❤️💔...I feel you(Chapter 08)...❤️💔

171 38 25
                                    

"ජන්කුක්.........තමුසෙ.......යනව.....දැන්මම.......මෙහෙන්.....යනවා..........ආහ්හ්හ්හ්හ්හ්හ්හ්හ්"

ජන්කුක් ආපහු මාව ඇද්ද පාරට මං නැවතුනේ එයාගෙ උකුලෙ ඉන්දවිලා.ජන්කුක් නිසා කීප වතාවක්ම එහාට මෙහාට විසික්වෙලා වැදිලා තිබුණු මගෙ කොන්දෙන් පුදුම වේදනාවක් දැනුනා.අතත් ඇඹරිලා.ගහෙන් වැටුනු මිනිහට ගොනත් ඇන්නා කියන්නෙ මේ වගේ වෙලාවට වෙන්නැති.එතකොට මෙතන ගොනා ජන්කුක් වෙන්න ඕනි.කවුරු කොහොම කිව්වත් ඇත්ත කියල තියෙනව.හාවෙක් නෙමේ ගොනෙක්.😡..........මං ඇස් දෙක අරින්නෙ නැතුවම හිත යටින් ජන්කුක්ට බැන බැන හිටියෙ ඇස් ඇරියොත් මට ආපහු කේන්ති යන නිසා.ජන්කුක්ගෙනුත් කිසිම සද්දයක් නැහැ.ඊළගට මොන විකාරයක් නටන්නද දන්නෑ හදන්නෙ.මට එහෙම හිතෙද්දි කල්පනා වුනු එක එක ඒවා නිසා උගුරෙන් පහළ සීතල වෙලා ගියා.ඇස් වහගෙන ඉන්න එක නවත්තලා ඕන එකක් වෙන්න කියලා මං ඇස් ඇරලා ජන්කුක් දිහා බැලුවා.
ජන්කුක් සෝෆා එකට ඔළුව හේත්තු කරගෙන.......ඇස් දෙක තදට වැහිලා ගිහින්.පියවිලා ගියපු ඇස් අගිස්සෙන් වැක්කෙරුනු කදුළු බිංදුවක් ජන්කුක්ගෙ රතු වුනු කන ළගින් පහළට රූටලා ගියා.මං පොඩ්ඩක් කෙලින් වෙලා ජන්කුක් දිහා හොදින් බලද්දියි දැක්කෙ මෙච්චර වෙලා කෑගගහා පිස්සු නටපු කොල්ලා හොදටම අඩනවා.කිසිම සද්දයක් ඇහෙන්නෙ නැති වෙන්න තුවාල වෙලා තිබ්බ තොල් දෙකත් එකට තදකරගෙන ජන්කුක් අඩනවා.මෙච්චර වෙලා තිබ්බ කේන්තිය කොහෙදෝ ගිහින් මගේ පපුව සීතල වෙලා ගියෙ ඇස් දෙකට කදුළු පිරෙද්දි. මං එයාට නපුරු වුනා වැඩිද........ටේ ගැන කල්පනා කරද්දි මං ලගින් හැමතිස්සෙම ඉදගෙන හිත හැදුවෙ ජන්කුක්.......මට ඕනිතරම් අඩන්න ඉඩදීලා මං ළගින්ම යාළුවෙක් වගේ හිටියෙ ජන්කුක්.......කිසි කෙනෙක්ට නොකිව්වට එයා ළගින් ඉද්දි මට දැනුනෙ සහනයක් හැම වෙලාවකම. තරහින් හිටියත් මේ මොහොතෙ වුනත් ජන්කුක් නිසා මට ප්‍රශ්න සේරම අමතක වෙලා ගියා.මේ දවස් දෙක තුනට එයා මගෙ ජීවිතේ ගෙවාගන්න අමාරු වුනු හැම මොහොතකම මගෙ ළගින්ම ඉදලා , හරියට හෙවනැල්ලක් වගේ.මගෙ ඇස් වලිනුත් කදුළු බේරෙනවා.ජන්කුක්ගෙන් මට අහන්න තිබ්බා මොනාද වුනේ කියලා . එයාට කවුරු හරි කරදරයක්වත් කරන්න හැදුවද..........අර ගෑනු කෙනෙක් ගැන කියෙව්ව නේද මෙයා........අයියෝ......ඇයි මට ජන්කුක් එක්ක ඒ ගැන කතා කරන්න බැරි වුනේ......ජන්කුක් අඩන්නෙ.....සමහරවිට මේ ඒ නිසාද.......

❤️💔....𝙒𝙞𝙩𝙝 𝙮𝙤𝙪 𝙒𝙞𝙩𝙝𝙤𝙪𝙩 𝙮𝙤𝙪....❤️💔  (𝗼𝗻 𝗵𝗼𝗹𝗱)Wo Geschichten leben. Entdecke jetzt