❤️/💔...I feel you(chapter 02)...❤️/💔

314 73 50
                                    

Jeon Jungkook p.o.v.

මට දැනෙන්නෙ මගෙ තුළ ලොකු හිස් බවක්.මගෙ ළඟ මට අයිතියි කියලා තියෙන්නෙ මේ අත් දෙකයි කකුළ් දෙකයි, හිස් කදකුයි විතරයි .මගෙ හැගීම්,සිතුවිලි,බලාපොරොත්තු ,ඒ හැමදේම හොරු අරන් ගිහින්.මගෙ සතුට,මගෙ හිනාව අයෙ කවදාවත් මට හොයාගන්න බැරිවෙයි.මං ඒක දන්නවා.මගෙ ඇස් දෙක ඇතුළට වැලි දාලා වගේ පුදුම වේදනාවක්.අත පය හිරිවැටිලා එක ඉරියව්වෙන් ඉදලම.බෙල්ල පිටිපස්සෙන් දැනෙන්නෙ අමුතුම කීරීගැහෙන රිදුමක්.මගෙ පපුව ගැහෙන්නෙත් උවමනාවකින් නෙමෙයි වගේ.මගෙ පන යන්‍තමින් ළඟ තියාගන්න ඕනි නිසා වෙන්නැති මගේ හදවත එහෙම ගැහෙන්නේ.ඇගේ ලේ බිදක් නැතුව වාගේ මාව වෙව්ලනවා.කකුළ් ගල්වෙලා හිරිවැටිලා ගිහිල්ලා.පැය ගානක් එකදිගටම දාගෙන හිටපු shoes නිසා ඇගිලි දැවිල්ලයි.ඇදගෙන හිටපු ඇදුම රතු පාටින් බතික් වෙලා.ඔයාගෙ ඇදුමෙ තියන මෝස්තරේ ලස්සනයි.මං මීට කලින් ඔහොම මෝස්තරයක් දැකලම නැහැ.කවුරුහරි මට එහෙම කියන්න කරුණාකරලා.ඔයාගෙ ඇස් පුදුමෙන් ලොකුවෙලා හෘද ස්පන්ධනේ වැඩිවෙලා,සමහරවිට සිහිනැති වෙන තරම් භයානක උත්තරයක් තියනවා මේ ජියෝන් ජන්කුක් ළඟ කියන්න.

ඔයාගෙ ඇස් පුදුමෙන් ලොකුවෙලා හෘද ස්පන්ධනේ වැඩිවෙලා,සමහරවිට සිහිනැති වෙන තරම් භයානක උත්තරයක් තියනවා මේ ජියෝන් ජන්කුක් ළඟ කියන්න

