත් අඩන්නෙ නැත්තෙ.මං හිතින් ශක්තිමත් කෙනෙක් වෙන්න ඕනි මගේ ආදරේ වෙනුවෙන්.කවදමහරි එයා ආපහු ඒ අත් මගෙ දිහාට දික්කරගෙන , ආදරණීය වැළදගැනීමක් බලාපොරොත්තු වෙන දවසට, ඒ උණුසුම් වැළදගැනීම දෙන්න මං ශක්තිමත් වෙන්න ඕනි.....කදුළකට ජීවිතයක් බේරගන්න බැරිවුනත් ප්‍රාර්ථනාවකට පුළුවන් කෙනෙක්ව ජීවත් කරවන්න.
ඇද උඩ සිහිනැතිවෙලා ඉන්න පිරිමි ළමයා, නැත්නම් ජියෝන් ජන්කුක්,එහෙමත් නැත්නම් ටේහියුන්ගෙ යාලුවා.මට හිතෙනවා එයා මං කලින් කියපු විදිහෙ කෙනෙක් කියලා.දැනෙන හිතෙන දේවල් හැම මොහොතෙම නිවැරදි නැහැ.ඒත් මට තේරෙනවා එයා විදවනවා ලොකු වේදනාවකින්.ඒ ඇස් වල ඒක ලියවිලා තිබුනා.මං එයාට සමීප නැහැ.මං එයා ගැන දන්නෙත් නැහැ.අඩුම මං මීට කලින් කවදාවත් දැකලත් නෑ.ඒත් මට එයාව දැනෙනවා.මෙච්චර වෙලා මං මෙතන වාඩිවෙලා හිතුවෙ ටේහියුන්ග් ගැන වුනත් මට ජන්කුක්ගෙ හැගීම් තේරුනා.සේලයින් බටයක් කැනියුලාවකින් හයි කරලා තියෙන එයාගෙ අත මගේ අත උඩ.මොන හේතුවක් නිසාද දන්නෑ එයා මගේ අත තදකරගෙනම මෙච්චර වෙලා.සමහරවිට එයාට හිතෙනවා ඇති මං ටේහියුන්ග් කියලවත්.ටේහියුන්ට සිද්ද වුනු දේත් එක්ක ජන්කුක් ගොඩක් මානසිකව දුර්වල වෙලා කියලයි ඩොක්ටස්ලා කිව්වේ.මට මතක් වෙනවා එයාගෙ අනිත් හියුන්ලා අඩපු හැටි.ශක්තිමත් කඩවසම් පෙනුමක් පිටින් ඒ හැමෝටම තිබුනත් , මං දැක්කා එයාලගෙ සහෝදරයා වෙනුවෙන් ඒ හිත්වල පිරුනු වේදනාව කදුළු වලින් පිටවුනු විදිහ.මං ජන්කුක්ගෙ පියවුනු ඇස් දිහා ටික වෙලාවක් බලාගෙන හිටියා.ඒ ඇස් සැරින් සැරේට තදවෙනවා.ඇස් අගිස්සෙන් එළියට රූටන කදුළක්.මට දුකයි.එයා කවුරු වුනත් මේ වෙලාවෙ මට එයා තුළින් මාව පේනවා.මං මගෙ ඇගිලි අරන් ගියෙ ජන්කුක්ගෙ ඇස් අගට.සීරුවට ලිස්සන කදුළු බින්දුව ඇගිල්ලෙන් පිහල දාලා මං ආපහු එයා දිහා බලාගෙන හිටියා.මට මැවෙනවා එයාගෙ ඇස්.ඔව්......එයාට ඕනිවුනා මට කියන්න මොනාහරි.......ඒත් ඒ මොනාද.....ඇත්තටම ඔයාට මොනාද කියන්න තියෙන්නේ.
තදට බැන්ඩේජ් කරල තිබුණු මගෙ ඔළුවෙනුත් මට දැනෙන්නෙ පුදුම වේදනාවක්.......ලේ කැටිගැහෙන්න ගත්ත පෙත්ත නිසා මගෙ ඇගිලිත් වෙව්ලනවා.මං ජන්කුක්ගෙ ඇදටම ඔළුව තියාගත්තේ ඔළුව ඇදුම්කන නිසයි.
YOU ARE READING
❤️💔....𝙒𝙞𝙩𝙝 𝙮𝙤𝙪 𝙒𝙞𝙩𝙝𝙤𝙪𝙩 𝙮𝙤𝙪....❤️💔 (𝗼𝗻 𝗵𝗼𝗹𝗱)
FanfictionOne day🍂 you will cry for me....... As much as I cry for you today........ One day🍂 you will miss me........ The more I miss you today........ One day🍂 you will need me........ As much as I need you today....... One day🍂 you will love me so much...