❤️/💔...I meet you(Chapter 03)...❤️/💔

264 83 17
                                    


Choi Inha p.o.v.

         මං ඒ කෙනා ළඟට ළං වෙන්න පියවර කීපයක් වගේ කෙටි දුරක් තියෙද්දී ඒ කෙනා එක පාරටම මගේ පැත්තට හැරුණා.එයා ඇස් දෙකත් ලොකු කරගෙන මගේ දිහා බලාගෙන හිටිය විදිහ දැක්කම මාව එතනම ගල් වුනා.එයාගේ මූනෙන්ම පිටතට පේන්න තිබුනේ ඇස් දෙක විතරක් වුනේ එයා මාස්ක් එකක් දාගෙන මූන වහගෙන හිටපු නිසයි.
              
             ඒත් ඒ ඇස් දෙක....ඔව්.....ඒ ඇස් කටින් කතා කරන වචන දහස් ගාණකට වඩා මගේ ඇස් එක්ක දොඩමලු වුනා.මට දැනුනේ එයාගෙ දිලිසෙන , දිග ඇස් ,මාත් එක්ක මගේ හිතත් එක්ක ගොඩක් දේවල් කතාකරනවා වගෙයි.මගේ හදවත වෙනස්ම රිද්මයකට ගැහෙන්න ගත්තේ මීට කලින් කිසිදු දවසක අත් නොවිදි අමුතුම හැගීම් ගොන්නකින් මාව යටපත් කරමින්.මට නොදෙවෙනි විදිහට එයත් මං දිහා බලාගෙන හිටියේ ගල් වෙලා වගෙයි.මං හිතන්නේ මට වගේම එයාටත් ඒ මොහොතින් මිදෙන්න ඕනි වුනේ නෑ.

මං හිතන්නේ මට වගේම එයාටත් ඒ මොහොතින් මිදෙන්න ඕනි වුනේ නෑ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

       මොකක්ද මේ අමුතු හැඟීම...මීට කලින් කවදාවත් කවුරු ඉස්සරහවත් නොදැනුනු මේ නුපුරුදු හැඟීම මොකක්ද.......කිසිම පිරිමියෙක් හමුවේ  නොදැනුනු,ජීවිතේට දැකල නැති ,මුලින්ම අද දැකපු මේ කෙනා වෙනුවෙන් මගේ හිත ඇතිවුණු මේ සිතුවිල්ල මොකක්ද....ඇයි මගේ පපුව මෙච්චර වේගෙන් ගැහෙන්නේ.....ඒ ඇස් වලට තියෙන අමුතු ආකර්ෂණය මොකක්ද.....බැරිවෙලාවත් මගේ හිත එයාට කැමතී ද.......මුලින්ම දැකපු ගමන්ම ඇතිවුණු මේ හැගීමට කියන්නේ ආදරේ කියලද.....ඒත් කවදාවත් දැකලවත් නැති තත්පර කිහිපයකට කලින් හමුවුනු හරියට මූනවත් බලාගන්න බැරි වුනු කෙනෙක් වෙනුවෙන් මගේ හිතේ ආදරයක් ඇතිවෙන්න පුලුවන්ද.....මේ ලෝකේ කවුරුත්ම ඒ විදිහට ආදරේ කරන එකක් නෑ......නෑ ඒක ආදරේ නෙමේ.....ඒත් ඒ ඇස් ඇයි මාව මෙච්චර නොසන්සුන් කරන්නේ......
          හිතේ දහසකුත් ප්‍රශ්නයි දහසකුත් උත්තරයි එකින් එක තෙරපෙද්දී මං ආයේම ඒ ඇස් වල හිර වෙලා...අතරමංවෙලා....
            තත්පර කිහිපයකට වඩා බලාගෙන හිටියේ නැති උනත් මට දැනුනේ මං එයා දිහා පැය ගාණක් බලන් හිටිය වගේ.සියුම් ලැජ්ජාවක් දැනුනත් ආයාසයෙන් සී සීකඩ විසිරිලා තිබුණු මගේ හිත මං එකතැනකට ගත්තේ එයාගේ ඇස් වලින් මිදිලා එහා පැත්ත බලන ගමන්.
              එයාගේ ඇස් දිහා ආයේ නොබලන්න ප්‍රවේසම් වුනු මම උගුර පාදලා කතා කරන්න පටන් ගත්තේ එයා ආපු කාරණය දැනගන්න අදහසිනුයි.

❤️💔....𝙒𝙞𝙩𝙝 𝙮𝙤𝙪 𝙒𝙞𝙩𝙝𝙤𝙪𝙩 𝙮𝙤𝙪....❤️💔  (𝗼𝗻 𝗵𝗼𝗹𝗱)Where stories live. Discover now