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඔයා දන්නවද........ඒ සායම්වත්,තීන්තවත් නෙමේ......ඒ ලේ......ඒ වෙනමොකවත් නෙමේ ලේ......තද රතුපාටට දිළිසෙන ලේ......මගේ ඇදුමෙ රටා මවලා තියෙන්නෙ ලස්සන තීන්තවත්,සායම්වත් නෙමේ......ඒ රටා ඇදුනෙ මගෙම සහෝදරයගෙ , මගෙ හොදම යාලුවගෙ,තාත්තෙක්,අයියෙක් වගේ මගෙ ජීවිතේ ළගින්ම හිටපු,මගෙ හුස්ම මගෙන් අයින් කරන්න හිතෙන හැම මොහොතකදිම හදවත වගේ ළග රැදුණු,මගෙ එක කදුළක් වෙනුවෙන් මුළු ආත්මෙන්ම දුක්වුනු,මගෙ එක හිනාවක් ගේන්න , හිනාවක් දකින්න කියාගන්න බැරිතරම් මහන්සිවුනු,මගෙ දිහා බලලා සතුටුවුනු , මගෙ එකම අයිතිය.මගෙ සහෝදරයා , මගෙ යාලුවා,මේ ලෝකෙන් මාව වැඩියෙන්ම තේරුම්ගත්ත කෙනා..........කිම් ටේහියුන්ග්.........
ටේගෙ ලේ විසිරිලා ගියපු ටීෂර්ට් එක දිහා බලාගෙන මං දිගින් දිගටම කල්පනා කළා.හියුන්ලා,ලෝයර්ස්ලා,මැනේජර්ස්ල,හැමෝම එක එක ඒවා කියෝනවා.මට ඒ දේවල් මුකුත් ඇහෙන් නෑ.මට අහන්න ඕනිත් නෑ.දැන් කතාකරන්න කිසිම දෙයක් ඉතුරුවෙලත නැහැ.සැරින් සැරේට එහෙ මෙහෙ දුවන ඩොක්ටස්ලගෙන්,නර්ස්ලගෙන් ජින් හියුන් සැරින් සැරේට මොනවද අහනවා.ඇස් කදුළු වලින් පුරෝගෙන හිටපු හියුන් එකපාරටම කලන්තෙ දැම්මා.මට නැගිටලා එතනට යන්න ඕනි.ඒත් බැහැ.මගෙ කොන්ද ගාවින් අමුතු වේදනාවක් දැනෙනවා.පැය ගානක් බිම වාඩිවෙලා මං ICU එකේ දොර දිහා බලාගෙන ඉන්නවා.මං ඉදගෙන හිටපු තැන විසිරිලා ගියපු ලේ ටයිල් එකේ ගල් වෙලා.මගෙ අතේ සලකුණ සටහන් වෙලා අපූරුවට ඇදිලා තිබුණු ලේ පැල්ලමක් උඩ ඇගිල්ලෙන් පිරිමදිමින් හිනාවෙන මං දිහා එතනින් යන හැම මිනිහෙක්ම පිස්සෙක් ගානට බලාගෙන ගියා.සමහරු එහා පැත්තට ගිහින් හොරෙන් photo ගහගත්තා.මන් දිග සුසුමක් හෙලල ආයෙම මගෙ ටීෂර්ට් එක දිහාවට බැල්මක් හෙලුවා.මගෙ ඇස් ඉස්සරහ කලින් විදිහටම ටේහියුන්ග්ව මැවෙනවා.මගෙ පපුවෙ ගැස්ම වැඩිවෙන්නේ බයටද,දුකටද කියලා මටම තේරුම්ගන්න බැහැ.මට මතකයි ටේහියුන්ග් අත වැනුවා මට අවසාන වතාවට.ඒ හුරතල් මූනෙ ඇදුනු ඒ ලස්සන කොටු හිනාව.ඒ දිග ඇගිලි තාලෙට වැනුනු අපූරුව.ඒත් එක්කම ලේ විලක් මැදට ඇදන් වැටුනු ටේහියුන්ග්.......ඇස් වලින් කටින් ගලපු ලේ ගග.අමාරුවෙන් වුනත් අවසාන වතාවටත් ඒ ඇස් මා එක්ක හිනාවුනා.ඒ ඇස්වල ලියවිලා තිබුනා මං හැමදාම මගේ මල්ලිට ආදරෙයි කියන ඒ ලස්සන අහිංසක හැගීම.ඒ බැල්මෙ ලොකු පසුතැවීමක් තිබුණත් මට දැනුනා එයා ජීවත්වෙන්න දරපු උත්සහය.එයාගෙ හුස්ම එයාගෙන් ගිලිහෙන එක වළක්වන්න දරපු මහන්සිය.ටේහියුන්ග් අමාරුවෙන් හුස්ම උඩ පහළ ඇදපු විදිහ මගෙ ඔලුවෙ කැරකෙනවා.ටේහියුන්ට කොච්චර අමාරුවක් වේදනාවක් දැනෙන්න ඇතිද.ටේහියුන්ගෙ ඔලුවෙන් කොච්චරනම් ලේ ගැලුවද දෙවියනේ.
..........ආහ්හ්හ්.........ඇයි මං එයාට එන්න කිව්වේ.......සමහරවිට .........සමහරවිට ........මං එන්න නොකිව්වනම් ටේහියුන්ග්ට මෙච්චරම වේදනාවක් අද නැහැ නේද.මම මහා පව්කාරයෙක්.......ජන්කුක් කියන්නෙ උපතින්ම මහ පව්කාර මිනිහෙක්.ඇයි මං මැරිලා නොගියේ.ඇයි ඇයි........මන් මේ ලෝකෙට ආවේ.මට මතකයි ඒ ඇගිලි අවසාන වතාවට මගෙ කොන්ඩෙ වැදිලා කඩාවැටුනු හැටි.මං මගෙ නළල ඉස්සරහින් වැවිලා තිබුනු කොන්ඩ කෑල්ලක් ඇදලා ඇස් අමාරුවෙන් කරකවලා උඩ බැලුවා.මගෙ ටේහියුන්ගෙ අතින් අවසාන වතාවට ඇල්ලුනු ඔයාව මං කවදාවත් අයින් කරන් නැහැ.මං මහ හයියෙන් කෑගැහුවා.මං පිස්සෙක් ගානයි දැන්.මං මගෙ කොට කොන්ඩෙ ඉස්සරහින් ඇද ඇද කටට ළංකරගන්න හැදුවෙ සිපගන්න.මගෙ නළල ගාවින් දැවිල්ලයි.මං දිගටම ඇදපු නිසා ඇගිලි අතරට ගැළවිලා ආපු කෙස් ගස් දෙක තුනක් මං පරිස්සමට දෙතොල් වෙත ළංකලා.මං හිනාවෙනවා.තනියෙන්.මට කෑගහන්න ඕනි.ඔව් මගෙ පපුවෙ හුස්ම පිරිලා.මට ඒ ටික පිටකරන්න ඕනි.මං මගෙ ඇගිලි සටහන් වැදුනු ලේ පැල්ලම නැමිලා සිපගත්තා.ඒ මත ඔලුව තියාගෙන මං ආපහු හිනාවෙනවා.මට ඒක නවත්තන්න බැහැ.
............ටේටේ........මං එනවා.......ඔයාට මගෙන් හැංගෙන්න බෑ.......හූ.......හූ......ඔයාගෙ කුක්කා ඔයාව කෝමත් හොයාගන්නවා......අල්ලගෙන මං ඔයාගෙ මූන........ම්ම්ම්ම්ම්..........ආහ්හ්......

❤️💔....𝙒𝙞𝙩𝙝 𝙮𝙤𝙪 𝙒𝙞𝙩𝙝𝙤𝙪𝙩 𝙮𝙤𝙪....❤️💔  (𝗼𝗻 𝗵𝗼𝗹𝗱)Where stories live. Discover now